Friday, 8 August 2008

පිස්සු කෝච්චිය

මලී වමනෙ දාන්න පටන් අරන්...

මට එළකිරි හරහා හමුවුණ හොඳම යාළුවො කීපදෙනා අතර එක්කෙනෙක්. මගේ තව ඊ මිතුරියක්. මොනවද මන්දා පුනරුත්පත්තියක් ගැන මල විකාරයක් ලියල තියෙනව. කට්ටිය ගොහින් බලන්නකෝ...

ඇබ්නෝර්මල් කෙල්ලකගේ නෝර්මල් සිතුවිලි

9 comments:

  1. ඔව් ඉතිං මම ගැණියෙක් හින්දා මම ලියන්නේ මල විකාර අ‍ඩෝ ෆ්‍රී එතකොට තා ලියන්නේ මොනවාද?

    ReplyDelete
  2. මගේ බ්ලොගේ සබ් හෙඩිම දැකල නෑ වගේ..

    ReplyDelete
  3. එළ එළ කට්ටියම දැන් සිංහලෙන් බ්ලොග් කරන්න පටන් ඇරගෙන වගේ. නියමයි! දිගටම ලියන්න.

    වමනේ දානවා කියලා මුලින් කියලා තියෙනකොට මටත් ටිකක් වමනේ යන්න වගේ ගත්තා. අවුලක් නෑ පෙත්තක් ගත්තා :D

    දිගටම ලියන්න. සුභ පැතුම්!

    ReplyDelete
  4. @ සුපුන්

    මේව ඉතිං මම නම් ඔයා නොහිටින්න මේ තරම් ඉක්මනට කරන එකක් නෑ. මුල්ම දවස් වල මම ඔයාගෙන්නේ බොහොමත්ම දේවල් අහගත්තේ. බොහොම ස්තූතියි. දිගටම ලියන්න බලන්නම්!

    ReplyDelete
  5. සිංහල බොලොග් එකක් කරන්න හිත දෙන්න අප්පා
    http://www.edailydiary.com එකේ මීට සෑහෙන කාලෙකට කලින් පටන් ගත්ත online diary ය අමතක කරල...මාව මනුස්සයෙක් කරේ ඒක...මගේ පළුමු අධ්‍යාත්මික online ජීවිතය කීවත් නිවරදියි...ඔන්න ඔහෙ වෙන web log වලට මේ වගේ ලිය ලියා ඉන්නව...ඒකත් අමුතුම ආතල් එකක්..නමුත් සිංහලෙන් මේ විදියට දිගට ලියන්නෙ ලගදි ඉදල..මගේ පැරණි සුදු මිත්රයෙක් ඉන්නව deniss කියල මිනිහගේ එකේ ඒ කාලෙ ඉදලම ලියනව හැබයි ඒ english වලින් නේ...මේ වගේ kick එකක් නෑ...යකෝ මලී ගැන කියන්න ඇවිත් මම ගැනන නෙ කියල තියෙන්නෙ... මම හිතන්නෙ ලෝකෙ social ම කෙල්ල මලී වෙන්න ඇති...මමත් එළකිරි එක හරහම තමා හමුබ වුනේ...මගේ හිතේ 2008 04 මාසෙ...උපන්දින සාදෙකදි...හ හී...අම්මට හුඩු පොතක් scan කරන්න detail වගයක් ඇහුව දෙන්න අමතක උනා..ලගකදි ඉදල හරියට අමතක වෙන මොකද දන්නෙ නෑ

    ReplyDelete
  6. @ Sampath :- අනේ මන්දා කියලා තියෙන ටික වැඩිද මන්දා...මෙහෙමයි මං හිතන විදියට අන්තර්ඡාලය කියන්නේ කෙල්ලෙක්ට තමන්ගේ නිදහස උපරිමටම බුක්ති විදින්න පුළුවන් තැනක් මොකෝ තමන්ගේ හිතේ තියෙන ඔළුවෙ තියෙන ඇග ඇතුලේ හැංගිලා එහෙම නැත්නම් ගෙදරට,සාමාඡයේ කතා වලට බයේ හංගගෙන ඉන්න නියමම සත්වයා එළියට දාන්න හොද තැනක් ‍මුණ පෙන්නෙත් නෑ...කවුරු මොනවා කිව්වත් ගාණකුත් නෑ...ඒක හින්දා වෙන්න ඇති සම්පත් අයියා මට සෝෂල් කියන්න ඇත්තේ ඒත් මාව ඇත්තටම ස‍මාඡයේදි මුණ ගැහිලා තිබ්බනම් කියයි මලිත් අනිත් උන් වගේමයි කිසිවෙනසක් නෑ අඩම්බරයි අරකයි මේකයි කියලා....හැබැයි අනාගතේ මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබුනොත් එහෙම කියන එකත් නෑ..මොකෝ ඔයාලා එක්ක ඉන්න ‍කොට මම හරි නිදහස් වගේ මොකද කොටුවෙන් පිට හිතන අය නිසා ගැහැණියක් දිහා සම්මත රාමුව ඇතුලේ ඉදගෙන බලන එකක් නැ කියලා මම විශ්වාස කරන නිසාත් හික් හික්!!!

