Thursday, 31 July 2008

කැළණි ගඟට නඩු දාන්න...

කැළණි ගඟට නඩු දාන්න කියන කතාව රවි මහත්තයා කීපවරක්ම කියපු කතාවක්. කැළණි ගඟ අවට ජීවත් වෙන පවුල් ගණනක්ම කැළණි ගඟ පිටාර ගැලීම නිසා පීඩාවට පත් වුණානේ පහුගිය දවස්වල. ඒ පුවත නිසා රවි මහත්තය‍ට හිතුණ දෙයක් තමයි ඒක. හැමදේටම රෙදි උස්සන් කලබල වෙන අපේ උදවිය හරි නම් කැළණි ගඟටත් නඩු දාන්න ඕනෙය කියන එක සාධාරණ නැද්ද?

මේක මොකක් හරි නිර්මාණයක් විධියට එලියට දාන්න අපි දෙන්නටම ඕන කලත් ඒක නිර්මාණයකට ගොනු කරගන්න ටිකක් අමාරු වුණා.

අපි කල්පනා කලා දෙබසක්. උසාවියේ තමයි වැඩේ වෙන්නේ. කැළණි ගඟ තමයි චූදිතයා. මිනිස්සු කැළණි ගඟට බනිනවා.

කැළණි ගඟ කියනවා

"ඇයි මම විතරක්? අර චීනෙ හොවැංහෝ හැම අවුරුද්දෙම ගලනවා. එයාට මුකුත් ප්රශ්ණයක් නෑ. කවුරුත් එයාට නඩු දාන්නෙ නෑනෙ. අපි දුප්පත් පොඩි ගංගාවල් නිසා තමයි සේරම"

කියලා...

3 comments:

  1. ඔය මිනිහට හිතුනොත් හිතෙන්නේ ඔය ‍වගේ විකාරයක් තමයි සිංහයෝ නිදහස් කරන්න වගේ ....!
    ප්‍රයෝගිකව හිතනවලකෝ ලොල්

    ReplyDelete
  2. ප්‍රායෝගික පිස්සො අතරෙ රවි මහතා මට එක්තරා වීරයෙක්. එයා තරම් ප්‍රායෝගික නෑ වෙන කවුරුවත්. එයා දේවල් හිතන්නෙ මිනිස්සු ඒ දේවල් දිහා හිතන විධිය විවේචනය වෙන විධියටයි. ඒක එයාගෙ ප්‍රායෝගික නැති කමට වඩා මිනිස්සුන්ගෙ මනෝ විකාර පැහැදිලි කරගන්න තැත් දැරීමක්!

    ReplyDelete
  3. සහතික ඇත්තනෙ... දුප්පත් පොඩි අපිට තමයි ඔක්කොම කුණු...

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!