Tuesday, 3 January 2012
අවස්ථිතියෙන් මිදී....
පෑනයි කොලයයි අතර අඟලක ඉඩක්.... දිග... විනාඩි ගාණකට පස්සෙත් ඒක ඒ විධියටමයි.
සුපුරුදු ඇඟිලි දෙක අතරෙ අවසාන වෙන්න කිට්ටු දැල්වෙන දුම්වැටියක් රැඳුණු අනෙක් අත තිබුණෙ නිකටට තද වෙලා. අඟල් තුන්කාලක අළු දුම්වැටියෙ කෙලවර රැඳිලා.
විදුලි ලාම්පුවෙන් විහිදෙන එලි තීරුවක් කම්මුල එලිය කරලා....
ඒක උවමනා නම් පොතක පසු කවරෙ දාන්න පුළුවන් පින්තූරයක්... නැත්තං හොඳ පැතිකඩ ඡායාරූපයක්...
ලියන්න ඕන වෙනස්ම ලියවිල්ලක්...
ඔහු මුලින් හිතුවෙ එහෙම.
එහෙම හිතලා ලියන්න හිතපු ලියවිල්ල තවම ආරම්භ වෙලා නෑ... ලියන්න ඕන විධිය ගැන හිතුනට පේන්නෙ නම් ලියන්න දෙයක් හිතට නොඑන බවක්... තවමත් කොලයයි පෑනයි අතරෙ අඟලක ඉඩක්...
ඉලව් අවස්ථිතිය... පැතිකඩ රූපයි, විදුලි එලියයි, දුමයි එක්ක ඉදිරියට නොයන්නම හිරවුණ හිත...
ඔහු ඉරියව්ව වෙනස් කරල දුම්වැටියෙ අළු කැඩුවා.
ඊට පස්සෙ දිග දුම් උගුරක්. පෙනහළු වල ගර්ත සේරම පිරිල යන්න...
වෙනස්ම ලියවිල්ලක්? හැම වෙලේම ලියන්න පටන්ගන්නෙ එහෙම. ඒත් ලියවෙන්නෙ හැම වෙලේම එකම දේවල් ටිකක් ගැන. එකම විධියට. වෙනසක් නැතුවම...
සමහර විට ඒ චරිත එකිනෙකින් වෙනස් ඇති. මිනිස්සු ඒ චරිත වලට කැමති ඇති. ඉතිහාසෙ පුරාම වෙන්න ඇත්තෙ එහෙම වෙන්න ඇති.
අවසන් වුනු දුම් වැටිය නිවල පොඩි කරපු ඔහු පුටුවෙන් නැගිට්ටා. බෝල රාමුවෙ එල්ලුණ කෝට් එක දාගෙන කාමරයෙන් එලියට අඩිය තිබ්බා. ඔහුගෙ ගත පුරා දැවටුණෙ උහුලගන්න අමාරු දෙසැම්බර් සීතලක්. ඒක තෙතමනයක් නැති වියලි සීතලක්. ඒ සීතලේ ගැහෙන්න පටන්ගන්න කලින් ඔහුගෙ අත ආයෙමත් දුම් වැටියක් හෙව්වා.
නිවසේ ඉදිරි වැට උඩ ඉඳගත්තු ඔහු වලාකුළෙන් වැහුණු අඳුරු අහසට දුම් උගුරක් විද්දා... ඒ දුමින් කිසි දෙයක් මැවුණෙ නෑ. පාවෙන රුවල් නැවක්, මායාකාරියක්, හිම මිනිහෙක්.... කිසි දෙයක් මැවුණෙ නෑ...
ඒත් ඒ දුම වියැකිලා යද්දි වලාකුළු අතරෙ ඔහුට එක තරුවක් පෙණුනා.
ඔහු ඒක දැක්කෙ අද. මේ දැන්.
ඒක අළුත් තරුවක්.
ඒත් ඒ තරුව ඊයෙත් පායන්න ඇති... හැමදාම පායන්න ඇති. ඒක ඔහුට අළුත් වුණේ ඔහු ඒක අද දැකපු නිසා මිස තරුව අළුත් නිසා නෙවෙයි.
ඒ මොහොතෙදි ඒ තරුව කවදාවත් නොදිලුණ තරම් දිලිසෙන්න ගත්තා. තරුවේ එලියෙන් ආයෙමත් ඔහුගෙ අනර්ඝ පැතිකඩ රූපයක් මැවුණා.
වෙනස් වෙන්නෙ මම! වටපිටාව හැමදාම එකවගේ... නැත්තං අඩුගානෙ වටපිටාවෙ වෙන වෙනස්කම් දිග කාලයක් පුරා වෙන නිසා ඒව එකපාරම දැණෙන්නෙ නෑ.
ඔහුට එහෙම හිතුණ. ඒක බොහොම වතාවක් හිතිල තියෙන දෙයක් බවත්, මේ මොහොතෙ ආයෙම ඒක මතක් වුණ බවත් ඔහුට ඒ එක්කම මතක් වුණා.
මල ඉලව්ව!
