Tuesday, 19 August 2008

විශ්වයේ කෙලවර හිඳ හෝර්ටන් එක්ක...

විශ්වයේ කෙලවර හොයන්න එපා කියල බුදු හාමුදුරුවො කිව්ව කියල මම කියවල තියෙනව. හික්.. ඒ ගැන මම අනිත් අයට බණත් දේශනා කරල තියෙනව කෙලවරක් නැති තර්ක ඇදගෙන නාද්දි. විශ්වයේ කෙලවර ගැන යන්තම්වත් නොහිතපු අය මට ඒ ගැන හිතන්න එපා කියල නොයෙක් වතාවලදි කියල තියෙනව. විශ්වයේ කෙලවර ගැන හිතුවනම් කාටත් තේරෙන්න තිබුණා කොයිතරම් ප්‍රශ්ණ ටිකක් ඊට කලින් විසඳගන්න තියෙනවද කියලා. හික් නොකියා වෙන මොනව කියන්නද?

කොහොම හරි මම නම් මට යන්තම් දැණෙන්න ගත්ත කාලෙ (මේ කාලය ගැන මට නිසි මතකයක් නෑ. ඒක කාල පරිච්ඡේදයක්) පටන් දීර්ඝ කාලයක් තිස්සේ නොදැන හිතපු දේවල් සහ ඇසුරු කරපු දේවල් හරහා විශ්වයේ ඇරඹුම සහ ඒකෙ ව්‍යාප්තිය ගැන අදහසක් ගන්න හිතුව. අන්තිමේ මම විශ්වයේ කෙලවර හොයාගනිද්දි තවත් අමතර ප්‍රශ්ණ ගොඩකට පිළිතුරු ලැබුණ මට.

මම මේක පැහැදිලි කරන්න හෝර්ටන්ගෙ උදව් ගන්නම්. එයාව මම හොඳට දන්නව. ඔයාල එයාව දන්නෙ නැද්ද දන්නෙ නෑ. දැනගන්න වටින කෙනෙක්. මම නම් අවුරුදු 7ක විතර පොඩි එකෙක් වෙලා මෙයාව වරක් ඇසුරු කලා. ආයෙත් වර්තමාන මම විධියටත් මෙයාව ඇසුරු කලා.



'HORTON HEARS A WHO!' MOVIE TRAILER

හික් හික්... මම මේකෙන්ම පටන් ගන්නම්.

මේකෙ ඉන්න හෝර්ටන් කියන අලියට හම්බවෙනව පුංචි මලක් වගේ එකක්. ඒක ඇතුලෙ තියෙනව වෙනම ලෝකයක්. හරියට පෘථිවි‍යෙ වගේම දියුණු සමාජගත සත්ත්ව පිරිසක් ඉන්නවා ඒක තුල. හෝර්ටන් ට මෙයාලගෙ හඬ ඇහෙනවා. එයා ‍මේ ලෝකයේ අය එක්ක කතා කරන අතරෙ මේ ලෝකය, ඒ කියන්නේ මේ මල ආරක්ෂා කරනවා. අනිත් කැලේ සත්තු සේරම හිතන්නෙ හෝර්ටන්ට පිස්සු කියලා. එයාල හොර්ටන්ට දඬුවම් දෙන්න ඔන්න මෙන්න තියෙද්දි අර ලෝකෙන් එන හඬක් අනිත් සත්තුන්ටත් ඇහෙනවා. අන්තිමේ හැමෝම මේ මල ආරක්ෂා කරනවා හෝර්ටන්ගෙන් සමාව ඉල්ලල.

අන්තිමේදි හෝර්ටන් ප්‍රධාන අනෙක් සත්තුන්ගෙන් කැමරාව Zoom out වෙනව. ඒ කියන්නෙ ටික ටික සත්තු ඈතට ගිහින් එයාල ඉන්න කැලේ පුංචි වෙනව. අන්තිමේ බලද්දි මේ හෝර්ටන් ඉන්න ලෝකය තියෙන්නෙත් අර වගේම මලක් ඇතුලේ. ඒ කියන්නේ මේ මුළු ලෝක සේරම එකක් තුල තව එකක් වශයෙන් පිහිටල තියෙනව.

