Saturday, 16 August 2008

අබාට ජේසු පිහිටයි!

මේක මම ලියන්න හිතුවෙ ක්ෂණිකව. ටිකක් දුර දිග හිතුව නම් මේවගේ මල විකාර දේවල් ගැන කතා නොකර ඉඳියි මම.

මම දැක්ක අබා චිත්‍රපට විචාරයක තියෙනව අබා හරහා කතෝලික පල්ලිය සංස්කෘතිය ආක්‍රමණය කරනවා වගේ දෙයක්.

මම ඒක ගැන කියන එක එතනින් නවත්වනවා.

මම දන්න තරමින් අබාගෙ කාලෙ මේ කතෝලික ආගම ලංකාවෙ තිබුණෙ නෑ. ඒ නිසා මේ කියන විධියට ජීසස්ව සිහි කරන දර්ශන හරහා ඇත්ත පහදන්න වගේම ඕන නම් බුදුන්ගේ චරිතය හරහාත් යම් සත්‍යයක් කියන්න ජැක්සන් උත්සාහ කලා නම් හොඳයි තමයි.

ජැක්සන්ට අභියෝගයක් තියෙනව මුහුණ දෙන්න මීළඟට. මොකද මේ තර්කය අසාර්ථක නෑ. බුදුන් හෝ අදාල කතාවක් අදාල කරගන්න පුළුවන් කම තියෙන්න තිබුණා මීට වඩා. කොහොමත් ඒක කලාකරුවගෙ කැමැත්ත වෙන්න ඇති!

හැබැයි මම කියන්නෙ නෑ ජීසස් වැරදියි කියලා. සමාගම් නම් කෝකත් එකයි. ලොක්කො පරමාදර්ශ වුණත් දුවවන්නෙ අප්සෙට් සොක්කොනේ.

ජීසස් බුදුන් කියපු සත්‍යයම කියන්න ගිහින් (එයාගෙම ආරකට) බුදුන්ට තිබුණ රාජ්‍ය අනුග්‍රහය නොතිබුණ නිසා ක්රමය විසින් විනාශ කරපු නියම සත්‍යවාදී මනුස්සයෙක්. එයා මිය ගියෙ අපි වෙනුවෙන්. මිනිස්සුන්ගෙ සමාන අයිතිය වෙනුවෙන්. සෑම මිනිසෙක්ටම සුවසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදන්න තනිව කරපු අසාර්ථක විප්ලවයක ප්‍රතිඵලයක් වශයෙන්.

එයාට අපි කොයි තරම් ගරු කරන්න ඕනද? බුදුන්ට හෝ වෙනත් ඕනම ආගමික සාස්තෘවරයෙක්ට වගේම. බුදුන් ගැන මේ චිත්‍රපටියෙ දර්ශන තිබුණ නම් මෙහෙම ප්‍රශ්ණයක් නෑ නේද?

මම හිතන්නෙ දැන් අබා හදල අපි ඒක බලලත් ඉවරයි. රටේ සැලකිය යුතු පිරිසක් මේක බලයි! මේ හැමෝම මේ සංකේත අඳුනගන්න එකක් නෑ. අපි නොදන්න live නේ ලංකාව. ඔන නම් ජීසස්ව මතක් වෙයි. ඒ මොහොතින් අමතක වෙයි. චිත්‍රපටිය ඉවර වෙනකොට ජීසස් කවුද කියල මතක් කරගන්නත් ටික වෙලාවක් යයි. හික්!

කොහොමත් මේ ගැන තර්ක තේරුමක් නෑ දැන්. මේක කුමණ්ත්‍රණයක ප්‍රතිඵලයක් නම් චිත්‍රපටිය බලද්දි ඒ කුමන්ත්‍රණ කාරයො ටික කට කොනකින් හිනා වෙයි. එපමණයි.

අබා අපේ රටේ මිනිස්සු තුල ජාති ආගම් හෝ කුල භේද හදනවට වඩා තනි රටක් විධියට නැගී සිටීමේ අභිප්‍රාය වර්ධනය කරනව නම් හොඳයි. ඉන් පසුව බැරියැ ලෝකයක් විධියට නැගී සිටින්න. නමුත් ඒක මගෙ හිතළුවක් විතරක් වෙයි සමහර විට.

