Sunday, 31 August 2008

ජයකොඩි අයියගෙ අම්මා

ජයකොඩි හෙවත් ජයකොඩි පතිරත්නලාගේ හේමන්ත කුමාර ජයකොඩි කෑගල්ලේ ඉපදිල හැදිල වැඩිල අවුරුදු බර ගානක් ලංකාවෙ සහ මාස කීපයක් තවත් රටවල් දෙකක චාටර් වෙලා දැන් මාත්‍ එක්ක එකම ආයතනයේ වැඩ කරන සහ එකම කාමරයේ වාසය කරන මගේ සහෝදරයෙක්. එයා මරිසිය නම් දන්නෙම නෑ. හික් හික්. අපේ ලොක්කවත් එයාගෙ සාක්කුවට දාගන්න එයා දන්නවා. ඒත් මනුස්සයෙක් වශයෙන් එයාගෙ හොඳ සහ දැනුම ගැන කියන්න වචන නෑ.

මේක පහුගිය දිනයක මම එයත් එක්ක අපේ රාත්‍රී ආහාරය ගන්න පුංචි හෝටලයකට ගොඩ වැදුණු වෙලාවක වුණ වැඩක්. අපේ කෑම ඇණවුම දීලා අපි දෙන්නා හුලං වදින්නත් එක්ක එලියට ආවා. පාරෙ වාහන සහ අල්ලපු ඇඳුම් කඩේට ආපු නා නා ප්‍රකාර වාහන අපේ ඇස් වලට එලි එව්වා. මිනිස්සු කඩිමුඩියෙ දුවනවා ගෙවල් වල‍ට. වෙලාව රෑ 8 විතර වෙලා තිබුණ. අපි යෝගට් එකක් අතට අරන් කතාවක් දාන්න සෙට් වුණා. (එයා හොඳට වියදම් කරනවා. ඒ නිසා එයා එක්ක ඉද්දි මට නොමිලේ රස මසවුළු ලැබෙනවා. :D :D)

හෝටලය ඉදිරියෙ පාරෙ හිටිය වයසක කාන්තාවක්. අම්ම කෙනෙක්. වැරහැලි නොවුණත් ඇඳුම් කිලුටුයි. ලොකු පොලිතින් මල්ලක එයාගෙ අඩුම කුඩුම හොයනවා. නමුත් හිඟාකන කෙනෙක්ට වඩා ටිකක් පෝසත් ගතියක් තිබුණා.

එයා ඉද්දි අපට යෝගට් කන්න මොනාද වගේ. මටත් අප්සෙට්. මම නොදැක්ක වගේ ඉන්න ගියාට ජයකොඩිට එහෙම ඉන්න බැරි වුණා. එයා අර අම්ම ගාවට ගියා.

"අම්ම කාලද ඉන්නේ?"

ඒ අම්ම ජයේ දිහා බලල මොනවද කිව්වා.. එයා රෑට කාපු බවක් තමයි ඇඟවුණේ. ඒත් ජයකොඩි තවත් මොනවද ඇහුවම එයා කිව්ව මොනව හරි බොන්න ඕන වගේ එකක්.

පස්සෙ එයාව කඩේ ඇතුලට එක්ක ගිහින් ශීතකරණය ඇරල එයාටම තෝරගන්න දුන්නම එයා තත්පර 15ක් විතර බීම වර්ග තෝරල (ඒ තත්පර 15 එයාට විනාඩි 15ක් වෙන්න ඇති කියල මට පස්සෙ හිතුණ.) අන්තිමේ තැඹිලි පාට බෝතලයක් ගත්ත. පස්සෙ මුල්ලක තිබුණ රවුම් මේසයක ඉඳන් එයා හෙමින් ඒක බොන්න ගත්තා. අපි වෙනම මේසෙක ඉඳන් ආයෙත් කතාවට සෙට් වුණා. විනාඩි දෙක තුනකට පස්සෙ මේ අම්මා තොල කට පිහිදමින් ඇවිත් ජයකොඩි ගාවට කිට්ටු වුණා.