මේක තමයි මම විශ්වය ගැන දරන අදහස. හික්... තමන්ට පුළුවන් ඉමකට හිතන්න විශ්වය සීමා කරගන්න ඕනද නේද? මේ ගැන නොහිත ඕන නම් හිතන්න ඕන තරම් දේවල් තියෙනව දැන් නම්. ටීවී එක දැම්මම හිටු කියල බලන්න දේවල්. ඒ නිසා මේක තේරෙන්නෙ නැත්නම් ගණං ගන්න එපා. හික්.. අමතක කරල ටීවී බලන්න.


මම විශ්වයේ කෙලවර තෙක් ගියා මගේ මනසින්. ‍සියළු ග්‍රහලෝක, සූර්යයන්, චක්‍රාවාට, මහා චක්‍රාවා‍ට පොකුරු, චක්‍රාවාට තරම් ලොකු දුහුවිල්ලෙන් හැදුණු මහා නෙබියුලාවන් පහු කරන් මම විශ්වයේ කෙලවරට ගියා අනන්ත දුරක තිබුණ. ඒකෙ කෙලවර තිබුණෙ පටලයක්! බැලුමක් වගේ ඇදෙන සුළු පටලයක්. එතනින් එහාට යන්න හරිම ලේසියි. මම ඒක කඩාගෙන විශ්වයෙන් එලියට ගියා.

හික් හික්...

මම හිටියෙ ඉලෙක්ට්‍රෝනයක් මතින් ඔළුව දාගෙන. ඒ ඉලෙක්ට්‍රෝනය අයිති පරමාණුවක් තිබුණා. ඒ පරමාණුව අයිති තව විශ්වයක් තිබුණා. ඒක ගැන හිතාගන්නවත් බැරි තරම් ඒක විශාල වුණාට ඒකෙ කෙලවර ඇරෙන්නෙත් ඊටත් එහා තියෙන වෙනත් විශ්වයකට කියල මම ඒ වෙනකොට දැනගෙන ඉවරයි.

මේ සංකල්පය මහා මිථ්‍යාවක් තමයි. කොටින්ම හිතළුවක්. නමුත් මේ අදහස වෙනත් අයටත් තිබිල තියෙනව කියල මම පසුව දැනගත්තා. එක විද්‍යා ප්‍රබන්ධයක් තියෙනවා විද්‍යාඥයෙක් තමාගේ දරුවන් කණ්ඩායමක් යම් ක්‍රමවේදයකින් පරමාණුවක් වෙත යවන. මේක ටිකක් පරණ කතාවක්. ඒ නිසා ‍ඒ කාලෙදි පරමාණුක ව්‍යූහ ගැන එයා දැනගෙන ඉන්න නැතිව ඇති. කොහොම හරි එයා හොයාගන්නව මේ හැම පදාර්ථයක්ම හැදිල තියෙන්නේ පුංචි පුංචි සෞරග්‍රහ මණ්ඩල වලින් කියල. ඒ අනුව එයා කරන පරීක්ෂණ අනුව එයා හොයාගන්නව පරමාණු තුල වෙනම ජීවයක් පවතින බව. එයා තමන්ගෙ දරුවන් සහ එයාලගෙ මිතුරු කණ්ඩායමක් මේ පරමාණුක සෞරග්‍රහ මණ්ඩලයකට යවනව.

පරමාණුක කාලය අපේ සාමාන්‍ය කාලයට වඩා අතිශය වේගවත්. මේ දරුවන් කණ්ඩායම මේ පරමාණුක ලෝකය තුල ඉන්නෙ තත්පර කීපයයි. ආයෙත් එලියට එයාලව ගනිද්දි හෙන සෙට් එකක් එනවා. බැලින්නම් ඒ එයාලගේ හතරවෙනි පරම්පරාවෙ කට්ටිය. සාමාන්‍ය මිනිස් තත්පරයක් තුල ‍මේ ක්ෂුද්‍ර ලෝකයේ පරම්පරා හතරක් ගතවෙලා.

