Friday, 12 September 2008

කියාගන්න බැරි එක...

කියාගන්න බැරි‍ තරම් විශාලව සහ වදන් විරහිතව හිර වෙන ආදරය.....

හික් හික්.. මේක කවදාවත් වචන වලින් කියන්න බෑ තමයි... නමුත් ඉතිං පොදුවෙ හඳුන්වන්න ඕන හින්දා ආදරේ කියල නමක් දාගෙන ඉන්නව වුණාට සහ ඒ තුල විවිධ යෙදුම් එක්ක ඒ පිළිබඳ පොදු කතිකාව පවතිනව වුණාට ඇත්තටම නම් ඒක අතිශය පුද්ගලිකව දැණෙන වෙන කෙනෙක්ට දැණෙන විධියෙන් සහමුලින්ම වෙනස් හැඟීමක්...

එහෙම වෙන්නෙ කොහොමද කියල කියන්න මම දන්නෙ නෑ. ඒත් ආදරය තුල ඒක පොදු වෙන්නෙ ඒක තුල ඉන්න දෙන්නට විතරයි. මොකද ඒකනේ එයාල ආදරය කරන්නේ.. ඒක එයාලට දැණෙන්නෙ එයාල ඇසුරු කරපු, කරන දේවල්, පුංචි කාලෙ ඉඳන් ජීවත් වුණ විධිය, ආදරය කරන වෙනත් දේවල් වගේ විශාල පරාසයක දේවල් ටිකක් එක්කයි. ඒ දේවල් අනන්‍ය වෙන්නෙ එයාලට විතරයි. ඒ නිසා ඒ ආදරය එයාලට පුද්ගලිකයි. හැඟීමක් විධිය‍ට පවා එහෙමයි.

හැඟීමක් කියන්න වචන තියෙනවද? මං දන්න තරමින් නෑ. මට මතක් වෙනව මගේ භෞතික විද්‍යා ගුරුතුමෙක් වන පතිරණ සර් කියපු කතාවක්. එයාගෙ එකක් නෙවෙයි. එයත් කොහෙන්දෝ උපුටගත්තු එකක්. නන්දදාස කෝදාගොඩ මහත්තයගෙන්ද මන්දා. කොහොම හරි මට මුලින්ම ඇහුණෙ මගේ සර්ගෙන්.

"වේදනාව විග්‍රහ කරන්න පුළුවන්ද මේ වගේ අහවල් එකක් කියලා. බෑ. ඒත් අපට පුළුවන් කෙනෙක්ව කොනිත්තල ඒ දැනෙන හැඟීම වේදනාව ය කියල කියන්න. ඒ හැර වේදනාව හෝ වෙනත් ඒ වගේ හැඟීම් විග්‍රහ කරන්න වචන නෑ. ඒව දැණෙන්නම ඕන"

ආදරෙත් ඒ වගේ තමයි. ඒක දැණෙන්න ඕන. කවදාවත් කවි වලින්‍ හෝ සංගීතය, චිත්‍රය වෙනත් කිසිම කලාවකින් ඒක ඒත්තු ගන්වන්න බෑ. ඒත් ඒක දැණෙන කෙනෙක්ට මේ සකලවිධ කලාව හරහාම ආදරය විඳින්න පුළුවන්. ඒකට ආදරය දැණෙන්න ඕන. ඒක විඳින්න ඕන.


හිටපු ගමන් මේ බයිල කියවන්න ගත්තෙ අද දවසෙ මම ආදරයෙන් උපරිමව මත් වුණ හින්දයි. ලෝකෙ මෙතෙක් ඒ වගේ මත් වෙන්න පුළුවන් ආදේශකයක් හදල නෑ. හැදෙන්නෙත් නෑ. ආදරයම පමණයි. අද දවසෙ කාලෙකට පස්සෙ දිගු කාලයක් අපි දෙන්නා කතා බහ කරල බොහොම අමාරුවෙන් වෙන් වෙලා යන්න ගියා. බස් එකේ යද්දි මම හිටියෙ දැකපු හීනයකින් නැගිටගන්න බැරිව වගේ. මත් වෙලා.

මම වහාම ඇයට මිනි කවියක් යැව්වා දුරකථනයෙන්...


නුඹෙන් සිත පිරී...


මට මා...


අහිමි වන මොහොත...
...
..
.

නිවනටත් ඉහල යැයි


සිතේ මට...