ඔහු දුම් වැටියෙ කොටේ ඉවතට විසි කරල නැගිට්ටා... ආයෙමත් කාමරේට වැදුණ.
පෑනයි කොලයයි අතරෙ ඉඩ ආයෙමත් විනාඩි ගාණක තිස්සෙ පැවතුණා....
ඊට පස්සෙ කොලය මත ගැටුණ පෑනෙ තීන්ත නොකඩවා ගලාගෙන ගියා.
| සුවඳ බලන්ඩ වෙලා නෑ.... |
Tuesday, 13 December 2011
සුද්දන්ගෙ සංගීත පිඟානක්....
සංගීතය කෑමක් නොවෙන්නෙ ඒක කෑමට නොගන්නවනම්. නමුත් උවමනා නම් කෙනෙකුට කන්න බැරි දෙයකුත් නැති තරම්. සංගීතය කියන එක සින්දු වලින් ගලවගෙන රස විඳින කොට ඒක කෑමක් වෙනවා විතරක් නොවී ලෝකෙ පුරාම කරක් ගහමින් තවත් රසය හොයන්න පොළඹවන කාරණයක් වෙනවා.
ඒ නිසාම සින්දු කියන රාමුවෙන් සංගීතය නිදහස් කරගත්තම මල වදයක්. ඒක ඇත්තටම කෙනෙක්ව පැත්තකට කරල විනාශ කරල දාන එකක්.
ෂහ්! මාත් ආසයි රේඩියෝ එකේ පැයකට සැරයක් යන සින්දු ටිකම ෆෝන් එකට දාගෙනත් අහමින් සැනසිල්ලෙ ඉන්න පුළුවන් වුණානම්. ඒත් මේ හෙවිල්ලේ අසනීපයත් එක්ක එහෙම එක තැනක පොඩි පොඩි රවුම් ගහමින් ඉන්න එක අමාරු වැඩක්.
සමහර මිනිස්සුන්ට සංගීතය තේරෙන්නෙ නෑළු. ඒ නිසා තමන් දන්න වචන සෙට් එක ඔන්න ඔහේ තාලෙකට කියාගෙන යද්දි එක මාර ආතල් එකක් වෙනවා. හැමෝම එකම වචන ටිකම වෙනස් තාල වලින් කියනවා. වචන වලින් සංගීතය විනාශ කරල තියෙද්දි ආයෙ කොහෙද ඒක තේරෙන්නේ.
ඇත්තටම මිනිස්සුන්ට එදිනෙදා උවමනා වෙන්නෙ බොහොම සීමිත වචන ටිකක්. එක තැන ජීවත් වෙන්න ගත්තම ඕන මිනිහෙක්ට ඒක වෙනවා. නමුත් තේරෙන ඒව සහ නොතේරෙන ඒවට අමතරව මිනිහෙක්ට දැණෙන දේවල් ඕන තරම් තියෙනවා. ඒ දැණෙන දේවල් වල තේරුමක් ඇත්තටම නැති වෙන්න පුළුවන්. සංගීතයත් වෙලාවකට කිසිම තේරුමක් නැති එකක්. නිකං හැඟීමක්. වචන වලින් නිර්වචනය කරන්න බැරිවුණ හැඟීමක්. ඒක දැණෙනවා විතරයි. කාටවත් කියන්නත් බැරි නම් ලත වෙන්නැතිව ඔහේ විඳගෙන ඉන්න පුළුවන් එකක්.
ලෝකෙ කිසි දේක තේරුමක් නැති එකේ සින්දු වල තේරුම ගැන විතරක් උනන්දු වෙන්නෙ මොකටද? ඔන්න ඔහේ විඳිනව මිස. කෙල්ලන්ව මල් වගේ විතරක්ම කරල තියෙනකොට, ඒ මල් මල් ගීත වමනය ඇති කරවන තරම් එපා වෙලා බෝරිං වෙලා නතර වෙලා තියෙද්දි අහන්න හිතෙනවා ආදරේට හෙණ ගහපන් කියල කියන සින්දුවක්. ඒක කියන්නෙ ඩැඩීලගෙ විරේෂ් කුරේ...
කතාව කවදාවත් ඉවර වෙන්නෙ නෑ. ලංකාවෙ කොල්ලන්ට කෙල්ලන්ට ආදරණීය විවෘත ලිංගික ගණුදෙනුවක් හදාගන්න බැරිව සංස්කෘතික අටමගුල් හැටහුටාමාරක් එක්ක ගැටෙද්දි ඒක කියාගන්න බැරිව වටේ කැරකෙන මල් සින්දු වලට හෙණම ගහපන්... කියල මට කියන්න බැරි ලංකාව තවම සංවර්ධනය වෙමින් පවතින රටක් හින්දා... ඒ වුණාට ලංකාවෙදි ගැහැණු පිරිමි අතරෙ එහෙම සංස්කෘතියකට ආශ්චර්යය උදාවෙන පාටක් පේන තෙක්මානෙක නැති නිසා තව පරම්පරාවක් දෙකක්වත් ඔය මල් වලට ලොල් වෙයි.