මේ සියළු දේවල් අදහන්න බෑ තමයි. හික් හික්... අදහන්න බැරි කොයිතරම් දේවල් අහවල් අහවල් අය කියපු / කියන නිසා අපි අද විශ්වාස කරනවද? ඒව ගැන ආයෙ නිර්වචන දෙන එකත් මැරෙන්න වටින දේවල්නේ. ‍කොහොම වුණත් තමාගෙ හිත තමාගෙ. ඒක වෙන කාගෙවත් නෙවෙයි. වෙන අයට ඕන දේවල් විතරක් හිතන්න ඒක පාවිච්චි කරනවා කියන එක නම් මාර පව් වැඩේ! ඒත් ඕක තේරුම් ගන්න එක ගැන හිතන්නත් කම්මැලි වුණ මිනිස්සු තමයි දැන් බහුතරයක් ඉන්නේ.

ඒවයින් වැඩක් නෑ.

මට දැනට විශ්වයේ කෙලවර සම්බන්ධව මේ කතාව මාර ඇත්තක්. බුදුන් මේ කෙලවර හොයන්න එපා කිව්වෙ ඇයි කියල මම තේරුම් ගත්තෙ බුදුන් කියපු දේ අහල නෙවෙයි. විශ්වයේ කෙලවර තරණය කරල. හික්! එක අතකට මම ඒක තරණය කරන්න භාවිතා කරපු දේවල් කිසිම දෙයක් නැතිව බුදුන් ඔය කතාව කිව්ව එක මොන තරම් විශිෂ්ඨද කියල හිතුණ. අපේ සිතට නැගෙන හැම සිතිවිල්ලක් ගානෙම පැහැදිලි කිරීම් කරපු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා.

කොහොම හරි මිනිහෙක් විධියට නැගෙන මූලික ප්‍රශ්ණය වන මම මෙහෙම ඉන්නෙ ඇයි? කියන ප්‍රාථමික ගැටලුව තමයි මේ වගේ විමසිලිමත් වෙන්න අපට පොළඹවන්නේ. ඒ ගැටලුව ආවොත් අපට විශ්වයට යන්න හිතෙනව. විශ්වය තුල ඉඳන් ආයෙත් අපි දිහා බලද්දි පේනව අපි කොයි තරම් වැරදිද කියල. අපේ අඩු පාඩු, වැරදි ලක්ෂණ කොයිතරම් තියෙනවද කියල. කවදාවත් මම තුල ඉඳන් මාව නිවැරදි කරගන්න බෑ. මගෙන් මාව ගලවගෙන පිට ඉඳන් මාගෙ දිහා බැලුවොත් තමයි මට මාව හරියට පේන්නේ. එහෙම නැත්නම් ඉතිං මම ම හදාගත්ත ලෝකෙක මගේ නිර්වචන තුල තනි මට මගේ ජීවිතේ ගෙවන්න පුළුවන්. මේකෙදි මේ මගේ ලෝකය කියන එක බහුතර අයට ක්‍රමය විසින් මවල දුන්න එකක්. ඒක තුල එයා සර්ව සම්පූර්ණයි කියලත් ඒ‍ ක්‍රමයම කියනවා. ඒක පීඩාවක් වෙද්දි ධනාත්මක චින්තනය කියල එකක් තියෙනවා. ඒක ප්‍රශ්ණ අමතක කරන්න අරක්කු ගහනවා වගේ භාවිතා කරන්න පුළුවන්. තමන්ගෙ ප්‍රශ්ණ වලට බාහිර අය තුල පිලියම් සෙවීම නිසා කෙලවරක් නැති නූල් බෝලයක් වගේ එකක මාත් ඇතුළුව අපි සේරම පැටලිලා.

ඉතිං දැන් ඇති.. එන්න විශ්වයට යන්න.

විශ්වයේ ඉඳන් ඔයා දිහා බලද්දි ඔයාටම තේරෙයි ඔයා මොන තරම් නිර්වචන කන්දරාවක් තුල ඔයාව සීමා කරන් මේ ලෝකයට සහ ඔයාටම වදයක් වෙවී (ඒ බව නොදැන ඒත් යම් කිසි තැවිල්ලකින් හැම විටම) සහ මේ ලෝකයේ ස්වභාවික සෑම දෙයකටම වයිරසයක් වෙවී ඉන්න අපූරුව.