මේකෙ මේ පේලි අතර ඉඩ ඕනමයි.. ඒ තුල මට කියාගන්න බැරි දෙයක් හැංගිල තියෙනව. ඔයාලට ඒක දැණෙනව නම් මරේ මරු.

කතාව ඉවර නෑ. අපේ උන්දැත් ඉතිං ම‍ට දෙවෙනි වෙන්න කැමති නෑ. මගේ කෙල්ලනෙ ඉතිං! හික් හික්.... එයත් අනිත් පැත්තට එව්වා කවියක්. ඒ වුණාට එයා ලියන කවි. :p මෙලෝ රහක් නෑ.. මම ඉතිං එයාගෙ අවසරය පිට ඒක ටිකක් ඔප මට්ටම් කලා. එයා මොකද මම මොකද.. හික් හික්...


මුළු ලොවම
පාට තැවරූ සිත්තමක් සේ
නිශ්චලව බොඳව යයි...

මම

නුඹ අසල

රැ‍ඳෙන විට



හ්ම්...


අදට මේ සිහිනයෙන් මිදෙමි
නැවත ලොවම බොඳ වී
අප පමණක් සිටින දිනක්
යලි විඳින්නට
උදා වන තුරු...



මට නම් මේ කවිය හරහා මගේ පෙම්වතියව නැවත කියවන්න පුළුවන්. ඇයත් මම වගේම මත්වෙලා ඉන්නෙ. මට කිව්වා තවම කැ‍රකෙනවා කියලා.. හික් හික්...

ඉතිං මේ සටහන ඇය වෙනුවෙන්.. අපේ ආදරය වෙනුවෙන්.. කවදාවත් කියාගන්න අපොහොසත්, ඒත් අපේ හිතේ පූදින හැම සිතිවිල්ලක් පුරාමත්, අපේ ඇ‍‍ඟේ හැම රුධිර බිඳුවක් පුරාමත්, ඇ‍ඟේම තියෙන සෛල ඇතුලෙ තියෙන පරමාණුවල බිඳින්න බැරි පුංචිම කොටස දක්වාමත් කා වැදිල ජීර්ණය වෙලා තියෙන අපේ ආදරය වෙනුවෙන්...

මේ ගීයත් ඇය වෙනුවෙන්. තිබුණෙ kasshapa කියන යාළුව‍ගෙ ඔබනල නිවසේ. එයාල ‍වගේ අය ඉන්න එක කොයි තරම් දෙයක්ද? එතනට ගියොත් තවත් ලස්සන සිංහල ගීත ගොඩක් බලන්න පුළුවන්.



Sasara Serisaranathek - Victor Rathnayaka

18 comments:

  1. අම්මෝ..මම ආසම සින්දුවක් බන්..හෙන කාලෙක පස්සෙ මහ පාන්දර මේක ඇහු‍වෙ ඉස්ථූති වේවා.

    උඹේ හිස්තැනේ තියන හැඟීම මම විදල තියනව. උපරිමයෙන්ම. එතනට වචන දාන එක මහ අපරාධයක්.
    ආදරය කරනව කියන්නෙ නිකන් හීනෙන් ඇවිදිනව වගේ වෙලාවකට..කියන්න බැහැ බන් තවත්.

    වෙන්වීම ගැන කියනවනම්..හික් හික්..මම මගේ පළමු පෙම්වතිය එක්ක මේ වගේ මුලින්ම දවසක් ගත කරල බස් එකේදි වෙන්වෙලා හන්දියෙන් බහිද්දි මට ඇ‍ඩෙන්න ආව.

    ReplyDelete
  2. ආදරය සුන්දරයි.. මේ ලියමන කියෙව්වම ඔබේ හිතේ කොයි තරම්නම් සතුටක් තියෙනවද කියලා දැනෙනවා.ඇත්තටම අවංක ආදරය විඳින්න පින් කරලා තියෙන්න ඕනා කියලා හිතෙනවා
    කෙටි කව... අපූරුයි !
    මිනිස් සම්බන්දතා වලින් වටවෙච්චි පොළවක, හැම දේම වාණිජ කරනය වී ඇති සමයක, එකම නිරපේක්ශ හැඟුම ආදරය විතරද ?
    සුන්දර බ්ලොග් ලියමනක් !

