Friday, 22 August 2008

කණ්ඩායම්

මිනිස්සු එකයි කියල හිතන්න මිනිස්සුන්ව පොළඹවන නොයෙක් නිර්මාණ අපි නෙවෙයි අපේ සීයල සහ එයාලගෙ සීයල දන්න කාලෙත් බිහි වෙලා ඇති. මිනිස්සු ඒව ඇසුරු කරලත් ඇති. ඒත් හැම මනුස්සයෙක්ම එකයි කියල පිළිගන්න හැම මනුස්සයම පැකිලෙන නිසා කවදාවත් කලාව හෝ ආගම් හරහා හෝ විකල්ප දේශපාලන න්‍යායන් හරහා සාක්ෂාත් කරගන්න උත්සාහ කරන විමුක්තිය හෝ සාමූහික සමාජය හිතළුවක්. ඒ කියන්නෙ කවදාවත් බිහි නොවෙන එකක්. හැමදාම අපි එකම කතාව අහනව සහ කියනව. හැමෝගෙම ලේ රතුයි කියනව. හැමෝගෙම ඇට සැකිල්ලත් එක වගේ කියනව. හැමෝම මැරුණම පොළොවට පස් වෙනව කියල අපේ ආච්චිලත් කියනව. එයාලම තෝසෙ කමින් දෙමළුන්ට බනිනව. හික්!

ඔය ගැන විවිධ අය විවිධ මත පල කරල තියෙනව. හැම මතයක්ම පොදුවෙ හැමෝම ගැන සානුකම්පිතව ප්‍රකාශ වුණ ඒව. ඒත් ඒ දේවල් සමාජගත වෙනකොට අනවශ්‍ය විධියට වෙනස් වෙන නිසා සහ මතවාද කාරයින් විසින් නොතේරෙන අන්ත වලට ඇද දැමීම නිසා පුස් වෙලා යනව.

මට බොබ් මතක් වෙනව. මේ හැමෝම දන්න එයාගෙ ජනප්‍රිය සින්දුවක්.



Bob Marley ~ One Love

One love, one heart
Let's get together and feel all right
Hear the children crying (One love)
Hear the children crying (One heart)
Sayin', "Give thanks and praise to the Lord and I will feel all right."
Sayin', "Let's get together and feel all right."
Whoa, whoa, whoa, whoa

Let them all pass all their dirty remarks (One love)
There is one question I'd really love to ask (One heart)
Is there a place for the hopeless sinner
Who has hurt all mankind just to save his own?
Believe me

One love, one heart
Let's get together and feel all right
As it was in the beginning (One love)
So shall it be in the end (One heart)
Alright, "Give thanks and praise to the Lord and I will feel all right."
"Let's get together and feel all right."
One more thing

Let's get together to fight this Holy Armageddon (One love)
So when the Man comes there will be no, no doom (One song)
Have pity on those whose chances grow thinner
There ain't no hiding place from the Father of Creation

Sayin', "One love, one heart
Let's get together and feel all right."
I'm pleading to mankind (One love)
Oh, Lord (One heart) Whoa.

"Give thanks and praise to the Lord and I will feel all right."
Let's get together and feel all right.
(Repeat)



බොබ්ගෙ හැම ගීතයක් වගේම මේකත් අර්ථයන්ගෙන් බිහිසුණු ලෙස පෝසත්. මේකෙ මේ Father of Creation කියන්නෙ සොබාදහම‍ට. සොබාදහමත් අපේ හිතේ නිර්මිතයක් නිසා ඕන නම් Father of Creation = අපේ හිත කියල හිතන්නත් පුළුවන්.

කොහොමත් දෙවියන් වහන්සේ කියල ඔය ආගම් වල කියන්නෙ අපේ හිතට කියලයි මම හිතන්නේ. ඒකෙන් සෑහෙන විසඳුම් ටිකක් එනව. හැමදේම බාගෙට දැනගෙන කෑ ගහන අය නම් කියයි ජීසස් සහ බුද්ධ අහසට පොළොව වගේ කියල. හික්... පන්සිල් පද පහත් යන්තම් මතක තියෙන මම නම් දන්නව දෙන්නම එකයි කියල. After all, it all resides in our selves ne...

