Sunday, 28 September 2008

මගේ පුනරුත්පත්තිය

මගේ පුනරුත්පත්තිය

ආදරය නම් විදුලිය
හදවත විනිවිද ගොස්
මා මිය ගියා

නැවත

ඇය තුල
පිලිසි‍ඳෙන්නට පෙර



© හරේෂ් එරංග ද සිල්වා
2008-09-28




10 comments:

  1. පුනර් උප්පත්ති ලබලා බවට නම් කිසිදු සැකයක් නැහැ. ආදරේ අපි‍ට අලුත් උප්පත්තියක් දෙනවා තමයි. සමහර වෙලාවට අපේ යල්පැනගිය ජීවිතේ මොඩිෆයි කරලා අලු ගසල දම්මල ගන්නෙ ආදරය. ඒ වගේම තමයි ඉතින් ඒකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන් ආදරේ නිසා.

    අපූරු කෙටි කවක් හරේ.

    ReplyDelete
  2. ආදරය ඒ වගේ තමයි.අර කතාවකුත් තියෙන්නේ මිනිසෙක් දෙපාරක් උපදිනවා කියලා එකපාරක් අම්මගෙන් අනික් පාර බිරිඳගෙන්. ඔහොම තමයි ජීවිතේ.
    ක්ශුද්‍ර කව අගෙයි හරේශ් !

    ReplyDelete
  3. yako mama oya kiyana widiyata bara wathawak ipadilane ban nalin...yako ape hareta giya kalak aaa...ithin katada adambara ...apita misak..hikz hikz...

    dan ithin ara mama ewapu film ehema balala iwarada...eketh magey hithey hoda awadara kathandara wagayak thibba..ko mey yako a gana mokuthma kiwwe nahaney

    ReplyDelete
  4. @ නලියා - ඔයා නම වෙනස් කලේ නැවත ඉපදිලාද ඔයත්? ඇත්ත... මේක හොඳ උපතක්ද පාපකාරී එකක්ද කියල බලන්න කල් ඕන වෙනව.

    @ බෝ - දැන් ඔයා unique පිරිමියා මැරිලා. ඔය සංකල්පය සෑහෙන්න ජනප්‍රිය ප්‍රේම සංකල්පනාවක්නෙ නේද? මතකද අමරදේවගෙ තාත්තා වුණත් මා බත සරි කරන කියන සින්දුව...

    @ සෑම් - ඔච්චර ඉපදෙන්නේ පාපයන් හින්දා තමයි... ෆිල්ම් ටික මේ දින වල mpg format එකට පරිවර්තනය වෙමින් තියෙනවා. ගනේ අයියලගෙ ගෙදර තමයි බලන්න වෙන්නේ. ළඟදිම නිවාඩුවක් දාලා මනෝකඳු ටිකකුත් එක්ක බලන්න සෙට් වෙන්නයි ඉන්නේ...

    ReplyDelete
  5. පුනරුත්පත්තිය කියන වචනෙට මම කැමතියි. ඒකට වස්තු බීජය වෙලා තියෙන දේට ඊට වඩා කැමතියි....

    බෝමා ගේ "මොඩිෆයි" කථාව ඇත්ත....

    සහ මලීගේ අර "ආදරණීය ඉල්ලීම" ත් මතක් වුණා.....

    ආදරය
    සාපේක්ෂයි...

    (මම මේ ගැන රූප කවියක් දෙන්නම් ළඟදිම.....)

    ReplyDelete
  6. @ බාමූ - හොඳයි තමයි! ඔයාට අප්සෙට්ද?

    @ අජ - මම ඉතිං සැබෑවටම පුනරුත්පත්තිය ලබන්නෙ නෑනේ. ඒ නිසා මෙහෙමවත් වුණ එක හොඳා කියල හිතුණා... හික් හික්...

    ReplyDelete
  7. @ කස්ටියටම - මේක ඇත්තටම මගේ හිතේ ලියවුණේ මම ඇඳුම් මදිද්දියි. ඉස්තිරික්කයේ වයර් එකේ පලුද්දක් නිසා මට වැදුණා විදුලිය බිඳක්... මට හිතුණා මේක හදවත හරහා පොලොවට ගියා නම් ඉවරයි නේද කියලා.. ඒ ඔස්සේ මම මේ කවිය වෙත ගියා...

    ReplyDelete
  8. හ‍‍රේෂ් දැනුයි නේද ඒවා කියන්නේ...හදාගන්නව දැන්වත් අයන් එක කවි කියවෙයි ලොකු කරන්ට් එකක් ආවා නම් ගර්ර්ර්ර්ර්ර

    ReplyDelete
  9. @ M - මොනා වෙන්නද මැරිල යයි... මා වෙනුවෙන් කවුරු තැවෙන්නද? ;)

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!