Monday, 11 August 2008

මනෝ සානුව

මනෝ සානුවට කලින් මනෝ කඳු ගැන දැනගන්න

මේ අදහසේ නිර්මාතෘ සම්පත් තමයි. මම ඒක වෙනස් විධියට භූගෝලීය කලා...

පහුගිය මාස කීපය පුරාවටම අපේ කාර්යාලීය සෙට්වන්නෝ සෙට් එකට සෙට් වෙන්න ලැබුණෙ නෑ.
අපේ සුපුරුදු අවන්හලේ මාසෙකට වරක් පඩි හම්බවෙන 10 වෙනිද අව‍ට දියනයකදි මධුවිතකට, කතාවකට සහ සින්දුවකට සෙට් වීමේ පුරුද්ද අපේ චාරිත්‍රයක් වෙලා තිබුණ. පහුගිය මාස කීපය පුරාවට සිද්ධ වුණ ආර්ථික විපර්යාසයත් එක්ක ඒ සෙට් වීම ටිකක් අමතක වුණා කට්ටියටම.

ඒත් පහුගිය සතිය තුල නිශාන්ත ඕක ගැන කට්ටිය එක්කම කතා කලා. මේ වතාවෙ මේක කොහොම හරි කරමුය කියන ස්ථාවරයට අපි ආවා. සිකුරාදට පැකට් එක අරගන්නත් පුළුවන් නිසා සෙනසුරාද දිනය (09) මේකට යොදාගත්ත.

කිව්ව වගේ ඊයෙ (දැන් නම් 11 වෙනිද උදේ 1.21යි. තවම මට ඊයෙ කියන්නේ 09වෙනිද හො‍ඳේ) හවස 8 විතර වෙද්දි කාර්යාලයේ සදා සෙට් යාළුවෙ කීප දෙනා එක්ක අළුත් යාළුවො ටික දෙනෙක් සහ මාස ගණනාවක් තිස්සෙ සෙට් වෙමු සෙට් වෙමු කිය කියා ඉන්න කස්ටමර් යාළුවො කීපදෙනෙකුයි සුපුරුදු අවන්හලේ මේස දෙකක් ඈඳලා සෙට් වුණා.

මධු විත අපි සේරම කට්ටියව එකම තැනකට අරන් ගියා. තනි මනෝ සානුවකට! කාටවත් ප්‍රශ්ණයක් තිබුණෙ නෑ. මුතුකුඩ ඉහලන මල් වරුසාවෙන් පටන් අරන් රෝස තොල් ඉඹල, පිදුරු සෙවිකල පැත්පතේ සාමය හොයල, තව එකී‍ මෙකී නොකී තැන්වල සරන ගීත ගණනාවක් හරහා අපි උපරිම ප්‍රීතියක් භුක්ති වින්ද. ඒ අතර පුංචි පුංචි මනෝකඳු එහෙ මෙහෙ පාවුණා අතරින් පතර මාව තනියම කඳුමුදුනේ නතර කරමින්. මිනිස්සු බොන්නෙ ඇයි කියන දේට උත්තර හොයන්න කලින් මම බොන්නෙ ඇයි කියන දේ හිතන්න මට ඕන කරල තිබුණ. පෙරේත කම නම් නෙවෙයි. ඒක පෙරේතකමට ගහන්න තරම් රසවත් බීමක් නෙවෙයි. ඒත් ඒ හරහා ලබන්න පුළුවන් නිදහසේ හැඟීම නම් පෙරේත වෙන්න වටිනවා. ඒ එක්ක තමයි ඔය බොන හේතුව අත්වැල් බැඳන් ඉන්නේ.

මට මතක් වෙන්නෙ Fight Club ෆිල්ම් එකයි. මම එඩ්වඩ් නෝර්ටන්ව දැනගත්තෙ මේකෙන්. දැන් නම් එයා Hulk නේ.




fight club movie trailer


මේ චිත්රපටියෙ කියවෙන්නෙ සාමාන්‍ය ජීවිතයේ තියෙන පීඩනය හමුවේ මිනිසෙක් තුල ඉන්න නිදහසේ ජීවියා එලියට බැසීම ගැනයි. එයා කැමති නෑ මේ තියෙන විධිමත් භාවයන් එකකටවත්. එයා ක්‍රමයට විරුද්ධයි. කොටින්ම එයා ඉන්නෙ ක්‍රමය බිඳල දාන්නයි. මේ එයා ඉන්නෙ අදාල මනුස්සය තුලම තමයි.