බොහෝ අයට මේක තවත් එක චිත්‍රපටයකට වඩා දෙයක් වෙන එකක් නැද්ද?

11 comments:

  1. මම හිතන්න අකමැතිම මාතෘකාවක් තමයි ඇදිල අවිල්ල තියෙන්නෙ. චිත්රපටය ජැක්සන් හැර වෙන කෙනෙක් නිර්මාණය කලා නම් ඔය තරම් ආන්දෝලනයකට ලක් නොවන්නත් තිබ්බ මගෙ හිතේ. මට මතකයි එක පාරක් බර්ට්රම් නිහාල්(කතෝලික දහම අදහන්නෙක් වන) කියන පුද්ගලය හදපු කඩවර නාට්‍යයටත් ඔය වගේ දෝෂාරෝපණයක් ආව බොධිසත්ව රූපයට යක්ෂ රුවක් එකතු කරල කියල. ඇත්තටම එතනින් පෙන්වල තිබ්බෙ මිනිසුන්ගේ හොද සහ නරක.ඒ උනත් එක එක පාට කණ්නඩි දාගෙන බලන අයට පේන්නෙ ඒ ඒ පාටට තමයි..

    මම තවම අබා චිත්රපටය බැලුවෙ නැහැ. සදුදට බලන්න ඉන්නෙ. ඊට පස්සෙ මගෙ තවත් අදහස් කියන්නම්.

    ReplyDelete
  2. මේක පසුව මම දැක්කේ. අපේ සුදාරකත් මේ ගැන කියල තියෙනව.

    අබා සමඟින් සටහන් ශතක පූරණය

    ReplyDelete
  3. ඔය කතෝලික කතාවට 17 වෙනි ඉරිදා දිවයින ජැක්සන් ඇන්තනි සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී උත්තර දීලා තියෙනවා.

    ReplyDelete
  4. maath meka nam balala naha thaama. elakiri eke thread eka dakka... eken kiyanna hadanne mokakda kiyalanam mata therenne na. ethana eka gana prashna karala kaale kanna onath naha :)

    boma or freed me article eka gana mata poddak kiwwanam? :D

    kohoma wunath ara sudaaraka kiwwa wage ekaley ande owa nam film ekata reddai hattei andinna bahane.
    (apocaypto film eke gothrikayo nam inne niruwathin)

    meeta amatharawa kiyanna thiyenne film ekakin yathaarthaya pamanakda penwanna ona kiyana eka....

    ReplyDelete
  5. මේ බිලොග් වල ඇඩ්වර්ටයිසින් තහනම් කරන්න ඕනා!
    හික් හික් ...

    මෙහෙම ඒවා බලනකොට දුක හිතෙනවනේ මම තාම බලලා නැති හින්දා ...හිටුකෝ බලලා එනකම්!

    ReplyDelete
  6. ane kawuru hari kiyapan(ko) :P

    ReplyDelete
  7. බලලම මේ ගැන කථා කරමු..

    ReplyDelete
  8. @ All - මමත් හිතන්නෙ මේක කට්ටියම බලලම කතා කලොත් හොඳයි වගේ කියලයි. දැනට මේ සංවාදය අතිශය දුරකට විහිදිල කියල මට හිතෙනව. මේක අනුව අබා තහනම් කරයිද කියලත් හිතෙන තරමට ඒක දරුණු වෙන්න පුළුවන්.

    හික්...

    කට්ටියම ඒ නිසා හැකි ඉක්මනින් බලල වරෙව්!

    ReplyDelete
  9. I guess I saw in an ad what these extremists talk about "aba"
    But that's a poor acousation and it only stiked me abt jesus since I was looking 4 it. Don't think jakson wants to promote catholism there.....may be he should hav used a scene similar to mangal panday:P

    mama yanawa september meka balanna.
    Bo enawada? habai bothal thahanam:P

    ReplyDelete
  10. @parker- මටත් තාම බලන්න බැරි උනා. එහෙනම් යමන් සෙට් වෙලා බලන්න. අපි බලලම කතා කරමු මේ ගැන. මගේ මූලික අදහස මම උඹට කිවුවනෙ මේ සිද්දිය ගැන.

    ReplyDelete
  11. Bo yanawanam yanna :) moko mata langadi yanna adahasak na

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!