Wednesday, 27 August 2008

රවියි බෝයි මායි කවියි ඉරිදයි

හික් හික්! මේක ඉරිද දිනයේ (24) දින සටහනක් වගේ.

ඉරිද නැගිටිනකොට 9.30යි. ඉරිද තියෙන්නෙ පරක්කු වෙලා නැගිටින්න. දන්න අය නම් කියන්නෙ උදේම නැගිටින්න කියලයි. ඒත් හැමදාම උදේම නැගිටිනවනේ.

උදේ නැගිටීම ගැන කියද්දි මතක් වුණේ ඉන්දියාවෙ නළුවො අතර මම ආසම නළුවෙක් වෙන නස්රුදීන් ෂා සහ එයාගෙ දුවත් එක්ක මොකක්ද පත්තරේකින් කරපු සම්මූඛ සාකච්ඡාවක්. හෙන කාලෙකට කලින් මම දැක්කේ.

ඔයාල මෙයාව දැකල ඇතිනේ...


මෙයාගෙ චිත්‍රපටි ගොඩක් මම බලල නෑ. බලපුවගෙන් මතක තියෙන්නෙ චයින ගේට් විතරයි. ඒත් මෙයා රඟපාපු හැම චරිතයක්ම හරි අපූරුයි කියල මතකයි.

මේ සම්මුඛ සාකච්ඡාවෙදි එයාගෙන් අහනවා පිබිදීම සහ නින්ද ගැන. මෙයා කියනවා මම පුළුවන් තරම් උදේම නැගිටලා පුළුවන් තරම් කලින් නිදාගන්නවා කියල. ඒ ප්‍රශ්ණෙම දුවගෙන් ඇහුවම එයා කියන්නෙ මම පුළුවන් තරම් පරක්කු වෙලා නිදාගෙන පුළුවන් තරම් පරක්කු වෙලා නැගිටිනවා තියල. පරම්පරා වෙනස. මම නම් මෙයාගෙ දුවගෙ පරම්පරාවේ. සමහර විට ඊටත් පස්සෙ එකේද මන්දා. මොකද මම ඒ විධියට අමතරව සමහර දවස් වලට පුරා දවසක් දෙකක් නිදාගන්න එක විතරක් කරනවා. අර වලස්සු වගේ. :D :D

කොහොම හරි ඉතිං නැගිට්ටා. රෙදි කීපයක් තිබුණා හෝදන්න. පහුගිය සතියෙම පට්ට ගහපුවා. හේදුවා. රැවුල කපන්න විදුලිය තිබුණෙ නෑ. සති 3 - 4 ක් දිගට රැවුල වැවිල නිසා ඉරිද කපන්න හිටිය මගේ කාමරේ මිතුරගෙ විදුලි රේසරයෙන්. ඒකටත් කෙලියා. ඒක තියෙන හින්දා වෙන රේසරයක් තිබුණෙත් නෑ. කමක් නෑ ලබන සතියෙ කපනවා කියල නිකන් හිටියා. 12.00 විතර එලියට බැහැලා පිටි ගුලි කීපයක් ඇද්දා උදේටයි දවල්ටයි දෙකටම. පස්සෙ එල්ලුනා කොට්ටාවක.

මම කොට්ටාවෙන් බහිනකොට හරියටම 1යි. හරියටම කියපු වෙලාව. මම හිතුවෙ බස් එක ඉක්මනට යයි කියල වුණාට මෙයා මහරගම හිටියනේ විනාඩි 10ක්ම. කොහොම හරි බෝට කතා කලා. ම්හු. වදිනවා වදිනවා ගන්නෙ නෑ. පස්සෙ ගත්තා රවිට. ගත්තෙ බෝ මං හිතන්නේ. එහෙම්මම වම් පැත්තට හැරෙන්න කිව්වා. හැරෙද්දි මෙන්න බඩු දෙක එතන.