ලෝකෙ තියෙන සුන්දරම සංගීතයන් තියෙනවයි කියල මම විශ්වාස කරන්නෙ බටහිර ලතින් ඇමරිකානු රටවල. ඔය චිලී, පේරු වගේ. ඒවයෙ මුල් තියෙන්නෙ යුරෝපයෙ වෙන්න පුළුවන්. පෘතුගාලයේ, ස්පාඥ්ඤයේ සහ ප්‍රංශයේ. කියුබාව කියන්නෙත් ලතින් ඇමරිකානු රටක්. චේ නොහිටින්න අපි එහෙම රටක් ගැනත් නොදැන ඉන්න තිබුණා. කොහොම නමුත් ඒක තියෙන්නෙ දකුණු ඇමරිකාවෙ නැගෙනහිරට වෙන්න. කියුබාවෙ අගනුවර වෙන හවානා නුවර 1940 ඉඳන් 1990 වගේ වෙනකල් තිබුණ සමාජ ශාලාවක් තමයි Buena Vista Social Club කියන්නෙ. මේක ඒ දවස්වල සංගීතකාරයො, නැට්ටුක්කාරයො හොඳට සෙල්ලම් පෙන්නපු තැනක්. ඒ වගේම කියුබානු සංගීතයෙ අනන්‍යතාවය රැඳුණ තැනක්. මෙතන දැන් වැහිලා. හොයාගන්නත් බැරි තරමට කියුබාවෙ පැවතුණ අනන්‍ය සංගීතය තියෙන්නෙ මියැදෙමින්. ඒ අක්මුල් හොයන්න කරපු උත්සාහයක ප්‍රතිඵලයක් වුණේ Buena Vista Social Club කියන ගීත ඇල්බමය. මේ ඇල්බමයට සහභාගි වෙන බොහොමයන් ශිල්පීන් කියුබාවෙ මියැදෙන සංගීත රටාවන්වල අවසාන පුරුක්. මේ නමින්ම පස්සෙ හැදෙන Buena Vista Social Club (1999) වාර්තා චිත්‍රපටිය ගැන මෙතන නොකියා ඉන්නම්.
මේ තියෙන්නෙ Buena Vista Social Club ඇල්බමය ලෝකයට අරගෙන ගිය අපි නොදන්නව වුණාට දන්න අය දැනගෙන හිටපු Chan Chan ගීතය.
මේක Ibrahim Ferrer කියන De camino a la vereda. මම කියන්නෙ පෙරේරගෙ සින්දුව කියල. මේ ගිතයෙ Ibrahim Ferrerගෙ කටහඬේ විචලනයන් මාව මේකට ගැටගහල.
එතකොට මේක හුරු පුරුදු ඇති. අපේ භාතිය සන්තුෂ් එක්ක රූකාන්ත මේ තනුවෙ කෑල්ලකින් සින්දුවක් කියනවනේ.
දැන් එන්නෙ ලෝකෙ තවත් සුන්දර සංගීතමය සංස්කෘතියක් තියෙනවය කියල මම හිතන අයර්ලන්තයට. අපි පිස්සුවෙන් බලපු රොබින් හුඩ් එකේ සංගීතය කරපු Clannad, එතකොට ඔය කසුන් කල්හාර රිදම් කෑලි උස්සනවයි කියල චෝදනා කරන Corrs වගේ කණ්ඩායම් බිහිවෙන්නෙ අයර්ලන්තයෙ. මේ රටේ අනන්‍යතාවය තියෙන සංගීතය හඳුන්වන්නෙ Irish හෝ Celtic කියල. Irish folk music, නැත්තං අයර්ලන්ත ජන ගීත ලෝකයෙ ගොඩක් නිර්මාණ වලට දායක වෙලා තියෙනව. ඒවට අයිතිකාරයො නැති නිසා සහ ඒව අදටත් වින්දනීය නිසා ලෝකයෙ ඉන්න නිර්මාණකාරයො අයර්ලන්ත ජන ගී තමන්ගෙ නිර්මාණ වලට අදටත් යොදාගන්නව. මේ වර්ගයේ සංගීතය අමතක වෙලා තිබිල මෑතකදි ඔළුවට පොල්ලකින් ගැහුව වගේ වැදුණෙ Orthodox Celts කණ්ඩායමේ ඇල්බම් කීපයක්ම අහන්න ලැබුණ හින්ද. ඔවුන් අයර්ලන්ත ගීත නිර්මාණය කලාට ඇත්තටම ඔවුන් සර්බියානු සංගීත කණ්ඩායමක්. ඔවුන්ගෙ ගොඩක් නිර්මාණ පැරණි ජන ගී වල ප්‍රතිනිර්මාණ, නැත්තං අපි cover versions කියල කියන ඒවා. නමුත් Orthodox Celts ඒවට ඔවුන්ගෙ වර්ණ නොසෑහෙන්න මිශ්‍ර කරල තියෙනව.
මේක මේ ලස්සන ගෑණු ළමයෙක්ට වහ වැටිල කියන සින්දුවක්.... Star Of The County Down නමින් හොයල බැළුවොත් මේ සින්දුවෙ අනුවාද ගණනාවක්ම එක එක සංගීතවේදීන් විසින් කරල තියෙන බව පෙනෙයි.