    ReplyDelete
  7. මට නම් මේ බ්ලොගින් මීටර් වුණේ අපේ සුපුන් සුදාරක හරහා තමයි. ඊට අමතරව අපේ සිංහල කොල්ලටක් බ්ලොගත් තියෙනවා. ගොඩක් අයට අපි නොදන්න බ්ලොග් තියෙනවා. මම හිතන්නෙ ගොඩක් හොඳ සයිබර් ක්‍රමවේදයක් අදහස් ප්‍රකාශ කිරීමේ. හැබැයි බුධාජීව කියල තියෙනව වගේ සිංහල භාවිතයෙන් අපිට අදහස් ලෝකයටම කියන්න නම් වෙන්නෙ නෑ තමයි. මට නම් ඉංග්‍රීසි බෑ. තටම තටම ලිව්වත් සිංහල තරම් හොඳට හසුරුවන්න කොහොමත් බෑ. අනික මගේ අදහස් ලෝකෙටම පොදු නෑ. ලංකාව හදන්න පුළුවන් නම් දෙවනුව ලෝකය ගැන බැලුව හැකි. ඒත් ඉතිං මම හිතන්නේ අපි හැමෝගෙහ අදහස් අදහස් විතරයි. මම කියනව වගේ තනිව ගොඩයන්න පුළුවන්. සාමූහිකව වෙනස් වීම නම් අවුලක් තමයි...

    මලී ගැනත් මට හිතෙන දෙයක් කියන එකේ අවුලක් නෑ.

    මෙහෙමයි. මේ වර්චුවල් ලෝකයක් නේ. ඕන කෙනෙක්ට තමන් නොවෙන කෙනෙක් වගේ පවතින්න පුළුවන් සහ වෙන අයගෙ හිත් තුල ප්‍රතිරූප මවන්න පුළුවන්. මම හිතන්නෙ නෑ මලී කියන දේවල් එයා තුල ප්‍රායෝගික නෑ කියලා. ඒක සම්පත්ට වගේම ම‍ට දැණෙන දෙයක් මිස ඇත්තද කියල මම දන්නෙ නෑ. මම දැනට දන්න Social ම කෙල්ල මගේ යාළුවා මධු තමයි. හොඳම කපල් එකත් මධු බණ්ඩා යුග්මය තමයි. බැන්දට පස්සෙ උන් දෙන්නා තවත් සුන්දර වෙලා. මධු තවත් සුන්දර වෙලා. බණ්ඩා හැන්ඩි වෙලා.

    මලී දරන අදහස් අනුව නම් එයා ගැහැණියක් කියල හිතාගෙන ඉන්න පුළුවන් මට්ටමේදි එළම සහ මරුම තමා. ඇත්තටම නම් කොහොමද මන්දා. දැනට ඉන්න ඇවා අනුව නම් සුඩාන් වලින් බැහැපු එළ කිරි සුදු කෑල්ලක් වගේ වුණාට ඇත්තටම නම් 1900 බර ගණන් වල දුවපු දුම් කෝච්චි එන්ජිමක් වගේද දන්නෙ නෑ. ;) ;)

    ReplyDelete
  8. @ PK :- මලිය අපි ගැන මෙහෙම හිතන එකත් මාර සිරා නේද සම්පත්. කොහොමත් ඉතිං ඇත්ත ජීවිතේදි අපි මේ සමාජෙ වැසියොනේ. ඇඳුම් පැළඳුම් සහ අනේකවිධ ක්‍රමවේද හරහා නම් ඇතුලත වෙනස්කම් හඳුනගන්න පුළුවන් වෙන එකක් නෑ. මලීට මේ කියපු විධියෙ ප්රශ්ණයක් වෙන එකක් නෑ අපි එක්ක නම්!

    ReplyDelete
  9. මම මෙහෙම කියන්නම් මගේ අම්මා එක්ක ඉන්නකොට මම තාමත් ඉපදුනු ගමන් පොඩ් එකා
    මගේ නැදැයෝ එක්ක ඉන්නකොට මම උපරිමව නිශ්ෂබ්ධයි‍ මොකෝ මගේ නැදැයන්ගෙන් 80%කට මම කැමති නෑ.
    නොදන්න අය එක්ක ඉද්දි මම එතන ඉන්නවද කියලාවත් අනිත් අය දන්නේ නෑ
    මගේ යාළුවෝ සෙට් එක එක්ක ඉන්නකොට (ස්කෝලේ අය)මට ‍පිස්සු තද වෙනවා මොකො හෙලන්ට එහෙම පිදුම පිස්සුවක් තියෙන්නේ අංඡු (මගේ හොදම යාලුවා)එයා එක්ක විතරයි පොඩ්ඩක් සිරා විදියට ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන් නිරා දෙයක් කියන්න කලින් කලබල වෙනවා ඒ නිසා ඒ ඒ ‍එක්කෙනා එක්ක ඉන්නකොට ‍එක එක රටා
    ඒත් මෙතනදි (නෙට් එකෙදි) එහෙම ගැටලු නෑ මට 100% මං වීමේ නිදහස තියෙනවා ඉතිං මම ඒකෙන් උපරිම ප්‍රයෝඡනය ගන්නවා ඒකේ ප්‍රතිඵල තමයි වචන වෙලා එළියට එන්නේ
    ඒත් මට හිතාගන්න බෑ ඔයාලා කියන තරම් වෙනසක් මං ලග පේන්න තියෙනවාද කියලා ??


    ඔව් ඔව් මම දුම් කොච්චියක් වගේ තමයි....පිස්සු කොච්චිය වෙච්ච එකේ දුම් කොච්චිය උනාම මොකෝ :P


    මට නම් මගේ බිලොග් එක කියෙව්වේ නැතත් කමක් නෑ ඒක මම කරන්නේ මගේ සතුටට මිසක් වෙන දේකට නෙවෙයි...අනික වෙන බාසාවකින් කරන්න ලියොත් ඕක ‍වැඩිකල් කෙරෙන්නේ නෑ මං නොදන්න මම :D

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!