"පුතා මාව දන්නවද?" එයා ඇහුවා.

"ඒ මොකෝ ඒ?"

"ඇයි මට බීම එකක් අරන් දුන්නේ?" ආයෙත් ගැටළුවක්.

"ආ .. ඔයා බඩගින්නෙ ඉන්නව කියල හිතලනෙ මම කතා කලේ." ජයේට මාර හිනාවක් ගියා. ඒ අම්මගෙ මූණෙත් හිනාවක් ඇඳුණා. මට මාර ආතල්.

"ඕකට ඉතිං දැනගන්නම ඕනද?" මමත් හිනාවෙලා කිව්වා.

ඒ අම්මා යන්න ගියා හෙමින්. මම තීරණය කලා මේක ලියන්න ඕන කියලා.

"ඔය ගෑණි ෂුවර් එකට අද අඬයි" මම කිව්වා.

"ඒ මොකෝ?"

"එයාව ජීවිතේටම ඒ වගේ අගය කරල නැතුව ඇති" මම කිව්වා.

ජයකොඩි හිනා වුණා විතරයි.

මේ ජයේ මම ඉද්දිම මේ දේවල් කරපු මුල් වතාව නෙවෙයි. එයා අතේ තියෙන ගානක් ඕන වෙලාවක දෙන්න සූදානම්. ඒ නිසාම එයා සතු වස්තුව මිනිස්සු සහ හිතේ සතුට විතරයි. වෙන ධනයක් නෑ. ම‍ම හිතුවා මම මේ වගේ අය එක්ක ඉන්න ලැබුණ මාර චාන්ස් කාරයෙක් කියලයි.

ඒ එක්කම මතක් වුණේ මට අපේ මහ ගෙදරදි Gadol කියන යාළුවා හොයල දුන්න මේ සින්දුවයි. මේක තිබුණෙ මෙතන. මම දන්නවා අපි හිනාවෙන විධිය. ඒ අපි විසින්ම හෝ වෙනත් කෙනෙක් විසින් කරන හොඳ දෙයක් නිසා දැනෙන සතුටට. ඒත් ඇත්තටම නම් අපට හිනාවෙන්න බෑ තමයි.

SKITZO - Oba Hinawenne Kohomada?(Acoustic Live)
මේකෙ අවසන් පද කීපයෙ කියන දේවල් මට හරියට ඇහෙන්නෙ නෑ. කවුරු හරි ඒක හරියට මට කිව්වොත් මේක වෙනස් කරල දාන්න පුළුවන්. ෴ සංශෝධනය - නිවැරදි පද මෙතන ඇත.

17 comments:

  1. මීට තරමක් වෙනස් කතාවක් තිබුණ මගෙ යාලුවෙක්ව මට මතක් උනා. මිනිහට ඉස්සර මදුවිත නැතිවම බැහැ. ඒත් පස්සෙ කාලෙක මිනිහත් එක්ක සෙට් වෙන දවසක මිනිහ මට කිව්ව "මචන් අපි මේවට නාස්ති කරන සල්ලි වලින් බඩගින්නෙ ඉන්න මනුස්සයෙක්ට කෑමවේලක් අරන් දුන්නනම් ඒක මීට වඩා මාර සතුටක් සහ ලොකු දෙයක් බන්" කියල. බොරු කියන්නේ මොකටද මම ඒ වෙලාවෙ ෆන් කුඩු කරගන්නෙ මොකටැයි කියල ඒ ගැන හිතුවෙ නැහැ.

    අද ඒ යාලුවා මදුවිතෙන් සෑහෙන ඈත් වෙලා. ඔයා කියපු පුද්ගලයා වගේ තමයි. දුප්පත් අයට ගෙවල් දොරවල් හදන්න පවා උදවු කරනව.