ඒ සින්දුවෙ ඉන්න ගෑණු ළමය තමයි මේක කියන්නෙ. එයා කොහෙදෝ හිර වෙලා... එතනින් එළියට ගන්නලු.
බලන්න වයලීනයත් එක්ක අතරමං වෙන්න පුළුවන්ද කියල...
එතකොට ලංකාවෙ ගල් සංගීතය ගැන කියද්දි ඔළුව අතගාල ටොකු අනින ස්කිට්සෝලට රම්බො හම්බවෙලා තියෙනව තෝසෙ කඩේක ප්ලේන්ටියක් ගගහ ඉන්නකොට! ඒ කතාවත් බලමු!
දන්නවනෙ වීරයො මැරිල කියල. ඉන්න උනුත් වීරකම් පෙන්නන්නෙ නැති බැරි උන්ටමයි. ඒ තරමට වීරයො ජෙනරලයිස් වෙලා...
Buena Vista Social Club එක්ක Orthodox Celts ඇල්බම් මට දුන්නෙ අපේ ලබෙන් හෙවත් ආගන්තු:කයා. උගෙන් මේ ටික අරන් ඌත් එක්කම හෙඩ් ඔෆිස් එකේ වට මේසෙ ඉඳගෙන දුමක් එක්ක මේ ටිකේ මුල්ම කොටස් අහද්දිම මම දැනගත්ත මගේ අතින් ඒ සංගීතය ගැන මෙහෙම බලු ලියවිල්ලක් ලියවෙනව කියල. La ben ටත් ඒක කවුද මන්දා දුන්නලු. කොහොම හරි මට ඒ ඇල්බම් කීපය සංගීතමය නිධානයක් වුණා. හරියට මාස ගාණක් පරිප්පුයි බතුයිම කකා ඉඳල එකපාර ෆ්‍රයිඩ් රයිස් එකක් දැක්කම එන හැඟීමෙම වෙන වර්ෂන් එකක්.
මේ ලියල තියෙන එව්ව ගැන මම දන්න ඉලව්වකුත් නෑ ලාවට එහෙං මෙහෙං කියවල දැනගත්තුව මිසක්. මොකද ඔය හෙවිල්ල අස්සෙ තමයි අළුත් එව්ව මාට්ටු වෙන්නේ... ඒ නිසා වැරැද්දක් තියෙනවනං පෙන්නුවොත් හොඳා.....

දිරවපුවා -
Buena Vista Social Club,
Celtic,
Clannad,
Cuba,
culture,
Daddy band,
Irish folk,
Kasun Kalhara,
Latin America,
Love,
music,
Orthodox Celts,
sex,
Skitzo,
songs,
sri lanka,
The Corrs,
Viresh Cooray
| සුවඳ බලන්ඩ වෙලා නෑ.... |
Wednesday, 28 September 2011
පිස්සෙක්...!
පිස්සාව මා දන්නෙ සැලකිය යුතු කලක පටන්ය. වසර ගණනාවක්ම ඔහු එදිනෙදා මට හමුවී ඇත. ඒ බොහෝවිට අපි කතා කර ඇත. ලෝකයේ ඇති විවිධ දේ ගැන ඔහුගේම දෘෂ්ඨියකින් දකින ඔහුට ඇත්තෙන්ම ඇති පිස්සුවක් නැත. නමුත් ඔහුගේ දෘෂ්ඨිය පිහිටා ඇත්තේ මාත් ඔබත් අන් අයත් ඇතුලත් සාමාන්‍ය සිතීමේ අවකාශයට පරිබාහිරින්ය. අපට ඔහු දකින ලෙසින් දකින්නට හැකියාවක් නැත. නමුත් ඔහුට අප දකින දේත් ඉක්මවා දේවල් පෙනේ. එමෙන්ම ඒ ගැන විමසිලිමත් අයවලුන් හා තම අදහස් කියවයි.
සත්තකින්ම ඔහුට පිස්සෙක් යැයි කීමට මගේ දිව නැමෙන්නේ නැත.
එහෙත් අන් සියල්ලෝම ඔහුට පිස්සා යැයි අමතන නියාවෙන් මම ද ඔහු පිස්සෙක් කොට සැලකීමට පුරුදුව හිඳිමි.
මන්ද ඔහු හා එක්ව තවත් පිස්සෙක් වීමට මට උවමනා නැති බැවිණි. නැතහොත් මා කුහකයෙකු බැවිණි.
