Thursday, 28 August 2008

මගේ භාෂා ලෝකය

මේක කවියක්. හික්!

විස්තර කමෙන්ට්ස් වලින් කතා කරමු.


3 comments:

  1. freed අපි මේකෙන් අපේ ය‍ටි හිත්වල තියෙන දාර්ශනික තෘෂ්ණාවක් පිරිමහ ගන්නව වෙන්න පුළුවන්..නමුත් freed දන්නවද uni වල එහෙම ඔය එක එක සංගම් වගේ දේවල් මුලින්ම පටන්ගත්තෙ ඇයි කියල...අද ඒව මහ විකාර විදියට දේශපාලනීකරණය උනාට ඒවයින් බලාපොරොත්තු උනේ දාර්ශනික මත හා විවිධ මෘතෘකා ඔස්සෙ සංවාද වල යෙදෙමින(අපි කියන විදියටනම් මනෝ කදු නගමින්) ප්රබුද්ධ තත්ව‍යට පත්වෙන්න...නමුත් අද අර ඔයා කිව්ව වගේ ඕනෙම දේක හොද දේවල් හැලිල ගිහින පඩ ෂෝ ටිකක් විතරක් ඉතුරුවීමේ කලාව තියෙන නිසා මේව අපිටත් තෘෂ්ණාවක් පිරිමහගන්නව වත්ද වගේ හිතෙනව....නමුත් මම හිතන්නෙ එහෙම නැහ...පොඩ්ඩක් බලන්න පස්ස හැරිල අපි මේ තුලින් කොච්චර දේවල් පසක් කරගත්තද දියුණු කරගත්තද...තව freed අපිට හිතෙන ඔක්කොම දුන්නොත් යම් දෙයක(සිතුවිල්ලක හෝ දැක්මක හෝ ඕනම දෙයක) පුද්ගල බද්ධ ස්වාධීන චින්තනය විනාශ වෙලා යනව නේද????

    ඒක නිසා කාට හරි කරන්න පුළුවන් වෙන්නෙ දෙන්න පුළුවන් සුවල්පය තුලින් පර තෙරකට inspire කරන එක නෙමෙද??? බොහෝ උසස් කළා නිර්මාන කියල නිම කරන්න බැරි තරම් නේක නේක දේවල වලින් උනත්.

    මම මේක ලියනකොට උනත් මට කියන්න තියෙන ඔක්කොම වචන වලට පෙරලන්න බෑ..සරලව කිව්වොත් පීනන කථාව තමා...එහෙම නැත්තම් අපි මොකක් හරි site එකක link එක දෙනව මෙන්න මරු website එකක් කියල...අපි ඒ "මෙන්න මරු" වචන 2කට පරතෙරක දෙවල් ඔබ්බවල නේද එහෙම කියන්නෙ..නමුත් ඒ තුලින් inspire වීම නොවීම පුද්ගල බද්ධ දෙයක්...එහෙම නේද??නමුත් ඒ හරහම inspire කිරීමේ විධි කියල කලාවකුත් බිහිවෙනව..(ඒක වෙනම බොන්න ඕනෙ topic එකක් ඒක නිසා මම ඒ ගැන නොකියමි) නමුත් අපිට මෙන්න මරු කියන එක අපේ මනස තුල පරතෙරක්...පූස් පැටියෙක් උනත් කොච්චර දෙවල් හිතනව ඇත්ද නේ??? මම කිව්වෙ ඔයා දැකල ඇතිනෙ පූසෙක් මීයව මරල ඒකව අනුභව කරන්න කලින් කොච්චර ඒකත් එක්ක සෙල්ලම් කරනවද කියල...ඒ තුලින් එක්ත් උගෙ දඩයම් තෘෂ්ණාව පිරිමහ ගන්නව වෙන් බැරිද...hikz hikz....මම මොන පිස්සුවක් ලිව්වද මන්ද...

    ReplyDelete
  2. මේක සෑම් මම ලිව්වෙ මම ලියන දේවල්ම එපා වුණ මොහොතක. හික්! සහ මේ ක්‍රමය තුල ඕනෑම මානසික මට්ටමක කෙනෙකුට තමන්ගෙ උවමනාවල් සපථ කරන්න ආකාරයක් තිබීම කියන දේ හිතලයි.