    ReplyDelete
  2. මරු පොරවල්නෙ අයිය අදුරන්නෙ!
    මෙ මනුස්ස ලොකයෙත් දෙවිවරු ඉන්නවයි කියන්නෙ බොරු නොවෙ නෙ!

    ස්කිට් සො! මරු පොරවල් ටිකක් නෙ!
    ස්තුති පෙන්නුවට අපූරු ගීතයක්!

    ReplyDelete
  3. @ Bo - ඔයාගෙ යාළුවා එයා ප්‍රත්‍යක්ෂ කරපු යමක් වෙනුවෙන් කැප වෙලා නේද? අපි නම් අනාගතය ගැන හිතලා කරන වැඩක්නේ කරන්නේ. ඒකෙදි මධුවිත හරියට කෑම එකට ලුණු වගේ තමයිනේ. නමුත් ප්‍රායෝගික වෙන්න වෙනවා අපට. එතකොට නම් කැප කිරීම් කරන්න වෙනවා. මොකද හෙට ගැන හිතන්න මිනිස්සු අද ජීවත් වෙලා ඉන්න එපැයි නේද?

    @ Asi - මම දීපු ඔබ නළය සබැඳුම හරහා ඔයාට ස්කිට්සෝලගෙ තවත් සින්දුවක් හොයාගන්න පුළුවන්.

    හික් හික්... ඔය දෙවිවරු සහ යක්ෂයෝ සේරම ඉන්නෙ මිනිස්සු අතර තමයි මල්ලි.

    ReplyDelete
  4. වන සිව් පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත

    එහෙම නේද?
    යාළුවා මේ ‍සටහන දැක්කද?
    එහෙම දැක්කොත් එයාගේ ඇස් දෙකය කදුළු පිරෙයි !

    ReplyDelete
  5. අර හිස් තැනට එන්නේ "මාර දුවක " කියලා නේද

    ReplyDelete
  6. ඒක ඇත්ත freed අද මේක ගැන රැකියා ස්ථනයේදි විවේකී වෙලාවක හිත හිත හි‍ටිය...මෙන්න මේක ලිව්වෙ එතකොට තාම ps වත් කලේ නෑ...කමක් නෑ ඔන්න ඔහෙ දාන්නම් උඹේ blog එකේ දැම්මාම මොකෝ මගේ එකේ දැම්මාම මොකෝ ...

    පැටිකිරිය සහිත බල්ලා vs අවජාතක දරුවා

    මවක් පියෙක් නොමැති දරුවෙකුගේ
    බලාපොරොත්තු සහගත
    ----සිනාව-------
    ඉපිලී ගිය
    --- සතුට----
    ප්රොමධවත්
    ---ඇස්----
    නෙම දත් අයෙක්
    බළු පැටවුන්ට පොවයි
    "Sustagen"

    most of all freed what happens is we decide and give priority to some selected items ....Some times they might be giving us immense of pleasure..but just a matter of value or the meaning of that particular thing...

    But we in the journey of life every thing accepted every thing enjoyed ..hikz hikz

    skitzo ගැන නම් අපි කථා කරල තියෙනව නෙ නේද??? අරව සමාජ ගත කරන අයනේ...අරව ගැන කියද්දි මතක් උනේ freed..මම රුවන් වැලි සෑයෙ නෙළුම් මල් ගන්න අයිය අර කියන මල් විකුණනව කියල අවුරුද්දකට බදු‍ල්ලෙ මොකද්දො බන්ධනාගාරෙකට අච්චු කරල..මර්වින් සිලවල කුඩු විකුණනව කිසි ගැටළුවක් නෑ...අහින්සක මිනිස්සුටමනෙ වෙන්නෙ නේද..මම ගෙදර ලිපිනය ඉල්ලගෙන ආව මොනා හරි කරන්න ඕනෙ...ෂිකේ බලන්නකො අවසාන දවමෙ අහන්න ලැබුන දේ...address එක ඉල්ලගෙන ලියමනක් හෙම දාන්නම් කියල ඉන්නකොටම...මොනා කරන්නද නේද ඉතින්...සාපේකෂ වරදක් නේ....