උත්සාහයක් ගන්න! හෝර්ටන් උදව් කරයි. පුංචි දරුවෙක් වෙන්න මොහොතකට!

7 comments:

  1. කලකට පස්සේ..වෙළකට බැස්සේ.හික් හික්.

    විශ්වයේ අග මුල සහ අපේ පැවැත්ම ගැන බුද රජාණන් වහන්සේ මෙහෙම උදාහරණයක් දීල තියනවලු හරේෂ්. එතුමා ඇහුවල් කෙනෙක්ගෙන් මෙහෙම. ඔබට කිසිවකු විසින් විදින ලද විෂ පොවන ලද හීයක් වැදුනොත් ඔබ කරන්නෙ කුමක්ද කියා. ඔබ කරන්නේ හීය ආවෙ කොහෙන්ද කවුරුන් විදින ලද්දේද යයි සෙවීමද? නැතහොත් වහා හීය ගලවා තුවාලයට ප්රතිකාර කිරීමද කියා.

    විශ්වයේ ඇරඹුම සහ පැවැත්ම ගැන හරි හැටි කියන්න තරම් වැදගත් අදහසක් මට නැහැ. මොකද අපේ හුගක් අර්ථ දැක්වීම් බැදිල තිබෙන්නේ අපි ප්රත්යක්ෂ කරන පරාසය තුළයිත විශ්වය වැනි පුලුල් දෙයක් ගැන අපේ දැනීම් සීමාන්තිකයි. ඒ නිසා ඒ ගැන සිතීමේදී අපි යම් පමණකට පැටලෙනවා(මේක මගේ අදහස)

    ජීවිතය කියන්නෙ හරි අමුතු දෙයක් හරේෂ්. මමත් ආසයි කවදාක හරි වෙරොනිකා වගේ මලක් දිහා බලල ජීවයේම රහස් අනාවරණය කරගන්න. ඒ උනත් මමත් මේ සමාජයටම ජීර්ණය වෙච්දච මිනිහෙක්. ඒ කණ්නඩිය කවදක්වත් ගලවන්න බැරි විදිහට මගේ ඇස් දෙකය සවි වෙලයි කියෙන්නෙ.

    ReplyDelete
  2. මොන බයිලයක්ද මේ? බයිලේ ඇතුලේ කියලා තියෙන කථා දෙකනම් තේරුණා එතනින් එහාට වැඩි යමක් තේරුම් ගන්න අමාරුයි මට...සමහරවිට ඒ මට විශ්වය සේවීම පිළිබදව කිසිම හැගීමක් ඇති වෙලා නැති නිසා වෙන්න ඇති..මම හිතන්නේ මම නම් මේ විශ්වයේ දුවිලි අංශුවකිනුත් අඩකටත් අඩු ඡිවියෙක් කියලා විතරයි...
    හැබැයි එකක් අද දවල් මම යාළුවෙක් එක්ක සිහින ගැන කථා කලා එයා කිව්වා මේ ලෝකේ තියෙන ලොකුම දේ හිත කියලා ඒකට මම එකග වෙනවා...ඒ නිසා බෝංචිටත් ලොකු හිතත් එක්ක අනන්තයට යන්න නිදහස ලැබෙනවා!

    ReplyDelete
  3. freed ටයි malee ටයි මතක ඇති මීට දින කීපයකට කලින් මම අර අහපු ගැටළුව...අන්න ඒකෙනුත් මට මේ සීමා වීම ගැන කථා කරන්න ඕනෙ උනේ..අපේ මිතුරො දැන් අපි හමුඋනු වෙබ් අඩවි වල නෑ මේවගේ සුන්දර දේවල් ගැන කථ කරන්න..නමුත් එකත් සාධාරණයි..මොනා වෙතත් දැන තියෙනව ලෙකු "blog" කියල පිට්ටනියක් හතර අතේ දුවන්න (මම හිතනව අපේ අවසනාවට මේකට වචන හා පිටු සීමවක් එන්නෙ නැතිවෙයි කියල ඉදිරියෙදි hikz hikz)...ඒකෙ එක හොද ප්රතිපලයක් විදියට තමා මම මේක දකින්නෙ.හැබයි ඉතින් මේකත් ගංජ ගහනව වගේ තමා ආතල් එක ඇතුලෙ ඉන්නකන් full සොමි..නමුත් අර බෝ කියන්නා වාගෙ ආශාව වැලද ගැනීම හා එපාවීම එයි කවද හරි...මම මේක දැක්ක ගමන් "Horton Hears a Who! aXXo" සහය පැතුව mininova ගිහින්..බලලම ඉමු..