චික් මේ off road යන එක නම් හොඳ නෑ තමයි. මම හැදුවෙ හැම මිනිහම නැතත් එදිනෙදා හමුවන සාමාන්‍ය මනුස්සයෙක් හෝ සරලව මිනිහෙක් කියල හිතන්න අපට බැරි ඇයි කියල කියන්නයි.

මට දැනට හිතෙන දේ අනුව නම් අපි මිනිස්සුන්ව categories වලට, නැත්නම් විවිධ ප්‍රභේද වලට වෙන් කරලයි වටහගන්නේ. ඒ කියන්නෙ මිනිස්සුන්ව ඇසුරු කිරීම හරහාම එයාලව අඳුණගන්න තියෙන නොහැකියාව හින්ද අපි මිනිස්සුන්ව ප්‍රභේද වලට බෙදනව. ඒ වෙන් කිරීමට අපි නොයෙක් සාධක යොදාගන්නව. දැනට ප්‍රධානම දේ බාහිර පෙනුමයි. පෙනුම, අඳින විධිය, කතාබහ වගේ විවිධ බාහිර සාධක අනුව අපි මිනිස්සුන්ව තීරණය කරනව. සමහර විට ඒ නිසාම අපිට හොඳ මිනිස්සු මග හැරෙනව. හොඳ කියල කිව්වෙ සාපේක්ෂව. නරක මිනිස්සු ගැන වැරදි අවබෝධයෙන් එයාල ලං කරගත්තම පසුව අපිට එයාල ඇණයක් වෙනව සහ සමහර විට කරුමයක් වෙනව. හික් හික්...

මනුස්සයෙක් විධියට මනුස්සයෙක්ව මැනීමේ සාධක මොනවද කියල අපි දන්නෙ නෑ. අපට දැණෙන්න ඇසුරු කරන්න ලැබෙන්නෙ කී දෙනාද. අවුරුද්දකට එක අළුත් යාළුවෙක්! ඔව්! ඕන නම් ටිකක් වැඩි වෙයි. අපි ඉන්න විධියට වඩා ආසන්න ක්‍රම වලට ඉන්න පොදු රසයක් තියෙන අය මිතුරන් විධියට අපි පිලිගන්නව. (මේකෙදිත් අපි ඉන්න විධිය අපට පුද්ගලිකයිනේ.) ඒත් ඊට කලින් අපි කොයි තරම් පරෙස්සම් වෙනවද එයාල ගාවදි. එයාලව නොදන්න නිසා. අපි එයාලව නොදන්නෙ ඇයි? පොදු ලක්ෂණ හරහා මිනිසුන් මැනීමේ ක්‍රම අපි නොදන්න නිසාද? නැත්නම් කිසිම පොදු ලක්ෂණයක් වලංගු නොවෙන විධියට තමන්ගෙ ප්‍රතිරූපය හදාගෙන අපව රවටන බොරුකාරයින්ට අපි බය නිසාද?

මොන මගුල්ද අප්පා මම ලියන්නේ...

මට කියන්න ඕන කලේ මෙච්චරයි.

මිනිසුන් සියළු දෙනා එකා මෙන් පිළිගැනීමට ඇති අපහසුවට හේතුව වන්නේ අප එම අයවලුන් කණ්ඩායම් වලට අනුයුක්ත කර සිතීමයි.

මේ කණ්ඩායම් අප්සට් නම් අර හොඳ මනුස්සයව නිරපරාදෙ කණ්ඩායමකට දාල එයාව හලල දාන්න අපි පැකිලෙන්නෙ නෑ නේද?

ඉතිං බොබ්, ජීසස් සහ බුදුන් වදාල මේ සියළු ඇත්තවල් ‍අපට තේරිලා නෑ නේද කයිවාරු ගැහුවට.