ඊට පස්සෙ ඉතිං විනාඩි කීපයක් හිටගෙනම කතා කලා. අදාල දේවල් අතරෙ අදාල නැති ඒව සහ අදාල නැති ඒව අතරෙ අදාල ඒව. මම නොදන්න live ඒව ගොඩක් මම දැනගත්ත. ඒ නිසා දැං මට හොයන්න දේවල් ටිකක් තියෙනව. මට තේරුණේ මේ online සමාජයෙත් සීතල යුද්ධයක් තියෙනව කියලයි. ඒ සීතල යුද්ධ නිසා පුද්ගලික ජීවිත කැලඹෙන තරම ඇත්ත ජීවිතේට වඩා භයානකයි. මොකද මේ online ජීවිතය තුල මනෝකඳු හරහා මිනිස්සු පුදුම විධියට ඇන්දෙනවා. ඇත්තටම ඒකෙන් ගැලවෙන්නත් අමාරුයි වගේ. තමන් කවුද කියල අමතක නොකර ඉන්න තරමට හොඳයි.

රවිට අපි එක්ක ඉන්න ලැබුණෙ නෑ. බෝයි මායි බෝ වුණා. සුදු ලේබල් කෑල්ලක්, කණා මැදිරියො තුන් දෙනෙක් සහ දිවට දැණෙන්න දෙයක් එක්ක ගත කරපු පැයකට මදක් වැඩි කාලය හරියට මහ මුහුදක් ගාව ඉන්න හැඟීමක් මට ගෙනාවා. මට ගිලෙන්න පුළුවන් මුහුදක්. අපි අතර තර්ක නැති මතවාද සහ එකඟවීම් රාශියක් හුවමාරු වුණා. පොත්, චිත්‍රපටි සහ දන්න අඳුරණ අය ගැන දිග කතාවල් අතරෙ නිහඬවීමක් තිබුණෙ නෑ. ඒ කතා කරපුව මෙතන කියන්න දිග වැඩියි. බෝ සහ මම කවි වලින් ඒව කතා කරල තියෙනව ඕනවටත් වඩා. අර පීනන කතාවෙදි කතා වුණා වගේ බෝ කිවුවෙ අතපය ගහන විධිය කියන්න පුළුවන් වුණාට පීනන එක තමාගෙ වැඩක් කියලයි.

අපි වෙන් වුණා. මම ගෙදර ඇවිත් පැය බාගයක් කැරකෙමින් ඉඳලා නිදාගත්තා. නැගිටිනකො‍ට රෑ 11ට ලඟයි. බඩගින්නක් දැණුනෙත් නෑ. ඉතිං පහුවදා උදේ වෙනකල් ආයෙත් නිදි. ෂාහ්!

ඊට පස්සෙ ඉඳන් හිතන්නවත් වෙලා නැති තරම් වැඩ අයියෝ.... :(

6 comments:

  1. හ්ම් හ්ම් අපි දන්නවා...!

    ReplyDelete
  2. පුදුම නිදි කුම්බෙක් නෙ! හික් හික්!

    ReplyDelete
  3. @ M - දන්නව ඉටි ගෙඩිය!

    @ අසි - නිදාගන්න වෙලාවට නිදාගන්නවා. වැඩ වෙලාවට ඒක. එහෙම තමයි හික් හික්! ;)

    ReplyDelete
  4. හරිම සුන්දර හමුවීමක් හරේ. අපි සෑහෙන දේවල් කතා කලා නේද? බලමු සම්පත් යන්න කලින් ආපහු පාරක් සෙට් කරගන්න.

    මේ දවස් වල මගේ නෑදෑ වන මල්ලි කෙනෙක් නිවාඩුවට අපේ ගෙදර ඇවිත්. ඒ නිසා ටිකක් බිසී..දවසම ෆිල්ම් බල බල කයිය ගගහ ඉන්නව. එක අතකට ඒකත් හොදයි ගැටගැහිච්ච නහර ටිකක් කූල් වෙන්නත් එක්ක. හෙට අනිද්දා ඉදන් නැවත වමනෙට සෙටා වෙන්නම්.

    ReplyDelete
  5. freed ‍ගෙ ලයිෂ් පුදුම ලෝකයක්නෙ...

    ReplyDelete
  6. @ Bo - කෝ ඔයා මාව යාහූ එකතු කරගන්නව කිව්වට කලාද? මට පේන්නෙ රවි කියන විධියට බැලුවමත් ඔයාට ශ්‍රී ලාංකික දේශපාලකයෙක්ගෙ ලක්ෂණ තියෙනවා වගේ... දැන් සෑම් නම් ඉන්නවා...

    @ SK - පුදුම? මොකක්ද පුදුම? සාමාන්‍ය සෙට් වීමක්. හරිම සරලයි. ;)

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!