Friday, 29 August 2008

ආදරය - ප්‍රකාශ කිරීම සහ දරාගැනීම

මේකත් මට හිතුණ තව ප්‍රලාපයක්. කාලයක් ‍වෙනව කල්පනා වෙලා. ඒත් ඉතිං කියන්න කලින් තවත් කල්පනා කරන්න ඕන වුණා.

කොහොමත් මම ‍හැමදාම කියන්නෙ නොයෙක් ඇසුරු කිරීම් හරහා ගොඩනගාගත්ත මගේ මතයක් තමයි. මමත් ඒ තුල නොඉන්න පුළුවන්. ඒත් මම ඉන්න තැන අනුව මම හිතන දේ සීමා කරගන්න මම සූදානම් නෑ. ඒ නිසා මට කල්පනා වෙන, සංවාද කල යුතුයි කියල හිතෙන දේවල් කියන්න මැලි කමක් නෑ මට. මම මේ ගැන කතා කරන්න මිස මේ කිසිවක් නරකයි හෝ හොඳයි කියන්න සූදානම් නෑ. මගේ වත්මන් ගුරෙක් වන නදීක ගුරුගේ කියපු විධිය‍ට සමාජය තුල වර්තමානය කිසිවිටක හොඳක් හෝ නරකක් වෙන්නෙ නෑ. ඒක හුදු තත්ත්වයක් විතරයි. ඒක ගැන කතිකාව හරහා සාධනීය යමක් බෙදාගන්නව හැර ඒක අන්ත වලට ඇදල දාන එක නම් තේරුමක් නෑ. මොකද මම ඉන්නෙත් මේ කතාව ඇතුලෙමයි. මමත් හැමෝම වගේ. ඒත් යම් යම් මතවාද සහ ජීවන රටාවන් අනුව මම ටිකක් වෙනස් වෙන්න පුළුවන්. කොහොමත් හැමෝම එකිනෙකාට වෙනස්නේ.

ඉතිං මේ ගැනත් අපි කතා කරමු.

පහුගිය ටිකේම විටින් වි‍ට කතා කරපු ආදරයේ තවත් පැත්තක් කතා කල යුතුයි කියල හිතුණ. අපි කියන විශ්වීය ආදරය සහ අනේමන්දා ආදරය ඇරඹුමේ සිටම වෙනස්. ඒ කියන්නේ අනේමන්දාව අපි ප්‍රකාශ කරනවා. සරලව කිව්වොත් 'අහනවා'. මේක මේ ආදරයේ සිම්පල්, මැන්ඩලින් සහ අනිවාර්ය එකක් නේ. අහන්නෙ නැතිව ඒ ආදරය ඒක පාර්ශවිකයි. තනියම ලව් කරනවා. මනෝ කඳු හදනවා. හිතෙන් අනාගතය මවනවා. ඒක ප්‍රකාශ කලාම තමයි ආදරය පරිසමාප්ත වෙන්නේ.

මේ ප්‍රකාශ කිරීම අපි තුල තියෙන ආදරණීය ආත්මාර්ථකාමී හැඟීම හෙවත් අයිතිකරගැනීමේ ආසාව නේද? මොකද අයිති කරගැනීමේ උවමනාවල් නැති වෙනත් අයට අපි ආදරය ප්‍රකාශ කරන්නේ නෑනේ. මේක ආදරයේ හැම ප්‍රභේදයකටම අදාලයි. අපි අපේ අම්මට තාත්තට ආදරය ප්‍රකාශ කරන්නෙ එයාල අපේ නිසා. නංගිට අක්කට මල්ලිට නංගිට ඇතුළු බොහෝ අයට අපි ආදරය ප්‍රකාශ කරනවා ‍විවිධ ක්‍රම වලින්. ඒ එයාල අපේ හින්දා. පෙම්වතියකට හෝ පෙම්වතාට ආදරය ප්‍රකාශ කරන්නෙ එයාල තමන්ගෙම කරගන්න ඕන නිසා.

ඒ තමයි ප්‍රකාශ කිරීම ගැන මගේ සිතිවිල්ල.

එහෙම නැතිව ආදරය කරන්න නම් ඒක දරාගන්න වෙනව. ඒකෙන් අපිට පිරෙන්න පුළුවන්. අපි තුලම තෘප්ත වෙන්න පුළුවන්. ස්වයං වින්දනයක් වගේ. හික් හික්! ඒ වගේම ටිකක් විශ්වීයයි. හිතන්න අමාරු වුණත් අපට යම් යම් හේතු මත ආදරය දරාගන්න පුළුවන්. ඒ කියන්නෙ මම දන්න අයගෙ සහ මගේම පවා යම් අත්දැකීම් අනුව අපට ආදරය ප්‍රකාශ කරන්න බැරි ඒත් ආදරය හිතෙන වෙලාවල් තියෙනවා. පාරෙ යන කෙල්ලො කී දාහක් ගැන ආදරේ හිතෙනවද අපට? ;) ලිංගික උවමනාවකින්ම නොවුණත් ඒක ආදරයට සමාන හැඟීමක් නෙවෙයිද? ඒක අපට දරාගන්න වෙනව නේද? ඒ නැතත් අයිතිකරගැනීමේ හැඟීමකින් තොරව අපට අප තුලම ආදරය දරාගන්න වෙන අවස්ථා ඕන තරම් නේද?

මේ ආදරයන් දෙකම එකම අරමුණක් මත පදනම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනේමන්දාව.