    ReplyDelete
  4. http://www.youtube.com/watch?v=Cc6NLgcRjrk&NR=1


    බලනු මැන...

    ReplyDelete
  5. @ බෝ - ඔයා එක්ක සෙටා වීම පිළිබඳ මගේ රිමයින්ඩරය තවමත් මොනිටරයේ සහ දුරකතනයේ රැව් දෙනව් විටින් විට. කරන්න දෙයක් නෑ. විවිධ සීමා අපිව ප්‍රමාද කරනව. ෂිට්!

    මට ඔය ඊතල වදිනවා බෝ හැම වෙලේම. මට මා තුලින්ම එල්ල වෙන රුදුරු හී පහරවල් තියෙනවා. ඒ වෙලාවට නම් මම දන්නවා කල යුතු දේ. ඒත් ඒ කතාව එතනින් නතර නොකර මම පොඩි ට්‍රයි එකක් දෙනවා සනීප වෙලාවට.. හික් හික්.. බුදුන් හිතපු දේවල් නම් අහලකටවත් යන්න වෙන්නෙ නෑ අපට. අපි විමසන්න දන්න නූතනම ක්‍රමවේදය වෙන විද්‍යාවටවත් තවම ඔය කෙලවර හොයාගන්න බැරි වුණානේ නේද? ඉතින් ප්‍රත්‍යක්ෂ පරාසය පිළිබඳ ඔයා අම්බානක්ම හරි. ඒකයි මගෙත් අදහස... ඒවයෙ පැටලෙන්න ඕන නෑ. එක එක පරාසයන් වෙන වෙනම විඳිමු. විද්‍යාව වෙනම, බුදුන් වෙනම, අපි හිතන දේත් ඕන නම් වෙනම... සෑම් වගේ.. ;)

    සමාජයට කවුරුත් යම් යම් මට්ටමින් බැඳිලයි ඉන්නේ. ඒකෙන් ගැලවෙන්න බෑ. ඇත්තම කිව්වොත් ගැලවෙන්න ඕනත් නෑ.

    මට අර කැලෑව මතක් වෙනව අප්පා...


    @ මලී - හුහ්! ඔයා මට ඒ නිසා බෝංචිටත් ලොකු හිතත් එක්ක අනන්තයට යන්න නිදහස ලැබෙනවා! කියන්නෙ හරියට නඩු කාරයෙක් නියෝග කරනව වගේ. හික් හික්!

    හිත නම් තමයි හැමදේම. ඕක 5 වසරෙ පාඩමක් අනේ...

    @ බණ්ඩාර - කෝ ඒ ප්‍රශ්ණය පිළිබඳ ඔයා මොනවද කලේ ඊට පස්සේ? මම නම් තවම pm බලනවා සහ යාළුවො මොකද කරන්නෙ කියල බලනවා. තව වැඩ කරන්නත් තියෙනව එහෙත්.
    මේ එක එක සයිබර් ක්‍රමවේද තුල අපි මාරු වෙවී ඇසුරු කරයි හැමදාම මට හිතෙන්නේ. මෙහේ එපා වෙනකොට කට්ටිය කතා වෙලා පනිමු වෙන කොහාට හරි. එතනත් වනසල වෙන කොහාට හරි යමු. හික්!

    කතාව බලල එන්න සෑම්!

    ReplyDelete
  6. @ Sam - නියමයි නේද? මේකෙන් කතාව තේරුම් ගන්න පුළුවන්.

    ReplyDelete
  7. @හරේෂ් - ඔව් ඒක ඇත්ත..එක එක පරාසයන් වෙන වෙනම විඳිමු.

    මේ සති අන්තයේ ඉඳන් මට විවේකී කාලසටහනක් තියෙන්නෙ. හරේටත් විවේක වෙලාවක අපි හමුවෙමු.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!