Friday, 22 August 2008

පරිපථ

පරිපථ හෙවත් සර්කිට්! මේව තියෙන්නේ ඔළුවෙ. අපේ ඔළුවෙ අපි පුංචි කාලෙ ඉඳන්ම ක්‍රමයෙන් වර්ධනය වෙලා පසු කලෙක අපේ ඔළුවටම බද්ධවෙන මූලධර්ම හෙවත් නිර්නායක වලට තමයි මේ පරිපථ කියල කියන්නේ.

මේකට මේ පරිපථ කියන වචනය මුලින්ම කියනව ඇහුනෙ නදීක ගුරුගේ. එයා දෙරණෙ අවකාශයට ආපු වෙලාවක. එයා කිව්වෙ ඔළුවෙ තියෙන සේරම නැතත් පුළුවන් පරිපථ ගලවල දාන තරමට අපි නිදහස් වෙනව සහ අපට ඒ පරිපථ වලින් වැහිල තිබුණ සැබෑ අපිව පේනව කියලයි. මම කාලයක් පුරා ඔය කතාවම කිව්ව සහ දැනටත් කියනව. විශ්ව තරණය හරහා මම කියන්න ගියෙත් ඕකයි. විශ්ව තරණයට තියෙන මානසික බාධක තමයි අපේ හිතේ නිදහස නැති කරන හිත සීමා කරන පරිපථ. බුදුන් විශ්වයේ කෙලවර ගැන කොහේ හරි කියල ඇති. මොකද එයාට ඒ ගැටළුව එන්න ඇති. එයා අනිවාර්යයෙන්ම හොයන්න ඇති. යම් සාපේක්ෂ නිර්ණායකයක් තුල එයා යම් පරිපථයක් හදාගන්න ඇති. මොකද කෙලවරක් නැති හින්දා. කොහොම හරි විශ්වයේ කෙලවර හොයන්න ගිහින් එයාට එයාව හමුවෙන්න ඇති. ඒක නම් මට සක්සුදක් සේ පැහැදිලියි. දැන් ඉන්න අයට ඕක නොතේරෙන නිසා ලියන පොත්වල සහ කියන කතන්දරවල තියෙන්නෙ බුදන් ඒ ගැන හොයන්න එපා කිව්ව කියලයි.

පරිපථ ගලවන්න නම් විශ්වයට යන්න වෙනව. විශ්වය ඒ තරම් ඈත නෑ. අපි හදාගත්ත අපේ ලෝකෙන් ගැලවුණ ගමන් තියෙන්නෙ සෑහෙන ඉඩක් තියෙන අනන්ත විශ්වය තමයි. මේ ලෝකෙ තියෙන මල විකාර වලින් අපිව වැහිල නිසා ඉලෙක්ට්‍රොනික් අන්වීක්ෂයකින් බැළුවත් අපට අපව හොයාගන්න නම් වෙන්නෙ නෑ. ඒක කරන්නත් අමාරුයි. ඒ නිසා විශ්වය තමයි අපට අපි දිහා බලන්න සුදුසුම තැන. ඒකට අපෙන් ගැලවෙන්න වෙනව. හොඳම ක්‍රමය තමන් හිතන දේ ගැන නැවත සිතීමයි. මුලින් මඤ්ඤං වුණත් පසු කාලෙකදි ඒ හරහා අපට අපේ වැරදි අහුවෙනව. මනෝ කඳු නැගීම හරහා මම උත්සාහ කරන්නෙ මේ දේවල් හිතන්න. ඒකෙදි මට උදව් කරන දේ (X, Y, Z) මාව ගඟකින් එතෙර කරන ඔරුවක් වගේ. ග‍ඟෙන් එගොඩ වුණාම තව දුරටත් අපට ඔරුව ඕන වෙන්නෙ නෑනෙ.