ඒ අතරෙ මේ තමාගෙ නිදහසේ කොටස හරහා ක්‍රමය තුල ඉන්න මනුස්සයට ගැහැණියක් හමු වෙනව. ඒ හරහා එයා නැවත වතාවක් අවදි වෙනව.

චිත්‍රපටියෙ අවසානෙදි එයා තේරුම්ගන්නව මේ හැමදේම හරිම තාවකාලිකයි කියල. නිදහස නිදහස් කිරීම තමාට නොවුණ‍ට වෙනත් අය‍ට කරදරයක්. නිදහස තමා තුලම ඇසුරුකිරීමක් වගේ දෙයක් තමයි අවසානයෙදි හොඳයි කියල අපට හි‍තෙන්නේ. මොකද අන්තිමේදි නිදහසේ ජීවියා මැරෙනව.


මටත් මැන්ටල් අප්පා... මනෝ සානුව හරිම පුළුල්නේ.

මට හිතෙන්නෙ මිනිස්සු බොන්නෙ හැබෑ ජීවිතේ නැති පුංචි නිදහසක් ලබන්න. හැබැයි ඒක මල විකාරයක් කරන් චා වෙන අයත් ඉන්නවා. අනික හැමෝම ට්‍රැක් එකට වැටෙන කල් ටිකක් චා තමයි. බොද්දි හලාගත්තට, වීදුරු බිඳගත්තට, හැඳි වට්ටගත්තට කිසිම අවුලක් වෙන්න බෑ. අපි කතා වුණ විධියට කලිසමේ චූ කක්කා කරගත්තත් කමක් නෑ වගේ. වෙන වෙලාවක කවදාවත් ඕන කමින් ඕව කරයියැ. ඒව කරන්න ඕන කියනව නෙවෙයි. ඒත් ඒව කරන එක ගැන කතා කිරීම පවා චුට්ටක් අප්සෙට් වෙන එකේ බිව්වම ඕක සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්ණයක් තියෙන්න බෑ හරියට බොනව නම්. කොයි දේත් හරියට කරන්නෙ නෑ කියන අපේ මිනිස් ලක්ෂණය බීමටත් එසේම ද?

හික්! හික්!

කොහොම හරි අපි 10.30ට විතර එලියට ඇවිත් වෙන් වුණා. කට්ටිය එතනත් හිටියා පැය භාගයක් විතර. හැමෝම වගේ මොටර් සයිකල් වල යන්න හිටපු නිසා තව ටිකක් ප්‍රමාද වුනාට අවුලක් නෑ වගේ. දැන් ටිකක් ඕෆ් යන සින්දු ටිකකටයි වාරය. චමිල මගේ මූණ දිහා බලාගෙන කසුන්ගෙ සින්දුවක් මතක් කලා. මම පටන් ගත්තා. 'පාවෙලා යන්න මට ඉඩක් දෙන්න... හීනයක් වෙන්න මොහොතක් තනිව ඉන්න...' කට්ටියම මාරම අප් වීමක. ඒක ඉවර වුණා විතරයි නිශා කියන්න ගත්ත එයයි මායි කියන සින්දුව උගුරෙන් කෑ ගහගෙන. 'ඉරිමා උදයේ.. සීතල මුතු පිණි මල්..." මේකෙ අන්තිමේ චාපගේ කෑගැහිල්ලෙදි තමයි කට්ටියම උඩගියේ. නිෂායි මායි ආයෙත් හිනාවුණා.. :D :D

සෙටා වීම ඉවර වුණා. ආයෙත් සඳුද මී තරගය දුවන්න හමුවන සිතිවිල්ලෙන් කට්ටිය සමුගත්තා.

මිනිස්සු හරිම හොඳයි. මේ ජීවන රටාව නිසා මිනිස්සු (මාත් ඇතුලත්ව) විකෘති වෙලා නොඉන්න කොයි තරම් හොඳට අපට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවද. මං කියන්නෙ බීල නෙවෙයි. නොබී. ඒත් බොන වෙලාවට ළඟ තියෙන අවබෝධයෙන්.


6 comments:

  1. බොන එක වැරදී හෝ හොද නැති දෙයක් හෝ කියලා නම් මමත් හිතන්නේ නෑ...බීම හරහා පිරිමියා උපරිම නිදහසක් බුක්ති විදිනවා තමයි....ඔනම වැඩක් කරලා අයියෝ එහෙම උනාද මට මතක නෑහැනේ කියන තරමටම බීම පිරිමියාට නිදහස දෙනවා...ඒකත් එක්තරා ආතල් එකක් බලන් යද්දි !අපේ රටේ බහුතර ගෑණු බොන්න සෙට් වෙන්නේ නැහැනේ අපරාදේ...!