එක මොහොතක මුළු ලෝකෙම මේක තේරුම් අරන් ලියාපදිංචි සත්‍යයක් කලොත් මිස සමාන සමාජයක් වෙනුවෙන් කරපු මේ සියළු පැතුම් සහ නිර්මාණ අතිශය සුළුතරයක් මිනිස්සුන්ට ආතල් දීපු දියවෙන අයිස් ක්‍රීම් වගේ දේවල් නේද?

ඒත් මිනිස්සු එක වගේ නොවෙන නිසා කවදාවත් එහෙම නිෂ්චිත තැනක රැ‍ඳෙන්න සාමූහිකයකට බෑ නේද ඒක මොන තරම් සාධාරණ වුණත්...

මේ හැමදේම අපේ තෘෂ්ණාව නේද... මේ මම ලියන එක පවා?

හික් හික්.... කිසිම බාහිර උදව්වකින් තොරව මම නැග්ග මනෝ කන්දක ඉඳන් පහල බැලුවම මම දැක්ක මේ හැම දේම ටි‍කෙන් ටික.

දැන් මම ආයෙත් පහලට බහිනව. මගේ කාලෙ කාපු ම‍ටම බැණ බැණ.

13 comments:

  1. ඇත්ත කතාව හරේ. ඔය ගැන මමත් සෑහෙන කල්පනා කරල තියනව. අපි බණ අහනව,යම්කිසි අර්ථවත් නිර්මාණයක් රස විදිනව. ඊට පස්සෙ ක්රම ක්රමයෙන් අපේ කටුව තුළට,ගුහාව තුළට රිංගනව. අර රස වෑහෙන අයිස් ක්රීම් එක ටිකෙන් ටික දියවෙනව ඊට පස්සෙ.

    ඉස්සර මම පොඩි කාලෙ (5,6 වසර විතර කාලෙ) අඩෝ පඩෝ ගාල කතා කරන අය එක්ක ආශ්රය කරන්න මට සෑහෙන බයක්,පිළිකුලක් වගේ තිබුණා. නමුත් පස්සෙ කාලෙක ඒ වගේ කිහිප දෙනෙක් එක්ක ඇසුරින් පස්සෙ මට තේරුණා මගේ ඒ බය කිසි වැදගැම්මකට නැති එකක් කියල. මිනිස්සුන්ව මනින්න අවිඥාණකව අපි තුළ හැදිල තියන(අපි හදන් තියන) තිබෙන සමහර මිමි නිසා එහෙම වෙනව ඇති සමහරවිට.

    කොහොම උනත් මිනිස්සුන්ගේ හිත් ඇතුලෙ උත්කෘෂ්ට ස්වභාවයකට පත්වෙන්න සහ තමන්ගේ ආශාවන් සන්තර්පණය කරගරනීම අතර නිරන්තර අරඟලයක් තියෙන්නෙ. හුගත් වෙලාවට දෙවැන්න විසින් පළමුවැන්න යටපත් කරනව. ඒකයි මම හිතන විදිහට නිර්මාණයක් හෝ යම්කිසි සත්‍යතාවයක් සමාජගත වීමෙදී අර වගේ ඉරණමකට ලක්වෙන්නෙ.

    ReplyDelete
  2. අපි මානසික අරගලයක් කරනවා නේද මේ සන්තර්පනය කරගැනීම් වෙනුවෙන්? නෑෂ් කාරයා මේ අරගලය ගැනම වෙනස් විධියකට තමයි අර Dormant Power කියල කියන්නේ මට තේරෙන තරමින්.

    ReplyDelete
  3. ඔව් හරේ! මම හිතන විදිහට අපේ සැගවුණ ආශාවන් තියනව අපේ මුලට යන්න..එතනදී ඒ ආශාව තදකරගෙන ඉන්නෙ මේ සංස්කෘතිය,සදාචාරය,සමාජය විසින්මයි. ඉතින් තනි තනිව ගත්තහම හැම පුද්ගලයා තුළම ඔය කියන ඝට්ටනය තියනව. අපට උඩින් පෙනෙන නිසලතාවය යටින් මහ කැළඹීමක් තියෙන්නෙ. නිරන්තර කැළඹීමක්.