පිස්සා රැකියාවක් කරයි. ඒ පින්තූර වෙනස් කර දීමයි. ඔහු ජීවත් වන නගරයේ මුඩුක්කු පරිසරයේ වෙසෙන නීතියෙන් අවිවාහක, නොඑසේ නම් විවාහ ඡායාරූපයක් නොමැති යුවල සොයා මංගල ඡායාරූපය ඩිජිටල් ක්‍රමයට ඔවුනට සකස් කර දී පිස්සා මුදලක් ගනී. ඒ වෙනුවෙන් ඔහුට අවශ්‍ය වන්නේ පෙර කී යුවලගේ ඡායාරූප දෙකක් පමණි. ඒවාත් රැගෙන මා හමුවට එන ඔහු මා ලවා එම යුවලට පරිගණකයෙන් සාරි සහ කෝට් අන්දවා කොණ්ඩය කළු කොට, සෙවණැලි මකා, ඇහි බැම හදා, තොල් සායම් උලා තම පින්තූරය සකස් කරවාගනියි. පසුව එය මුදල්කර ගනී. ඒ ආකාරයෙන් පින්තූර සකසා දීමට අගනුවර ඇති විවිධ පරිසරයන්හි සැරිසරමින් නෛතිකව අවිවාහක හෝ මංගල ඡායාරූප නොමැති යුවල සොයයි. තම මවත් සමග නගරයේ මධ්‍යයේ කුඩා මුඩුක්කුවක තනිව වෙසෙන ඔහුට ඒ මගින් ලැබෙන ආදායම ප්‍රමාණවත්ය. මා සමග කියා ඇති පරිදි නගරයේ පන්සලේ පුස්ථකාලයේ කියවමින් ගෙවන දිනයක පන්සලේ දානයද ඔහුට ප්‍රමාණවත්ය. එසේම කීප වතාවක් මටද හමුවන්නට ඇරයුම් කර ඇති වෛශ්‍යාවන් කීප දෙනෙකු ඔහුගේ මෛථුන්‍ය අවශ්‍යතා පිරිමසයි.
නමුත් ඔහු පිස්සකු වීමෙන් වලකන්නට එය ප්‍රමාණවත් වූයේ නැත. ඔහුව දන්නා, ඔහුගේ කීම් අසා ඇති කවුරුත් ඔහුට පිස්සා යැයි කියයි. ඔහු එය සිනාවෙන් පිලිගන්නා මුත් කණකට නොගනී.
තම පින්තූරය මා ලවා සාදාගන්නා පැය භාගයක, පැයක පමණ කාලය ඔහුට මා සමග තම දාර්ශනික කතා කීමට අවකාශ සලසයි. මා අති දක්ෂ සවන් දෙන්නකු බැවින් හා මට නොදැණෙන දෑ බොහෝමයකට මා අසංවේදී බැවින් ඔහු මා ප්‍රිය කරයි. මා ද කම්මැලිකමෙන් මිදීමට ඔහු කියවන ඕනෑම දෙයක් අසන්නට සූදානම් වෙයි. එහිදී ඔහු නගන විවිධ ප්‍රශ්ණ තුල අතරමං වන මා කරමින් සිටින රාජකාරිය කරන්නේ හුරුවෙනි. Photoshop මෘදුකාංගයේ පින්තූර සංස්කරණය කරන අතර බොහෝවිට මම ඊට විශාල අවධානයක් යොමු කරන්නේ නැත. එය මා හට පයිත්තියන් වී තිබූ බැවින් මම අනිච්ඡානුගවම එය කරන්නට හැකි වූවෙක් වීමි. එබැවින් පිස්සා ළඟ ඇති විට මා අවධානයෙන් කරන්නේ ඔහු නගන ගැටළු වලට පිලිතුරු සෙවීමයි.
පසුගිය දිනෙක පිස්සා මා වෙත එල්ල කලේ ප්‍රශ්නාවලියකි. ඒ අවසන තම ගැටයට ඔහු මා හසු කරගත්තේය.
"ජීවිතේ කියන්නෙ මොකක්ද පුතා?"
"ජීවිතේ...???"
මම කල්පනා කරමි. මා ඒ පිළිබඳව සිතා නැත. සිතා තිබුණත් ජීවිතය යන්න තනි වාක්‍යයකින් විග්‍රහ කල හැක්කක්ද?
"ඒක එහෙම මොකක්ද කියල කියන්න බෑනේ..."
මම ගැටළුවෙන් ලිස්සා යාමට තැත් කරමි.
"හරි... ජීවිතේ අරමුණ මොකක්ද?"
පිස්සා නැවත අසයි.
"ජීවත් වෙන එක තමයි..."
මම එකවරම පිලිතුරු දුනිමි. එය බොහෝ දුරට නිවැරදි විය යුතුය. ජීවත් වීමට වඩා අරමුණක් ජීවිතයට තිබිය නොහැක. මරණින් මතු ඇතැයි සිතන සංකල්පීය සුගතිය හෝ අගතිය වෙනුවෙන් වර්තමානය විනාශ කරගෙන ඇති ලෝකයක මා කිසිදු ආගමකට අයත් නොවූවෙක් බැවින් ආගමික පැහැදිලි කිරීම් මා දැන සිටියේ නැත.
"ඒ කියන්නෙ ඒක රවුමක් වගේ එකක් නේද පුතා.."
පිස්සා ඔහු කියන දේ පිලිබඳව සැලකිය යුතු තරමකින් සිතා ඇති බව මම දනිමි. ඔහු ක්‍රමයෙන් මතවාදය ගොඩනගන්නේ ඔහුට උවමනා තැනට මා ගෙන ඒමටය. නමුත් මා ඔහු තරම් ඒ පිළිබඳව සිතා නැත.