    ReplyDelete
  7. @ M - යාළුවගේ ඇස් වලින් නම් කඳුළු ගන්න අමාරුයි. මිනිහ ගල්ම ගල් මිනිහෙක්. කල යුතු දේ කිරීම විතරයි කරන්නේ. මේක එයාට දැන් පෙන්වන්න ඕන.

    තෑන්ක්ස් මලී! මම සින්දුව හැදුවා. දෙන්නෙක්ටම ඇහිල තියෙන්නෙ එකම විධියටනේ.

    @ සෑම් - ඔයාගෙ කවිය ගැන වෙනම කතා කරමු. ඔයාගෙ වමනෙ ගොඩේ ඒක දාපු දවසක. මටත් මතකයි මමත් ඔය වගේම එකක් හෙන ඉස්සර ලිව්වා. ඉස්කෝලෙ සඟරාවකට. මතකයි හොඳට හැබැයි. ඇත්තම සිද්ධියක්.

    උදේම නැගිට
    බුදුන් නමැදූ
    සිංහල ‍බෞද්ධයා
    නිවසේ දොර හැර
    පෙරදා වැසිවට
    හෙයින් දොර මුල
    වැතිර නිදා සිටි
    දිළිඳු බැල්ලක්
    පයින් සිඹිනයුරු
    දුටිමි මම

    පහත් තැනින් වතුර ගලනව කියනවනේ නේද සම්පත්. පෝසත් වෙන්න වෙන්න අපිට බොහෝ පුංචි දේවල් අමතක වෙනවා. මොකද අපට වද වෙන්න නොයෙක් දේවල් හැදෙනවනේ. කොහොම නමුත් හැමදාම මේ කියන දේ මේ විධියම තමයි. ඕන නම් ලෝකය සමතුලිත කරන්න දුප්පතුන් සහ හිඟන්නන් අවශ්‍යයි කියන තර්කයට අපි එමු. අර අයිය ගැන නම් කණගාටුවක් දැණුන. ඔයා එයා ගැන කියල තිබුණනේ අපට. ලොක්කන්ට පුළුවන් ඕන ජරා වැඩක් කරන්න. සොක්කෙක් කලොත් එයාට සොරිම තමයි.

    අපේ කාර්යාලෙට ආපු එක කස්ටමර් කෙනෙක් මරු කතාවක් කිව්ව. මාතර පැත්තෙ මනුස්සයෙක් මහ දවල් බීල පොලිසියෙන් ඇල්ලුවලු. මේ මනුස්සය බෙරිහන් දුන්නලු "අර මර්වින් සිල්වල රටම හොරාකනවා. කරන්න පුළුවන් බලු වැඩ සේරම ප්‍රසිද්ධියෙ කරනවා. එයාලට මුකුත් නෑ. අපි ටිකක් බිව්වම තමයි කාටත් අමාරුව" කියලා. බලන්නකො වැඩේ හැටි.

    ReplyDelete
  8. oyage yaaluwa harima sarala kenek wage. apita eyage langatawath yanna puluwan thathwayak thiyanawada manda:)

    ah me sinduwa nam ela.....studio record ekatath wada hodai :D habai vocals tikak hada gathtanam hodai neda? :)

    ReplyDelete
  9. @ Dhamz - මොන පිස්සුද ඒ යකා මහ අමු පිස්සු පොරක්. එයාට තවමත් අවශ්‍යතා නම් ගොඩායි. ඒත් කල යුතු දේ කරන්න පැකිලෙන්නෙ නෑ. ඒ වෙලාවෙ කල යුතුයි කියල එයාට හිතුණ දේ කලා. බැරි වෙලාවත් එතන අර අම්ම වෙනුවට පවුලක්ම හිටිය නම් එයත් මම වගේ ෂේප් එකේ යෝගට් එක කාල නිකං ඉඳියි..