    ඇත්තටම අපි ඉන්නෙ අතෘප්තියෙන්. අපි නම් ඒකෙ සීමා සහ හැඩය දන්නවා. ඒත් අපිත් මේ ක්‍රමයෙම අංශු හින්දා අපිටත් අතෘප්තියෙන් ගැලවෙන්න බෑ. අපි ආශා කරන වස්තුව ලබාගැනීමට දරන වෑයම සහ ඒක සාර්ථක වීම තුල ලබන ප්‍රමෝදය සහ ටිකකින් නැවත ඒ ප්‍රමෝදය බිඳ වැටීම කියන නොනවතික ක්‍රියාවලිය නේද මේ චක්‍රය. ඒක තුල කවදාවත් අපි පරිපූර්ණ වෙන්නෙ නෑ. ඒක වටහා ගැනීම සහ ඒක තුල ජීවත් වීම කරුණු දෙකක්. ඉතිං මානසිකව අපි ලබන ප්‍රමෝදය තුල ඇලීම සහ නිදහස් වීම, නැවතත් අතෘප්තිය හරහා ප්‍රමෝදය සොයා යාම වගේ දේවල් ටිකක් ම‍ට හිතුණ. ඒක මට මුලින්ම කික් වුණේ එදා අර බෝ එක්ක සෙට් වුණ දා එයාල මම කියල රැවටෙන්න ගිය බුක් මාක් විකුණපු අයගෙ ප්‍රකාශණයක් හරහායි. ඒක ඇත්ත කියල මට හිතුණ.

    කෙනෙක් කාර් එකකට ආසාවෙන් ඉඳල ඒක අරගත්තම මාර ආතල්. ඒත් ටික දිනකින් එයාට අළුත් එකක් ඕන වෙනව. හරියට මොබයිල් ෆෝන්ම අරන් බලන්නකෝ. මලීගෙ හුයේ අපි කතා කලා වගේ ආසාව කවදාවත් අපිව පූර්ණ කරන්නෙ නෑ. කෙනෙක් මොබයිල් වලට ආසයි වගේ මම නිර්මාණකරණයට ආසයි. නමුත් ඒ තුල මම තෘප්ත නොවීම තුල මට ඇතිවෙන කලකිරීම හරහා මම හිතනව ආයෙත් නොහිතන දරුවෙක් වෙන්න. නැත්නම් ඒ තරම්වත් නොහිතන පූසෙක් වෙන්න.

    නමුත් නිර්මාණකරණය තමයි මගේ අතෘප්තියේ ආසාව. ඒකෙ කෙලවරක් නෑ. ඒක වක්‍රව ඔයා කියපු ප්‍රබුද්ධ වීමේ උවමනාව දක්වා දිවෙනවා. නිර්මාණ හරහා, අපි මේ කතා කරන දේවල් හරහා මම බෙදාගන්න දැණුම පවා ඒකට ඇතුලත්.

    නමුත් මොබයිල් ෆෝන් වලට ආස කෙනා ඒකෙන් ගැලවීම විහිලුවක් විධියට දකිනව වගේම මමත් කවදාවත් නිර්මාණකරණය අතහරින එකක් නෑ. ඒක මගේ ශරීරයට බද්ධ වුණ දෙයක්. මාධ්‍යය වෙනස් වෙයි. නමුත් හැමදේම නිර්මාණයක් වෙයි.

    දාර්ශණික තෘෂ්ණාව වරදක් නෙවෙයි. ඒක නොතිබුණා නම් ලෝකය මෙහෙමවත් ගරුකටයුතු නොවෙනවා වගේම නිකමට හිතන්න බුද්ධ සහ ජීසස්, බොබ් වගේ අපි හිස් මුදුනින් එකඟ වෙන අය එයාල හොයාගත්ත දේ අන්‍යයන්ට වදාරල එයාලව ගොඩ යැවීමේ තෘප්තියට තෘෂ්ණාවෙන් නොහිටියා නම් අද අපි අනාථයි නේද? ;)

    අර පූසො දඩයම එක්ක සෙල්ලම් කරන්නෙ මැරුණු සතාගෙ සිරුර තුල හැදෙන විෂ ඉවත් වෙනකල් කියලයි මම නම් අහල තියෙන්නේ.

    ReplyDelete
  3. hariiii......

    ketiyen kiyannam........

    FEELINGS BEYOND WORDS.....

    (meka kiwwata passe terum ganin hareshayooooo......... :D)

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!