මම නම් ආදරය ප්‍රකාශ කරනවට වඩා දරාගත්ත අවස්ථා වැඩියි. බොහොමයක් අයට ආදරය ප්‍රකාශ කරන්න හිතන් එයාල ගැන හිතමින් ආදරය දරාගනිමින් ඉන්න කාලෙදි ඒ ෆැන්ටසිය බිඳ වැටෙන යමක් වෙනව. එකකොට ප්‍රකාශ වීමක් වෙන්නෙ නෑ. හැබැයි දිගටම දරාගන්නව. ගෑණු ළමයි මිතුරියන් විධියට ඇසුරු කරන කාලයෙදි බොහෝ පිරිමින් මේ ආදරය දරාගන්න අතර ඒක ප්‍රකාශ කරල ඇයව තමන්ගේ කරගන්න හීනයක් දකිනව. ඒක මම හිතන්නෙ ඕනම පිරිමියෙක්ට අදාලයි. පිරිමි කතිකා තුල අපි කතා වෙන විධියට ඒ ට්‍රයි කරන කාල සීමාව මාරම සුන්දරයි.

ඒ ගැන මම පණ යනකල් අහල තියෙන සහ දැනටත් අහන MLTR - Michael Learns to Rock සෙට් එක ලස්සන සින්දුවක් කියල තියෙනව.

More Than A Friend You got me counting the seconds
It happens every time
I'm waiting for the moment
we can sit down and talk for a while
And every time that you're near me
my heart is running away
How can I tell you when words don't come easy
and there is so much I'm trying to say

Chorus:
I wanna know that love will surround us
and you'll share it with me every day
Tell me you'll care for me now and forever
I'll give anything to hear you say
that I'm more than a friend

I'm gonna try in the future
not to live in the past
I guess that I was a dreamer
if I thought it could ever last
But every time that I see you
you bring me out in the sun
How can I hide it when we are together
I just know that you're the only one

Chorus:
I wanna know...

I wanna make you see
everything you are to me
Try to understand
I wonder if you can
The love I have for you
will always be true




7 comments:

  1. පස්සෙ තොගට කථා කරනකන් දැනට සිල්ලරට කියන්නම්...මාත් ඔය කියන fantasy එකට මාර ආසයි මචං...මාර ආතල්...අනික මචෝ මට හිතුන දෙයක් තමා අපි ප්රකාශ කරනකන් ඔය කියන fantasy කෙල්ල අපි හිතන විදියමයි අපිට ඕනෙ ගති ගුණමයි..නමුත් බොහෝ වෙලාවට කව්වායින් පස්සෙ එහෙම නැති උනාම හිත හදාගැනීම පිණිසයි තමා ඉතින්...hikz hikz

    ReplyDelete
  2. අහා කියන්න බැරි උනා horton ගැන දැන් කියන්න කාලෙ හරි..ok ok පස්සෙ පස්සෙ

    ReplyDelete
  3. හෝර්ටන් ගැන ඔයත් ලියන්නකෝ බලන්න. අපි ඒකෙ එකට වමනෙ දාමු.

    මේ සිල්ලර කතාව මට ආයෙත් බෝ එක්ක කරපු කතාව මතක් වුණා. මොකද අපි එදා ඕක කතා කලා. ඒ ඇත්තටම digi love කතාවක්. එක වගේ තමයි. ප්‍රකාශ කිරීමෙන් හෝ දැකීමෙන් පස්සෙ අපේ මනෝ කන්ද ගිලා බහිනව. හැබැයි ආයෙත් හැදෙනව.

    ReplyDelete
  4. තමන්ගේ කර ගන්නේ නැතුව නිදහසේ පවතින්න දෙනකොට ආදරේ නියම රසය දැනෙනවා නේද? අර xp අයියගේ වැලි මිරිකීම වගේ ?
    back to topic
    ආදරේ හරි ශෝක් අප්පා අනේ මන්දාවක්ම තමයි ...එක එක්කෙනාට වෙනස් !

    ReplyDelete
  5. @ M - ඇත්තටම.. තමන්ගෙ නොකරගෙන ඒ විධියේ ආදරයක් කරන්න ගිහින් මම නාගෙන තියෙනවා. නමුත් මට පසුවයි තේරුණේ ඒ වර්ගයේ ආදරයක් එසේ විය යුතුයි කියලා. එහෙම නොවෙන්න නම් ඒකෙ ඉන්න දෙන්නම එහෙම වෙන්න වෙනව. නැත්නම් ඒක දියාරු වෙනව.

    ඔය මතවාද එක්ක කවදාවත් අප‍ට ඔය ආදර මගුල ගැන තීරණයකට එන්න බැරි වීම නිසාම නේද ඒක අනේමන්දාවක් වෙන්නේ. ඉතිං xp රවිට කියපු දෙයින් අපි හොයාගත්ත අනේමන්දා ආදරය අනේමන්දාම තමයි... :)

    ReplyDelete
  6. me gollo itin mewata wisharadayo ne :P hehe

    (ai danne na ravi ehema penna naththe? ;))

    @ malee: aaa aththataa? ;P

    hmm.......ane manda mona kiyannada kiyala.....thamange gathi guna 100% ma thiyanawata wada thamanwa therum ganna ekkenek thama wada hoda:)

    ReplyDelete
  7. @ D - ඇත්ත ඕයි! ගතිගුණ නම් වෙනස් වෙන තරමට ආතල් වෙයි ජීවිතේ. එක වගේම වුණත් එපා වෙනවනේ. දෙන්නම හොඳට නිදාගන්න දෙන්නෙක් නම් කොහොමද? හික් හික්... ඒත් හොඳ අවබෝධයක් නැත්නම් වැඩක්ම නෑ.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!