    ඔය අරගලය නිර්මාණකරුවාටත් අදාලයි මම හිතන විදිහට. ඔහු තුළ දෙවියන් ජීවත්වන නිසා ඔහු අතින් එවන් දේ නිර්මාණය වනවා. නමුත් ඒ මොහොතේ දල්වන ඒ ගින්න හැම වෙලේම ඔහු තුලත් දැල්වෙනවාදැයි සැක සහිතයි. මොකද ඔහුත් මේ සමාජ සංයුතියේම කොටසක්.

    ReplyDelete
  4. ඇත්ත! මේකෙන් ගැලවෙන්න බෑ අපට. අපිත් අපි දකින සමාජ මිශ්‍රණයේම කොටසක්. ඒත් මම කලින් කියපු විශ්ව තරණය සහ මේ කියපු මිනිසුන් නිර්වචනය කිරීමේ ක්‍රමවේද තුලින් සහ ඉදිරියෙදිත් මම වමනෙ දැමීම් හරහා කියන්න බලාපොරොත්තු වෙන විධියට අපට යම් තරමකට ගැලවෙන්නත් පුළුවන්. ඒත් ඊට පස්සෙ ඉඳන් අපට කරන්න වෙන්නෙ කැප කිරීම්. සමහර විට ජීවිතයෙන්. මොකද අපි ප්‍රත්‍යක්ෂ කරපු ඇත්ත සමාජගත කරද්දි මැරුම් කන්න වෙන්නත් පුළුවන්. හරිය‍ට ජීසස්ට වුණා වගේ. එයා අපි වෙනුවෙන් ජීවිතයෙන් කැප වුණා. මේ ක්‍රමයෙදි උඩට පීනන්න අමාරු ඒකයි. අපිට එහෙම කරන්න බෑ. ඒකයි නිදහස තමා තුලමයි තියෙන්නෙ කියල මම කියන්නේ. නිදහස සමාජගත කරද්දි කරන්න වෙන කැපවීම් කරන්න අපට බැරි වෙන විධියෙ බැඳීම් අපි අවට තියෙනවා.

    පුද්ගලිකව මට තවම පවුලක බැඳීම් තියෙනවා. දැනට මම කැපවෙන්නෙ එයාල වෙනුවෙන්. සහ නෑදෑයො සහ මිතුරන් වෙනුවෙන් කැපවීම නිසා මම හැමදාම හිටියෙ දුප්පතෙක් විධියට. ඒක තව දුරටත් කරන්න මම සූදානම් වුණත් ඒකට මට ඉඩක් නෑ. ඔයා අර කිව්ව වගේ මමත් මේ ක්‍රමයේ සාමාජිකයෙක් නිසා.

    නමුත් මම ක්‍රමය තුල මගේ උපරිම නිදහස ලබාගන්න උත්සාහ කරනවා. අඩු තරමෙ ඒව ඔයාල එක්ක බෙදාගන්න තරම් මම නිදහස් වීමත් ලොකු දෙයක්. මෙතුවක් කාලයක් මේ දේවල් ගනේ අයියා චූටි අක්කා සහ මගේ යාළුවා සමන් වගේ අපි කිහිප දෙනෙක් අතර විතරයි තිබුණේ.

    ඔයාල මාව ඉදිරියට යවන එක ගැන ස්තූතියි සෑහෙන්න.

