Wednesday, 17 September 2008

කැබලි

කැබලි


නුඹ

මා
අවුල් වියවුල් කර
මා සුනු විසුණු කර
කැබලි දසත විහිදුවා

නැවත

ඒ බිඳිති

දෑතින් එකින් එක
ගෙන හෙමින් සීරුවට

මා නැවත
පිළිවෙලට

ගොඩනගන අපූරුව




7 comments:

  1. මේක කාටවත් නුහුරු අත්දැකීමක් වෙන්න බෑ. ප්‍රේමය තුල අතිශය සරල දෙයක්. අත්දැකීම් එමටයි මට. මෑතකදි ආයෙත් එකක් වුණා.

    මේ දින වල පාරට බහින්න කම්මැලියි අනේ. හිතේ හදාගත්තු මන්දිරයකට වෙලා ගෙවන කාල සීමාවක්. මේ තෘප්තිය තුල මේ විධියට ඉන්න වෙන්නේ මේ කාලෙ පමණයි. ටිකෙන් ටික ආයෙ ජීවිතය වෙනස් අරුත් බොහොමයක් එක්ක සාමාන්‍ය වෙයි. ඊට පස්සෙ මේ වගේ ඒවා ලියවෙයිද මන්දා. (Hamme... liyawei liyawei) ඒ නිසා ලිව්වා.. මේක මේ Yahoo එකට live ලියපු එකක්. නැවත ප්‍රතිසංස්කරණය කරල වැමෑරුවා...

    ReplyDelete
  2. Enjoy the dream until reality strikes............

    If the reality suck, dream the dream that you dreamt before...

    උඹේ හිතේ තියන ආලවන්තකමට මගේ හිතේ කවි ලියවෙනවා.........

    ReplyDelete
  3. මේක වෙනස් කරමු...අද ඉදන්

    ReplyDelete
  4. ඔවි ඔවි.... වෙනස් කරපන්....

    ReplyDelete
  5. @ J - අන්තිමේදි ජීවිතේ වගේමයි නේද? නිදාගන්නවා ඇහැරෙනවා...

    @ M - එක්කො මාව බිඳින්න එපා.. නැත්තං බිඳල ආයෙ හදන්න එපා.. හික් හික්...

    @ aj - ආස ඇති :p

    ReplyDelete
  6. @ OKsh - මම මොකුත් කරන්නේ නෑ..ඕන විදියකට ඉන්න එකයි ඇත්තේ !

    ReplyDelete
  7. @ MB - හික් හික්.. හා මැඩම්!

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!