කෙනෙක් අහයි ඇයි පරිපථ ගලවගන්නෙ කියල. පරිපථ ගැලවීම හරහා සාමූහික විමුක්තියක් ලබන්න බෑ. තනියෙන් ගොඩ යන්න පුළුවන්. කහනව නම් මේ වගේ වමනෙ දාන්නත් පුළුවන්. කොහොම හරි මේ පරිපථ කාරයෝ (මාත් ඇතුලත්) මේ ලෝකය අද ගෙනත් තියෙන තැන පේනවනේ. ඉතිං පරිපථ තුල ගැලී සිටීම ඒ තරම් සාර්ථක නෑ නේද?

කී‍ දෙනෙක්ට මේ කතාව ‍තේරෙයිද මන්දා. මම මාවම ගන්නම් උදාහරණෙකට. මම කියන දේවල් නිසා කට්ටිය (සමහර විට අපේ සෙට් එක හැර) හිතන්න පුළුවන් මම හෙන සංකීර්ණ, ජීවිතේ ඕන කමින්ම මාර යුද්ධයක් කරන් දඟලන මෝඩයෙක් කියල. අපේ පුංචි මට කියන්නෙ උගත් මෝඩය කියල. එයාට ජීවිතේ ලේසි කරගන්න විධි කියල දෙන්න ගිහින් මම අහගන්න ඒව. හික්.. ඒත් එයා දන්නව මම කියන්නෙ නිකන් නෙවෙයි කියල.

කොහොම හරි මම Complex & Simple. ඕන වෙලාවක මට පුංචි එකෙක් වගේ නිදහස් වෙන්න පුළුවන් උවමනාව අනුව. මම කාටුන් පිස්සෙක්. ගනේගොඩ අයියත් එක්ක පුංචි එවුන් වගේ හිනා වෙවී මම ඕන තරම් කාටුන් බලල ඒවයින් අම්බානක දේවල් අරන් තියෙනව. ලොකුයි කියල හිතන් ඉන්න අයියල ඉන්නව කාටුන් කියන්නෙ පොඩි එවුන්ට තියෙන දෙයක් කියල හිතන. මායි ගනේගොඩයි දෙන්න නම් Finding Nemo බලල ඊට පස්සෙ Betty Blue ත් බලල ඔය අතරට Shall We Dance නැත්නම් Sound of Music බලන්නත් එක වගේ කැමතියි.

පොඩි එවුන් එක්ක ගැවසෙන එක මුලදි මට මාර අවුලක් වුණත් දැන් නම් මම ඉක්මනට එයාල එක්ක යාළු වෙනව. මටත් පුංචි එකෙක් වෙන්න පුළුවන් ක්ෂණිකව. ඒක කරන්න පුළුවන් වෙන්නෙ හිත නිදහස් වූණාම තමයි. නැතුව ඒක kid fever එකක් නෙවෙයි. (එහෙම අයත් ඉන්නවා 40 වුණාට ළමා වැඩ කරන. හික් හික්...) ඉතිං අර කිව්ව පරිපථ එක්ක නම් කවදාවත් පොඩි එවුන් එක්ක ගැවසෙන්න වෙන්නෙ නෑ. මගේ අභ්‍යන්තරයෙ තියෙන පරිපථ ගැ‍ලවෙන්න වෙන්න මම බොහෝමයක් දේවල් වලින් මානසිකව නිදහස් වෙනව. ජීවිතය තුල නම් නැවත නැවත මම විවිධ චරිත වල ඉන්නව විවිධ අය එක්ක.

මම දන්න තවත් පරිපථ තියෙනවා මා තුල. ඒවයින් ගැලවිලා මට මේ ක්‍රමය තුල පැවැත්මක් නෑ. මම ඒව අවබෝධ කරගන්න උත්සාහ කරනව. ඒ අවබෝධය හරහා ඒව පාලනය කරල මාව ඒ හරහා පාලනය කරනව. ගලවල තේරුමක් නැති පරිපථ ගලවන්න පුළුවන් බව අවබෝධ කරන් මම නිහඬ වෙනව. පුළුවන් උපරිම නිදහස මම ඒ තුල ලබනව. ඒක හිතෙද්දි නම් මාර ආතල් එකක් දැණෙනව.