    ReplyDelete
  5. අවංකවම ඔය දුර්වල කම මං ලගත් තියනවා‍‍..කෙනෙක් මුලින් දැක්ක ගමන් හිතට එන හැගීම ඉවත් කරගන්න බැරි වීම...ඒ හැගීමෙන්ම ඒ මිනිස්සු එක්ක වැඩ කරද්දි ටික කලකදී මම වැරදී කියලා දැනෙන එක...සමහර විට හොදයි කියලා හිතලා ලං කරගත්ත මිනිසුන් නරක් වීම හා නරකයි කියලා ඇත් කරන අය හොද වීම...මං හිතන්නේ ඒක‍ට බලපාන මුළිකම සාධකය තමයි අපි තුල මුල් බැහැලා තියෙන ආකල්ප අපිට වඩා වෙනස් රටාවක් පිළිගන්න අපි තුල තියෙන අකමැත්ත..ඒත් හදවත හැමරටාවකම අයට විවර කරලා තමන්ගේ රටාවට ඡිවත් වෙන එක හරිම ලේසී..මම ‍මේ වන විට ඒක පොඩ්ඩ පොඩ්ඩ අත්දකිමින් ඉන්නෙ....නැත්නම් ඉතිං කොණ්ඩෙ බදින පිරිමි‍ක් ගේ මූණක් වත් බලපු එකෙක්ද මම දැන් අයියේ හයියේ ගගා කියවන්නේ...හික් හික් ...

    අර රඡරට කොළුවා සාධාරණවාදය හොයා ගත්ත එක ‍‍කොච්චර හොදද මං අහන්නෙ...!

    ReplyDelete
  6. @ M - මේ කොණ්ඩෙ බඳින්න මේ සිරි ලංකාවෙ අමතර ගටකුත් ඕන වෙනව පිරිමියෙක්ට. මම ඒ ප්‍රතිරෝධයට මුහුණ දුන්නා කොණ්ඩෙ වවන්න ගත්ත මුල් කාලෙ. වටේ එවුන්ට මාර අමාරුවක් තියෙන්නේ. දැනටත් මට සමහරු විහිළුවට නංගි කියනව. මම එයාලට අක්කෙ කියල කතා කරනව. හික්!

    දන්නවද හදවත විවෘත කිරීම නම් සාර්ථක ක්‍රමයක් තමයි.

    ReplyDelete
  7. හරේ , ඒක ඇත්ත‍...අද කාලේ වෙන‍ කොට කො‍ණ්ඩේ වවන පිරි‍මියෙක් ‍ටිකක් අසාමාන්‍ය මානසික ලෙඩෙක් ගානට දාලා බැලුවට කො‍ණ්ඩේ කපන එකයි අසාමාන්‍ය මොකද ස්භාවිකවම බැළුවොත් කොණ්ඩේ හැමදාම දිගට වැවෙනවා. ඒකට හේතුව හිස් කබල හා මොළය බාහිර පහරවැදීම් හෝ වෙන දේකින් ආරකෂා කිරීම...පරණ ගෙවල් වල තියෙන ආරච්චි මහත්තයලාගේ එහෙම කොණ්ඩේ බලන්නකෝ හොද ලස්සනට බැදලා තියෙන්නේ...කොටින්ම බුද්ධ රූපයක් හා ඡේසුගේ රෑප වල පාවා ‍කොණ්ඩේ පැහැදිලිව පේනවා...

    ReplyDelete
  8. @ ඇම් - බුදුන් සහ ජීසස් නම් හදපු ප්‍රතිරූපනේ නේද? මම වතාවක් බුදු හාමුදුරුවො කියල එකක් ඇන්ද ජීසස් වගේ. දැන් කෝ කියල අහන්න එපා.

    ඇත්තටම කොණ්ඩය ඉබේ වැවෙන එකක්. ඉස්සර හිටපු හැමෝම කොණ්ඩෙ වැව්වා. ඒක අනන්‍යතාවයක් වුණා. මට වගේ. ;) සුද්දො ඇවිත් බෝ කරපු වික්ටෝරියානු සදාචාරය කියන එක නිසා තමයි කොණ්ඩෙ කැපීම ඇරඹුණේ. අද ජීවත් වෙද්දි කරන්න තියෙන වැඩ එක්ක යමෙක්ට කොණ්ඩය කරදරයක් නම් කපන එක එයාගෙ වැඩක්. ඒත් කට්ටිය හිතන්නෙ ඒක වැවෙන්න දෙන එක හෙල සංස්කෘතිය විනාශ කරන, ඊනියා පිරිමි කම කෙලසන මහ මුග්ධ පොන්න වැඩක් කියලා. හික් හික්.. පවු අනේ මෙයාලා...