    ReplyDelete
  2. අදයි දැක්කෙ ඔබේ අඩවිය . දිගටම ලියන්න සුබ පැතුම්. ජය වේවා.

    බොන එක පුද්ගලානුබද්ධයි. ලංකාව තරම් බොන අතරෙම ඒක ලොකු සදාචාරමය , හැදියාව පිළිබදව ප්‍රශ්නයක් කර ගත්ත රටක් තව නැහැයි කියලයි මට හිතෙන්නෙ. සරලවම මට නම් ලංකාව වගේ ආතල් අහිමි කරපු රටකදි බොන එක සැපක්. ඒ පැය දෙක තුනට හරි ජීවිතේ දිය කරල දාන්න පුලුවන්.

    හැබැයි ලංකාවෙ ගොඩක් බීම ඇතුලෙ තියෙන්නෙ බේබදු කම. ඒකයි ප්‍රශ්නෙ

    ReplyDelete
  3. මම නම් බොන්නෙ මගෙන් ටිකක් පිට පනින්න හිතාගෙන. හැබැයි එතන ඉන්නෙත් මමද මම නොවෙයිද තියල මම දන්නෙ නැහැ මොකද නොබොන මම කෙනෙක් උනත් නොඉන්න ඉඩ තියන නිසා.
    බොන එක ගැන හිතද්දි මට දැනෙන පළමු හැඟීම තමයි සැහැල්ලු බව..ඒක මම මධුවිත ඇසුරෙන් අත් විදින සුන්දර තත්ත්වයක්. කාලය සහ අවකාශය කියන කණ්නඩියෙන් අපි අත්විදින ලෝකයේ තවත් එක මානයක්.
    එඩ්වඩ් නෝර්ටන් ගැන මමත් මුලින්ම දැනගත්තෙ fight club චිත්රපටයෙන් තමයි. ඒ පෙළඹවීම මතම මම ඔහුගේ Amerian history X කියන එකත් බැලුව පහු කාලෙකදි.
    fight club එකේ කතා නායකයත් පීඩනයෙන් පලාගිහින් අපි කතාඋන ඔබක් තුල හැංගුන කෙනෙක්. මට මතක විදිහට එකපාරක් ඔහු පිළිකා රෝගියෙක් හැටියට ඔවුන්ගේ මානසික සහන සැලසීමේ සංගමයකත් ඉන්නවා. පස්සෙ පෙරකී කාන්තාව නිසා තමයි ඔහු එතන හදන් හිටපු ලෝකය උල්ලංගණය වෙන්නෙ. නමුත් ඔහුගේ නිදහස්,කැරළිකාර අර්ධය මගින් පසුකලෙක ඒකටත් පිළිතුරක් ලැබෙනවා.
    දිගටම ලියන්න හරේෂ්. කියවන්න ආසාවෙන් බලන් ඉන්නවා..සුබපැතුම්

    ReplyDelete
  4. @ M :- මෙන්න සෙට්වෙන්න තොල කට ලෙවකන් එක්කෙනෙක් ඉන්නවෝ :D :D

    @ නිසහස් අදහස් :- බොන එක සාමාන්‍ය ජීවිතයෙන් මිදුණ අංගයක් විධිය‍ට හැදිල තියෙන එකයි ප්‍රශ්ණෙ නේද? කරන්න දෙයක් නෑ. ඒක චා කරන් තියෙන්නෙ බොන අයම තමයි.

    @ බෝ :- මාර සතුටුයි! බොන්න කැමති වීම සහ බේබදු කම අතර වෙනස තේරුම් ගන්න එක තමයි වැදගත් නේ? සමහර විට මම බොන්න කැමති වෙන්න පුළුවන්. සමහර විට බැහැ. බොන එක හැමදේටම වඩා ලොකු කරගත්තොත් ගැලවීමක් නෑ. ඒකටම ඇලෙනවා. බොන්න කිවුවොත් එකපාරින් හා කියන අය ගොඩක් ඉන්නවා. එයාලට නම් අනේ මන්දා.