අනිත් කාරණය පරිපථ ගලවල නිකං ඉඳල හරියන්නෙ නෑ. නිවැරදි පරිපථයක් හොයල හෝ නිර්මාණය කරගෙන හයි කරගන්නත් වෙනව ජීවත් වෙද්දි. නැත්නම් බෙල්ලෙන්ම යයි. මේ ස්වාධීන පරිපථ නිර්මාණය කරගන්න නම් සමාජය හදාරන්න වෙනව. ඇසුරු කරන්න වෙනව. කල්පනා කරන්න වෙනව. මනෝලෝක වල සැරිසරල, මනස හදාරල, මනෝ කඳු නැගල, කඳු පාමුල දිහා බලල සිතියම් ඇඳල, භූමි ලක්ෂණ ලකුණු කරල ක්ෂේම භූමියක් හොයාගෙන ආපහු බහින්න වෙනව.

හික් හික්...

ඊට පස්සෙ ක්ෂේම භුමිය හොයාගෙන දාන්න ඔරේ රන් එකක්෴


.

4 comments:

  1. හප්පේ මං හිතන්නේ අපි මේ ගැන විවිධ අවස්ථා වල විවිධ මාතෘකා වල ඉදන් කථා කලා මහගෙදරදී ....අර ෆිලමන්ට් එක පිච්චිනු පින්තුරය තිබ්බ කවියෙත් ලිව්වේ මේ වගේ අදහසක් නේද වෙනමම මානයක ඉදන් ඔය පරිපත ගලවනවා කියන්නේ අපි අපි තුලම ඉන්න නියමම original මාව හොයා ගන්න එකනේ...හට්ටි පෙට්ටි පෙට්ටගම් වල හිර වෙලා කුරෝලු වෙලා තිබ්බ/ තියන ඔළු ටික අස්සෙන් තමාවම මතු කර ගැනීම...අපූරු අදහසක්....
    >>බොහෝමයක් දේවල් වලින් මානසිකව නිදහස් වෙනව. ජීවිතය තුල නම් නැවත නැවත මම විවිධ චරිත වල ඉන්නව විවිධ අය එක්ක.

    ඒ දේ නම් මමත් කරනවා...කොයි තරම් අපි වෙන්න හැදුවත් එකේ සීමාවක් තියෙනවා...පරිපත මුලු මුනින්ම අක්‍රීය කරන්න බෑරි වෙන හේතු තියනවා මොකද අපේ පරිපත අනිත් අයගේ පරිපත එක්ක සම්බන්ධ වෙන වෙලාවල් තියන නිසා...!

    අනිත් අය බදාගෙන පීනන්න බෑ බෝංචියෝ...හැබැයි ගිලෙන උන්ට ගිලෙන්නේ නැතුව බේරෙන්න පුළුවන් විදි තියනවා කියන්න පුළුවන්....උඹ ඒක කරනවා...කර‍ගෙන පලයන් ඉස්සරහටත් !

    ReplyDelete
  2. හප්පා... මේක මේ ඔබතුමීල තුමාල වගේ අයවලුන් නිසා මට ලැබුණ වරමක්. මගේ මේ මනෝ විකාර වලට වැටෙන්න බිමක් සැකසුවෙ මේ කස්ටියනේ. රොම්බ තෑන්ක්ස්...