"ඒ කිව්වේ?"
මම අසමි.
"ඒ කියන්නෙ ජීවිතේ කියන එක නිර්වචනය කරන්න අපට ජීවිතේම ප්‍රයෝජනයට ගන්න වෙනවනේ. මුල කෝකද අග කෝකද කියල හොයන්න බැරි රවුමක් වගේ ජීවිතය ඒක වටේම කැරකෙනව."
"හ්ම්..."
මම කියමි. එය මට සහමුලින්ම වැටහුනේ නැත. නමුත් එය මා ඉගෙන ඇති if, then, else වැනි ලූපයක් එය තුලදී ම නැවත කැඳවීමක් වැන්නකි.
"ජීවිතේ අරමුණ තමයි ඒක පවත්වගැනීම. ඒකනේ පුතා මිනිස්සු ඇතුලත්ව ඔය ගහ කොල, සත්තු හැමදේම ජීවිතය පවත්වගන්න උත්සාහ කරන්නේ..."
පිස්සා පවසන දෙයට විරුද්ධ තර්කයක් ගොඩනැගීමට මට නොහැක. මෙහිදී ඔහුට සවන් දීම වඩා සුදුසු දෙයයි.
"විශ්වයේම තියෙන මූලධර්මයක් තමයි ඔය මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි කියන එක. විශ්වය සහ ජීවය ආරම්භ වෙන්නෙම ඒ මූලධර්මය මත. මොකද ඒව නැත්තං මුකුත් නෑනේ..."
පිස්සා හොඳ කියවන්නෙක් බව මම දැන සිටියෙමි. යම් හෙයකින් ඔහුගේ අධ්‍යාපන සහතික දුටුවේ නම් මා පුදුමයෙන් වික්ෂිප්ත වන්නට ඉඩ තිබෙන්නට හැකියාවක් ඇත. ඔහු ලෝකයේ බොහෝ දේවල් පිළිබඳව ලබා ඇති දැනුම සහතිකයකින් මිණිය නොහැකි බව මම සිතමි. නමුත් ඒ වෙනුවට ඔහුට 'පිස්සා' යන ගෞරව නාමය ලැබී තිබේ.
"හැමෝම ආසයි ජීවත් වෙන්න. මිනිස්සු, සත්තු වගේම ගහ කොලත් කැමතියි ජීවත් වෙන්න."
ඔහු නොනවත්වා කියවයි.
"ගහ කොල?"
මම අසමි. මා දන්නා ගහ කොල පණ නැති අජීවී වස්තූන්ය. ඒවාට ජීවිතය පිළිබඳ හැඟීමක් තිබිය නොහැක.
"ගහ කොල වලට පණ තියෙනවා. ඒවත් ජීවි කොටසක් කියල පාඩම් පොත් වලින් ඉගෙනගෙන නැද්ද?"
ඔහු අසයි. පින්තූරයේ මනාලියගේ මුහුණේ කුරුලෑ ලප stamp ටූලයෙන් මකන අතර මම මතකය අවදි කරමි. ශාකවලට පරිභවයෙන් සහ ආදරයෙන් අමතා ඉන් නිකුත් වන විද්‍යත් ආරෝපන වල වෙනස සෙවීම සම්බන්ධ පරීක්ෂණයක් කල විද්වතෙකු ගැන සටහනක් ඉංග්‍රීසි පාඩම් පොතක තිබුණා මතකය. එහි අවසානයේ ශාකවලට හැඟීමක් වැනි දෙයක් දැණෙන බවක් නිගමනය කර තිබුණි.
"හප්පා..."
මට කියවුණි. ඉහත තර්කය අනුව ගස්කොලන් වලට ප්‍රාණයක් තිබේ. එම ප්‍රාණය සහිත වූ ගහ කොල මා ආහාරයට ගනිමි. මා නිර්මාංශකයකු නොවූවත් මාංශය යන්න අර්ථකථනය කිරීමේදී මා අනුගමනය කර තිබුණේද සම්මත ක්‍රමයයි. එනම් මාංශය වනාහි දුවන පනින කෑ ගසන සත්ත්වයින්ගේ මාංශය ලෙසයි. නමුත් අද දින දහවල මා අනුභව කල පිපිඤ්ඤා පෙත්ත මාංශයකි. පරිප්පු ව්‍යංජනය මාංශයෙන් සැදී ඇත. නොකා ඉවත් කල කරපිංචා කොල කීපය මාංශයි. ඒවායේ යුෂ මා උරා බී ඇත. එකම වෙනස වන්නේ ඒවා සත්ත්ව මාංශ නොවීමයි. නමුත් ඒවාත් මාංශ ලෙස වර්ග කලහොත් නිර්මාංශකයන්.....?
"එහෙනම් ඔය නිර්මාංශ කට්ටියට කන්න දෙයක් නැති වෙනවනේ...?"