    හික් ... ස්කිට්සෝලගෙ සින්දුවට මනරම් වොයිස් ආව නම් ඒකෙ ගතියක් නැතිව යනවා. ඒක ඔය කියන විධියටම තමයි හොඳ. සිස්ටම් එක කියන්නෙ පිච් එක වගේ එකක් කියල මට හිතෙනවා. ඉතිං සිස්ටම් එකෙන් පිට ගිය සින්දුවක පිච් එකක් තියෙන්න ඕන නෑ. මම හිතන්නේ සින්දුව අති සාර්ථකයි.

    ReplyDelete
  10. මිනිස් ගුණ ඇති මිනිසුන් ගැන කියවන්ට ලැබීමත් සතුටකි හිතට ඉමහත්.අනෙකාගේ දුක, බඩගින්න, සා පිපාසාව දැනෙන, පිරිස් අප අතර ඉන්නවා, ඒත් ඒ ඉතා සුළු පිරිසක්. අවශ්‍යතා මගින් මිනිසාව අද වඩාත් ආත්මාර්ථකාමී කරලා කියලා මට හිතෙන්නේ. මට නැතත් කමක් නෑ ඔබට ලැබුනොත් හොඳයි කියලා හිතන පිරිස් අඩුයි.
    බ්ලොග් සටහන් බොහෝමයක් කියෙව්වා. සිංහලෙන් ලියන පිරිස් වැඩි වීම ගැන ඇත්තෙන්ම සතුටුයි. තව තවත් නිර්මාණකරනයේ යෙදෙන්න. ජය ශ්‍රී

    ReplyDelete
  11. @ Bo - බොහොම ස්තූතියි අක්කේ...

    අපේ කොඩියා වෙනුවෙන් මම ඔයාට ස්තූති කරන්නම්.

    දැන් අපට බෝ ල දෙන්නෙක්ම ඉන්නවා ගෑණු පිරිමි දෙවිධියටම.. නියමයි නියමයි...

    ReplyDelete
  12. Me wage minissu inna eka gana sathutui... eka athakata "wana siwupawun wani minisun mada...devi dewathawun wani minisun atha..."
    mage as dekata kadulu awa meka kiyawala.... boru nemei aththatama.....

    ReplyDelete
  13. @ Kanch - මම හිතනවා ඔයා අඬන්න ඇති කියලා. ඔයාගෙ හිත ගැන අපි දන්නවා. කියෙව්වට බොහොම ස්තූතියි අක්කේ.

    ReplyDelete
  14. hehe........ ehenam maath sinduwak kiyanna ona :P

    p.s

    araken pm ekak ewwa hambune nadda? :S

    ReplyDelete
  15. @ Dhamz - ඔයා‍ට ගිටාර් ගහන්න පුළුවන් නේද? මම ගිටාර් එකක් ගත්ත අප්ප ඉගෙන ගන්න කියලා. ඒත් ‍ඒකට වෙනමම කැපවෙන්න ඕන. දැනට මට බෑ. ඒ නිසා මම ඒක දුන්නා මගේ මාමට. එයා ඉගෙන ගන්නවා. දැනට මට කියාගන්න පුළුවන් මගේ විසිල් එකත් එක්ක. ඒ ඇති හොඳටම.

    ReplyDelete
  16. ya itin chords deka thunak allanna puluwan... eka gaththe nam pissuwa wadi wela..........dan nam samahara chords allana mataka naha......welawaka yanna ona igena gannna

    (eke nuts ehema dan malakada kaala.lol)

    ReplyDelete
  17. @ ඩී - මාත් ගත්තා එකක් පිස්සුවටම. ඒත් ගහන්න ගියාමයි තේරුණේ ඒක වෙනම කෙරුවාවක් බව. ඒ නිසා මම දැන් reason, nuendo වගේ මෘදුකාංග ගැන තමයි උනන්දු. හිතෙන් සංගීතය මැවීමට අමතරව.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!