Monday, 4 August 2008

Hi5

මම මගේ Hi5 එකවුන්ට් එක අද විනාශ කලා. අහම්බයකින් ආපු මේල් එකක් හරහා ඒකට සම්බන්ධ වුණාට අවුරුද්දකට වැඩි කාලයක් ඒ තුල කරපු දෙයක් නැති කරම්. කට්ටිය හිටු කියලා යාළුවො එකතු කරනවා මිස කරන මගුලක් නම් නෑ. සෑහෙන කාලෙක ඉඳන් ඒක ඉවර කරන්න ඕනකම තිබුණා.
අද යහූ ගියාම තවත් යාළුවෙක් මිතුරු වෙන්න අහලා. මම එයාව එකතු කලා. ඒත් ක්ෂණයෙන් හිතුණා මේ මොන මගුලක්ද කියලා. ඉතිං වහාම කැන්සල් කලා. හොඳ වෙලාවට ඒක ඉක්මනට කරගන්න පුළුවන් විධියටයි හදල තිබුණෙ වැඩිය වැල් වටාරම් නැතිව.

2 comments:

  1. හි හි මම hi5 සහ මගේ face book account දෙක විනාශ කලේ මී‍ට මාස 8 ක‍ට විතර කලින්..face book එකේ ආරම්මභක සාමාජිකයො වගේ නිකන්..එතකො‍ට face book එක අඩුම තරමෙ ජනප්රිය වත් නෑ....features බොහෙම අඩුයි..නමුත් එන්න එන්නම මහ විකාරයක් උනා මටනම්...

    ReplyDelete
  2. ඔයාට කියන්න මම මගේ facebook එකත් විනාශ කලා. ඒක සම්පූර්ණයෙන්ම කරන්න දුන්නෙත් නෑ. deactivate වුණා විතරයි. එයාල හරි ආදරෙයි අපට හරියට වරෙන් බන් ඉන්ෂුවරන්ස් වගේ.

    ඒව ම‍ට නම් ලබා දීපු මගුලක් නෑ. මිත්‍රයො කීප දෙනෙක් හමුවුණ එක විතරයි. එයාලත් පලාතකවත් නෑ දැන්.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!