    ReplyDelete
  9. හික් හික්! ආයෙත් මුලට ගියොත් තේරෙයි මේ කොණ්ඩ වවන්නො කියන කණ්ඩායමක් ඇතුලට කට්ටිය අපව තල්ලු කරන විධිය. ඒත් මම නම් ඒක ටිකක් ආඩම්බර වෙන්න කාරණයක් කරගන්නවා. ;)

    ReplyDelete
  10. ජීසස් සහ සොක්‍රටීස් යන දෙදෙනාම තමන් පෙනී උන්නු සත්‍යය වෙනුවෙන් ජීවිතේ කැප කරපු දෙන්නෙක්. ජීසස්ව කුරුසයෙ ඇණ ගැහුවා, සොක්‍රටීස්ට විෂ බොන්න අණකලා. නමුත් ඔවුන් කවරදාකවත් තමන් පසක් කරගත් සත්‍යයට පිටුපෑවෙ නැහැ. ඒ වෙනුවෙන් පෙනී ඉදලයි මියගියෙ. ඒ නිසයි ඒ අය අදටත් ජීවත් වෙන්නෙ...

    ඔයා කියන එක හරි. අපි මේකෙ කොටසක් උන පළියට අපිට ගැලවීමක් නැති වෙන්න විදිහක් නැහැ. ඒක ඉතා දුෂ්කර ක්‍රියාවලියක්. අපි එකිනෙකා එක්ක බෙදාගත්තට අවසානයේදී එය පෞද්ගලිකව ළගා කරගත් යුත්තක් මම හිතන විදිහට.අපේ බෙදාගැනීම් තමයි අපව ඒ දෙසට යොමු කරවන්නේ.

    අපි උප‍තේදීම ණය කාරයන් වෙලානෙ උපදින්නෙ. ඇමරිකාවට හෙම නෙමෙයි මම කියුවෙ අපේ දෙමවුපියන්ට..ඒ බැදීම් මටත් සෑහෙන්න දැනෙනවා,බලපානවා.

    මේ අදහස් හුවමාරුව සහ බෙදාගැනීම හුගක් වටිනවා. ඒ වගේම හරේ‍ගෙ ඉදිරි වමනෙ පාරවල් වලින් තවත් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  11. @ Bo - මම හිතන්නෙත් මේක පුද්ගලිකයි කියලයි. මොකද තමන් ග‍ඟෙන් එගොඩට ගියොත් අනිත් අයට උදව්වක් කරන්න පුළුවන්. හැමෝම එක්ක යන්න ගියොත් තමන්ටත් ගිලෙන්නයි වෙන්නේ. මොකද එක එක්කෙනාගෙ විලාශය වෙනස් නිසා කට්ටිය පීනන්නෙ වෙනස් විධි වලට. මට ආයෙත් DJ ගෙ පිටකොටු බස් එක මතක් වෙනවා.

    ReplyDelete
  12. honda adahas huwamaaruwak denna karala thiyenne :)
    ane manda.lol. minissunwa manina eka nam hari naha thama. eeth me loke jeewath weddi apita ehema ekak hadaaganna wenawa or eka ibeema hadenawa....ara hondin naraka wenkarana minuma wage ekak.......eka ekkenata saapeksha thamantama awenika wu minumak. podu mimmak nam na mang hitanne :D

    ReplyDelete
  13. අඩඩො... මේක දෑක්කම මටත් කොන්ඩෙ වවන්න හිතුනා ලොල් (ගනන් ගන්න එපා බීලා ඉන්නකොට කියන ලබ්බවල්)

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!