මා කීවේ ජයග්‍රාහී හැඟීමෙනි. අවසානයේ ඔහු ගොඩනගන තර්කය බිඳ දැමීමට සමත් අදහසක් මට පහල වී ඇත. ශාක සහ සත්ත්ව කොටස් වලින් සාදන සියළු ආහාර මාංශ ලෙස සලකන සන්ධර්භයේදී නිර්මාංශභක්ෂකයින් සියල්ලන්ටම හීන් දහදියක් දමනු නොඅනුමානය. එය එසේ විය නොහැකි බැවින් පිස්සාගේ තර්කය බිඳ වැටේ.
"එහෙම හිතන්න ඕන නෑ."
සිනාවෙන් පිලිතුරු දුන් පිස්සා සුපුරුදු පරිදි එයටද සාවධානව පිලිතුරු ගොනු කරන්නට විය.
"ඒක තමයි ස්වභාව ධර්මය කියන්නේ... අපි හැමෝම එක එක විධියට ස්වභාව ධර්මයේ දේවල් පරිභෝජනය කරනවනේ... කෑමට ගහක කොලයක්, ගෙඩියක් නැත්තං සතෙක්ගෙ මසක් වුණත් අපි පරිභෝජනය කරනවනේ. ඒක අපිට වගේම සත්තු ගහකොල වගේ දේවල් වලටත් පොදුයි. සතෙක් බඩගින්න නිවාගන්න ගහක් කෑමට ගන්නවා. ඒ සතාව වෙනත් මාංශ භක්ෂක සතෙක් කෑමට ගන්නවා. ඒ සතා මැරුණම උගේ සාරයෙන් ගහක් වැඩෙනවා."
"මම ඒක දන්නවා. අර ලයන් කිං එකේ ඒක තිබුණා..."
"මම ඒව බලල නෑ... ඒ වුණාට ඔය සුද්දො ඕව කියල තියෙන්නෙත් නිකං වෙන්න බෑනෙ.... ඒවයින් හරි කමක් නෑ ඉගෙන ගන්නයි ඕන..."
"හැබැයි එතකොට අර පාපය කියන එකට අර්ථයක් නැති වෙනවනේ...."
"එතන තමයි ප්‍රශ්ණෙ. මොනව වුණත් ඔය ආගම් වලින් මිනිස්සුන්ව යම් යම් සීමා වලට කොටු කිරීමෙන් වෙලා තියෙන්නෙ හොඳ දෙයක්. නැත්තං මිනිස්සු කරන විනාශයේ කෙලවරක් නෑ. සේරම විනාස කරලයි නවතින්නේ. මොකද මිනිස්සුන්ට ඕන එකකට හේතු හදාගන්න එක ලොකු දෙයක් නෙවෙයිනේ... එතනදි පාපය කියන සංකල්පය සෑහෙන්න වැදගත්. ආ... පුතා ඔය මිනිහගේ රැවුල තරුණ කාලෙ ලොකුවට තිබුණලු. පොඩ්ඩක් හදමු.."
මම burn ටූලයෙන් මනාලයාගේ රැවුල මැද එය කළු කරමි. දැන් ඔහුගේ රැවුල වඩාත් රළු ය. ඒ අතර මට පසුගිය දිනවල ජනප්‍රිය වූ ප්‍රවෘත්තියක් සිහිවේ.
"ඇයි අර කෝවිලේ සත්තු මැරන්න ගියේ... ඒකත් එහෙම එකක් තමයි නේ... තේරුමක් නැති විනාශයක්..."
"ඔව්... ඒකත් එහෙම එකක් තමයි. සතෙක් කෑමට මරණ එකයි සංකල්ප මූලික කරගෙන මරන එකයි දෙකක්. ඔය දෙක බැලන්ස් කරගන්න බැරි වීම තමයි මිනිස්සුන්ගෙ අවුල."
"අර Gods must be crazy කියන film එකේ විධියට ඒ මිනිස්සු සතෙක්ව මරලා ඒ මළ කඳට ස්තූති කරනවා තමන්ගෙ කුසගින්න නිව්වට..."
මා උවමනා තරම් චිත්‍රපට බලා ඇති බැවින් මටද කීමට දේවල් හිඟ නොවේ.
"ඒ කතාව මමත් කියවල තියෙනවා. ඒක පැරණි මිනිස්සු අතර තිබුණ දෙයක්. එයාල ස්වභාව ධර්මයේ සමබරතාව ගැන දැනගෙන හිටියා. ඒ නිසාම එයාල මාංශ අනුභව කලා වුණත් වියරුවෙන් සත්තු මරන්න ගියේ නෑ. සත්තු විතරක් නෙවෙයි. ගහකොලට පවා ඒ මිනිස්සු ගෞරවය දුන්නා. ගහක්, සතෙක් නැතිව තමන්ට පැවැත්මක් නෑ කියල ඒ අය තේරුම් අරන් හිටියා."
"ඒ වුණාට ඔය දැන් මරන විධියට ආගමික අදහස් මත සත්තු මරන එක නම් හෙනම චාටර්..."
"ආගමික පදනම මත සත්තු මරන එක වගේමයි මල් පූජා කරන එකත්.... ඇයි ඒක හොඳයි කියලද හිතන්නේ?"