    ReplyDelete
  5. මම නම් බොන්නෙ නෑ...(සිරාවටම බොරු)

    ඇයි අප්පා මේ මිනිස්සු බොනව(සුරාව) කියන එක මේච්චර වැරදි දෙයක් විදියට දකින්නෙ...ඇත්තටම මට නම් බොනව කියන එක හරිම සරල දෙයක්.(නමුත් මමත් මගේ එක්තරා පෙම්වතියක් උපන්දිනේ‍ට ‍මොකද කරේ කියල ඇහුවාම එයගෙ හොදම තවත් යළුවෙක් එක්ක vodka එකක් ගෙනත් එයලගෙ uni එකේ cell එකේ ඉදන් බිව්ව කිව්වාම ,මාර වැරදි විදිය‍ට දැක්ක..නමුත් තවත් නෑ/විදේශීය ගැහැනු දරුවෙක් බව සලකන්න) .හරිය‍ටම කිව්වොත් අදුමක් අදින තරමට විලි වහ ගන්න...මම නම් ඇත්තටම ලාවට බිව්වාම එන සරල kick එකට හරි ආසයි..හැබැයි මම ඒකට ගිජු නෑ..බොරු කියන්න ඕනෙ නෑ අන්තිමට අපේ බෝ xp පුබුදු සමීරන් රවී හමුබුන දවසින් පස්සෙ තාම සුවද වත් දැනුනෙ නෑ...අපි ඔක්කො‍ටම gitar ගගහ සිංදු කිය කිය ඒ ආතල් එක ගන්න පුළුවන් නම් අපිත් බොන්නෙ නෑ...නමුත් අපි ඔක්කොටම එහෙම සිංදු කියන්නවත් guitar ගහල වත් ඒ kick එක create කරන්න බැරි නිසා අපි එහෙම කළා....සමහරක් විට මම මාස ගන්න අවුරුදු ගනන් බොන් නැතුව ඉදියි...නමුත් මම ඒ රසය දන්නව ...විදන්නත් ආසයි...හැබයි නෑම හෝ බේ බදු වීම වෙනම දෙයක් ඒක මගෙ හිතේ ගිජු බව වෙන්න ඇති නැත්තම් එයාගගෙ ආතල් එක kick එක ඒක වෙන්න ඇති...අපේ රටේ තියෙන ලොකු අඩුපාඩුවක් තමා රස වින්දනය...එහෙමත් නැත්තම් ජීවිතය විදින් නැති එක..හෙද නරක ඇතුලෙ සීමා වෙල...ඒකෙ සාපේක්ෂතාවය තේරුම් අරගෙන නෑ...නැත්තම් මෙක මට නම් නදීකගෙ music හරි කිත්සිරිගෙ චක්රාවාටයේ අහනව වගේම kick එකක්...

    ReplyDelete
  6. බීමේ සීමාව ඇත්තටම ටික ටික ඉදිරියට යන එකක් මට දැණෙන විධියට නම්. මොකද කලින්ට වඩා මට දැන් බොන්න පුළුවන්. හික්!

    ඒත් ඒ සීමාව හැමවිටම දැනගෙන ඉන්න එක හොඳයි. ඇතැම් වෙලාවලට මොන පොල්ලක්ද කියල අදින වෙලාවලුත් තියෙනව. කොහොම වුණත් බීමේ සීමාව සහ දැණෙන ස්වභාවය පුද්ගලිකයි. හැබැයි එකට බීල ඉන්න ඕන කෙනෙක් එක ස්ථරයක ඉන්න එක නම් ෂුවර්. ඔය අතරෙ සමහරැන්ගෙ අභ්‍යන්තරයේ ඉන්න තිරිසනා එලි බහින වෙලාවලුත් ඕන තරම් වෙනව. ඒ වගේ අය නම් බොන්නෙම ඒක කරගන්න කියලයි මට හිත.

    ගිටාර්! ෂිට් ඒක ඉගෙනගන්න උනන්දු වුණා නම් කොයි තරම් හොඳද? කමක් නෑ අවුරුදු 40ක් විතර ගියාම වත් බලනව. ගිටාර් එකට ගහන්න නම් මට පුළුවන්.

    කොහොමත් මේ සංගීතය කලාවෙන් සන්තර්පනය වීම සහ මත්වීම එකිනෙක අත්වැල් බැඳගත්තු දේවල්. ඒ දේවල් දැ‍ණෙන විධිය නොදන්න අය කෑ ගහනව තමයි. තමා තමාව නොදන්න එකයි ලොකුම අවුල.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!