Thursday, 4 September 2008

ප්‍රමෝදයෙන් පරිසමාප්තව

ප්‍රමෝදයෙන් පරිසමාප්තව

දැනී තිබේද නුඹට
කෙදිනකවත්...
නුඹට තවත්
පිරෙන්නට ඉඩ නැති බව
මොහොතකටවත්...

එක්
ක්වොන්ටමයකින්වත්...

....
...
..
.

එක් නිමේෂයක
නුඹ සිත තෙරපෙන
සියළු ආවේග
සියළු සිතිවිලි
පරයා නැගී
නුඹ වෙලා අවුළුවා
නුඹෙන් නුඹ
සොරකම් කොට
නුඹව පුරවන
ඒ පිටස්තර
සිතිවිල්ල

නොදමන්නේද
නුඹව ගෙන
මහා සාගරයකට
අත් ගසා පීනන්න
ඉමක් නොපෙනෙන
ක්ෂිතිජයත් පසුකරන්
නිමක් නැතිවම
උතුරා යන
මහා විශ්වයකට
නුඹ මැවූ...




7 comments:

  1. සටහනක් දාන්න ‍මුලින් නොහිතුවත් පස්සෙ කවියට නොදා මම මේ සටහන වෙනම දාන්න හිතුවා.

    මේක මගෙ අතින් විනාඩි පහක් දහයක් වගේ කාලයක් තුල ජනිත වෙල කෙලින්ම බ්ලොග් එකටම ක්ෂණිකව ලියවුණ එකක්. ඒ වර්ගයේ මුල්ම කවිය. ඒ කියන්නේ මගේ ගාව ලිඛිත සටහනක් නෑ මේ කවිය‍ට අදාලව.

    සිතිවිලි වලින් හිත පිරිල තිබුණ එක මොහොතක මේ කවිය හිතේ මතු වුණා.

    කවිය ගැන ඔයාල මුලින්ම කියන්න.

    ReplyDelete
  2. මට මේක තේරෙන්නේ නැද්ද මන්දා‍‍‍....සතුට සම්බන්ධ සටහනක් කියලා නම් දන්නවා....!බලමු අනිත් අයගේ අදහස් අහලා...ඒ එක්ක මම එකතු වෙන්නම්

    ReplyDelete
  3. මටනම් සතුටේ සූරතාන්තය වගේ දෙයක් ගැන තමයි හිතුනෙ මේක කියවද්දි. අන්න ඒ වගේ වෙලාවකටත් ඔහොම එකක් දැනෙන්න ඉඩ තියනව...

    හැබැයි සතුට නැතත් ඔහොම තත්ත්වයක් ඇති වෙන්න පුලුවන් අවස්ථා තියනව..(මම කවියෙ වැරදි නැට්ටෙන් අල්ලගෙනද දන්නෙත් නැහැ..හික් හික්. බලමුකො හරේගෙ පැහැදිලි කිරීම)

    ReplyDelete
  4. සියල්ල අපේ කියලා හිතෙන ලෝකෙක , සියලු දේ අපේ නොවේ කියලා හිතෙන්න පටන් ගත් මොහොතේ සිට මේ නැගෙන සිතිවිල්ල පවා අපේ නොවන කල, සියල්ලෙහි පැවැත්මක් නොමැති ඒ නිමේශය මට මේ කවිය තුලින් පෙනෙනවා, ක්ශිතිජය පහුකරගෙන පීනන්න බැහැනේ, ඒකියන්නේ පැවැත්ම වෙනුවෙන් අප මේ කරන හෝ කරවන ක්‍රියා සියල්ල නිෂ්පලයි කියලයි. මට හිතුනේ එහෙමයි.
    හිතන්න පෙළඹෙවූ සංකල්පනාවක් !

    ReplyDelete
  5. කට්ටියටම

    මේක සතුටේ උපරිමය හරහා ගෙනු වුණ එකක් තමයි. ප්‍රමෝදයෙන් පරිමාප්ත මොහොතක්. තව දුරටත් හිත පුරවන්න දෙයක් නෑ. අඩු තරමෙ අපේ XP කියල තියෙන විධියට තවදුරටත් බිඳිය නොහැකි අංශුව වන ක්වොන්ටමයකින් වත් පිරෙන්න ඉඩක් නෑ.

    බෝමන් කිව්ව වගේ මේක සතුටටම අදාල නෑ. උපරිමව දුක හිතෙන මොහොතකදිත් ඒකම වෙනව. ආදරය වගේම පාළුවක් තනිකමක් වගේ නොයෙක් හැඟීම් වලින් අපි පිරෙනව වරින් වර.

    ඒක එක් මොහොතක කොහේදෝ ඉඳන් ඇවිත් අපිව ‍අල්ලල බදාගන්නව. අපිට අපිව අමතක කරල ඒ සිතිවිල්ල මොහොතකට අපිව පාලනය කරනව. අපිව මුහුදකට ඇදල දානව අති විශාල අවකාශයක් තියෙන. මේක මනෝමූලික තෘප්තියක් නිසා මුහුදේ සීමාවත් අදාල නෑ විශ්වය තෙක්ම. අර සෑම්ගෙ මනෝ කන්ද තමයි. ඒ අවකාශය තියෙන්නෙ අප තුලමනේ. ඒ කියන්නෙ මේ තෘප්තියේ සුරතාන්තය හරහා අපි මවන්නෙ අපිතුල තියෙන අවකාශයක්. ඒකයි ඒ විශ්වය අපිම මැවූවක් වෙන්නේ...

    ReplyDelete
  6. හරිම අගෙයි පැහැදිලි කිරීම..මම හිතුව වගේම තමයි.නියමෙට වචන වලට නගල තිබ්බ ඔයා කවිය. මම ඒක කියන්න පසුබට උනේ මම වැරදි අදහසකින් ඉන්නවදෝ කිය හිතුන නිසයි.

    හැබැයි වැඩේ කියන්නෙ වාසනාවට හෝ අවාසනාවට ඔය තත්ත්වයේ අපිට වැඩි මොහොතක් රැදෙන්න අමාරුයි නේද හරේ?

    ReplyDelete
  7. @ බෝමන්z - ඇත්ත හරිම ක්ෂණිකයි. ඕනම නම් නින්ද යනකල්...

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!