මම විශ්මයෙන් වික්ෂිප්තව පිස්සා දෙස බලුවෙමි. ඔහු සූදානම් වන්නේ කුමකටදැයි මට වැටහෙන්නේ නැත. මල් පූජාව පිළිබඳව මට කිසිදා නොසිතුණු අදහසක් ඔහු මතු කර ඇත. නමුත් එය විමසිය යුතු කාරණයකි. මම නැවත මොනිටරය වෙත දෑස් ඔබාගතිමි. නමුත් මගේ මනස තිබුණේ වෙනත් තැනකය.
ඇසිල්ලකින් මා අප දෙදෙනා කල සාකච්ඡාවේ හරය වෙත පැමිණියෙමි. මල් යනු ජීවී වස්තුවක කොටසකි. වඩාත් නිවැරදිව කිවහොත් ගසක බීජ හටගැනීමේ ක්‍රියාවලියට හෙවත් පරාගණයට මූලික වන්නේ ගසේ පුෂ්පයයි. පුෂ්පය ගසකින් වෙන් කිරීම ගසේ පැවැත්ම සහමුලින්ම උදුරා දමන ක්‍රියාවලියක ආරම්භයකි. එසේනම්....?
මම නැවත පිස්සා දෙස බැලීමි...
"ඒක ඒ තරම් සරල නෑ නේද?"
පිස්සා සිටින්නේ සිනාමුසුවය...
"අවුරුදු සිය දහස් ගානක් ආගමික සංකල්ප උඩ මල් කොයිතරම් ගස් වලින් කැඩිල නිකංම පරවෙලා ගිහින් ඇද්ද? ගහටවත් මලටවත් වැඩක් නැතිව?"
"ඒකත් හරි තමයි... "
මම කීවෙමි. පිස්සා මාගේ හිස මත ඇණයක් තබා මිටයකින් තඩිබාමින් සිටී. ලොව පවතින සියල්ල මිනිස් නිර්වචන මත වටහාගනු ලැබූ භූතාර්ථයන් පමණක්ද?
"ඔය මිනිස්සු ප්‍රාණය නිර්වචනය කරගෙන තියෙන හැටිනේ...,"
මම කියමි.
"ඔව්... ලෝකෙ තියෙන හැමදේම මිනිස් නිර්වචන. ඒව ඔප්පු කරන්න මිනිස්සුන්ට සාධකත් ඕන තරම් හොයාගන්න පුළුවන්..."
"මොන සාධකද?"
"ආගමික සාධකම ඕන තරම් තියෙනවා. ආගමික සාධක කියන ඒව ප්‍රශ්ණ කරන්න තහනම් ඒවනේ..."
මගේ මුවේ සිනාවක් මැවිණි... මා හට කියා ඇති පරිදි පිස්සා නගරයේ ප්‍රධාන පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ මිතුරෙකි. එසේම පන්සලේ පුස්තකාලයේ නිත්‍ය සාමාජිකයෙකි. ඔහු කියවන තරමක් කියවා ඇත්තේ එහිදීය.
"හෙහ් හෙහ්... ඒක තමයි නේ..."
"ඒකනේ... දැන් මම මේ කියපු කතා ටික පන්සලේ හාමුදුරුවොත් එක්ක කිව්වොත් මට සෑහෙන්න පාඩුයිනේ..."
"ඔව් ඔව් ආයෙ කියවල ඉවරයි."
"ඇයි දානේ...? ඒකනේ අපට මේව හිතල මෙහෙම සන්තෝස වෙන්න පුළුවන්. කියන්න ගියොත් වැඩක් නෑ.... මේ එක නෙවෙයි... ඔය පින්තූරෙ දැන් ගානට තියෙනව. තව ටිකක් පොලිෂ් කරල ප්‍රින්ට් කරන්න දාන්න. මට දෙකට කෙනෙක්ව හම්බවෙන්න යන්න තියෙනව පන්සල ගාව කඩේට. හාමුදුරුවො ගැන කිව්වමයි මතක් වුණේ..."
පිස්සා අසුනෙන් නැගිට සිටගත්තේය... හමුවීමට නියමිත පුද්ගලයා අනිවාර්යයෙන්ම ඔහුගේ තවත් පින්තූර ගොදුරකි...
"ආ... රයිට්... මම ප්‍රින්ට් එක අවුට් කරල තියන්නම්..."
පිස්සා සමුගෙන ගියේය. මම මගුල් පින්තූරයේ ක්ෂුද්‍ර දෝෂ සොයමින් ඒවා පිලිසකර කරන්නට වීමි. මගේ පසෙක අනිත් පරිගණකයේ රාජකාරි කරන මිතුරා ගීත අසමින් සිටි ඉයර් ෆෝන් යුගල ඉවත් කරමින් මා වෙත ළං විය.
"මොනාද බං අරූ ඔච්චර කියෙව්වේ?"
මිතුරා උපහාසායෙන් විමසීය. මමද උපහාසයෙන් පිළිතුරු දුනිමි.
"දන්නැද්ද බං උගේ පිස්සු ටෝක්.... ඌ වගේම මෙලෝ රහක් නෑ..."
Subscribe to:
Posts (Atom)