    ReplyDelete
  3. ඔහොම යමන් freed...ලෝකෙ ඕනම දෙයක් හටගන්නෙ පරමාණුවෙන් පරමාණුව එකතු වෙලා කාලාන්තරයක් තිස්සේ...සිතුවිලි ඇදහිල් උනත් එහෙමයි නේද...අපි ඒක අවබොධ කරගත්තාම ඒ බැදුන් බනධන බිදල දාන්න පුළුවන් නේද..අපි ඔක්කොම ඔය උඹ කියන මාර්ගයේ ලොකෙ තියෙන අනේක විධි පරිසර තල වල ඉදල ගමන් කරනව ...ඒ නිදහසේ අගය ඒ සැහැල්ලුව අපි දන්නව රසවිදිනව...තවත් අඩු පාඩු හදාගෙන ඉදිරියට යනව...ඔව් freed Buddha ,Jesus කියන චරිත වලට අපි භාහිරයට විතරක් විශාල ප්රතිරෑප හදල...නමුත් මම දන්න විදියට Buddha Jesus Bob ඇතුළුව තව දන්නෙ නැතුව සැගවෙලා ගියපු බහු තරයක් අවබොධ කර ගත්තෙ ජිවිතයෙ තියෙන සරල බව කුඩා බව..ඒ‍ක සාමානව මනුෂ්‍යයෙක්ට සාපේක්ෂව සංකීර්ණ නිසා ..සංකීර්ණ සරල බව වෙන්න ඇති...කමුත් ඒ ජීවත් වීමේ සරල බව වැටහෙන්න වැටහෙන්න ජීවත් වෙන්න හරි ලේසියි...මම ඔය උඹ කියන දේවල් මේ අත්ල උඩ තියන් හි‍ටිය වගේ රස විදල තියෙනව...නමුත් මම උඹ තරම් කියන්න දක්ෂ නෑ...මම කිව්වොත් වැට හෙනම පිස්සුවක් වෙයි..අපි ලබා ගත්ත දේවල් තව අයට දෙන්න පුළුවන් කියන එක ලොකු දෙයක්...මොකෝ මේ කියන තරම මේ ජීවිතය විදවන්න දෙයක් නෑ...හිගන්නෙක් උනත් මේ ජීවිතය රස විදින්න පුළුවන් සරල ක්රමවේදයක් මේක...බුදු හාමුදුරුවෙ Jesus මේක අවබොධ කරගන්න පුද්ගලයෙක්ට මෙන්න මේව තියෙන්න ඕනෙ කියල කිව්වෙ නැත්තෙ එකයි...මොකෝ මේක open source free license ගනයේ ක්රම වේදයක් නේද??

    ReplyDelete
  4. @ හම්බර්ට් - හික්.. ‍ජොලියට මට ලොලිටා මතක් වුණා.

    ඇත්ත සෑම්. ඔයාව මම දන්නවනෙ ආත්ම ගාණක ඉඳන්. ;) මේක හරියටම ගන්න බව දන්නවා. ඔයාට කියන්න බෑ කියන එක නම් අර ජයන්ත අයිය ඇසුරු කරන නිසා වුණ දෙයක්. ඔයාගෙ මනෝ කඳු සහ සාධාරණවාදය වගේ අනගි නිර්මාණ දිගින් දිගටම අපි හැමෝටම උදව් කරනවනේ. මම දන්නෙ නෑ මට ඔය කියන වැඩේ කරන්න පුළුවන් වෙයිද කියලා. බලමුකො නේද...

    මම ගිය සතියෙද කොහෙද Sunday Observer එකේ දෙන tabloid එකේ දැක්ක ඉංග්‍රීසි කවියක් Happy Begger කියල. ඒකෙ කියන්නෙත් හිනාව පුරවන් හිඟමන් යදින එදිනෙදා කෑම වේල ගැන විතරක් බලාපොරොත්තුවක් තියෙන යාචකයෙක් ගැන. ලියපු කෙනා හරිම අපූරුවට දැකල තිබුණ සතුට ඇත්තේ සිත තුලය කියන එක.

    හික් හික්.. ඇත්තටම මේක හරිම නිදහසේ ගලන ගඟක් වගේ එකක්. තවම බදු පනවල නෑ. කාටවත් නාන්න තහනමකුත් නෑ.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!