    ReplyDelete
  3. hehe........good luck ;)
    bandinne na kiw eka lagadima bandiy wage:P

    ReplyDelete
  4. @ Mr. Bo - මම ඔයාව සහ ඔයා මාව දන්නවනේ ඉතිං සහ සුද්දෙන්ම. කවර කතාද.. මේ සමස්ථයෙන් නිදහස් වෙන පුංචි මොහොත අපි දන්න නිවන නම් ප්‍රේමය තුලම ඒක තියෙන මොහොතක් ඔයාටත් උදාවෙන්න ඇති නේද?

    @ Dr. Bo - අම්මෝ මම නම් කරන තරමක් කරල තියෙන්නේ පව් වැඩමයි බෝ... ඒත් මෙහෙම වෙද්දි නම් හිතෙනවා වැරදිලා කරපු පිනක් තමයි පල දීල තියෙන්නෙ කියල... ඇත්තටම ගත්තොත් ආදරය අපට හැම තැනටම නිරපේක්ෂව භාවිතා කරන්න පුළුවන්. මොකද ආදරය ඇති වෙන තාක් අපිට මොනම දෙයක් ගැනවත් හැඟීමක් දැණෙන්නෙ නෑ..

    @ D - මම එහෙම කිව්වද? ඔව් එහෙම තමයි තාමත් ඉන්නේ. බඳින්නෙ මේ සාම්ප්‍රදායික ජීවිතේ හිර වෙන්න නෙවෙයි. ජීවිතේ තවත් සුන්දරව පහසු කරගන්න. ඒ අනුව නම් මොනා හරි වෙයි. හික් හික්... මගේ ජීවිතේ හෙට දවස ලියල නෑ මලේ.. ඒකෙදි හෙට උදා වෙන්නෙ හෙට. ජිවිතේට ලැබෙන විකල්ප හෙවත් options අනුව ජීවිතේ හැමදාම වෙනස් වෙනව නේද... මම නම් මට ලැබෙන විකල්ප අතරින් වඩාත් හොඳම එක තෝරගන්න මැලි නෑ. දැනට මේක විකල්පයක්.. සහ එක අතකින් සමස්ථයක්...:p හික් ඉක්..

    ReplyDelete
  5. හරිම සුන්දර ස‍ටහනක් අපිට වැඩිය මොකුත් කියන්න ඉතුරු කරලත් නැහැනේ...හික් හික්...ඔයාගේ අළුත් ඡිවිතයට සුභ පැතුම්

    සසර සැරිසරන තෙක් ඔබ මගේ?%$^$%^ සසර????හික් හික් හ්ම් හ්ම්

    ReplyDelete
  6. @ Miss. Bo - මේ ලියමන කියෙව්වම ඔබේ හිතේ කොයි තරම් නම් සතුටක් තියෙනවද කියලා දැනෙනවා.

    බොහොම ස්තූතියි. මාව වටහගත්තට.

    ReplyDelete
  7. Me sinduwa wenweemak genane' (Man dennam ahuwe ne, namuth hadawathey andichcha geeyak)

    Yuga ganan pamini maga - Petalila Weradila.........oba magen wenwa giya, dasun ethi mawathey..........

    Umbata saha, umbe kavikara sahakariyata ehema novewa kiya pathanawa, sasara seri sarana thek oba magey unath........"Kususma motada - Lanwee Ron ganna beri"..........

    Mata, me adara andaraya denagath palaweni dawase hithata apu geeya thamai (Ekath Victor ge)..Newum Suwandin Obey Muwa Dutu Raththaran Dawasey................Sithaka adara pethum malpethi, avadiviya rahase.....

    Goodluck Haresh

    ReplyDelete
  8. hehe...pudumai malli...pudumai..........umba gana nemei..........ape nangi gana........hehehe..............ada ude thamai onna ithin mama kathawa danagaththe....habai mata ithin pudumath hithuna ahapu welawe.........hehe...kawuda me eki ekka set wechcha eka kiyala.....monawa wnath ada ude nam mata mara sathutui.....me kathawa hala.......dan thamai me oyage blog eka 1st time baluwe....meka thamai 1st reply eka.....ehenam ithin dennatama mage subapathum.......loku ayya innawa kiyala hithaganin ona dekata......

    ReplyDelete
  9. Aaa...Ekath jayasiri Mangalam kiwwalu ehenam....Adaraya sundarada metharam kiyala dan therenawane malli... :D mage unusum suba pathum oya dennatama...
    harima apurui kavi 2kama...
    Ara sinduwatah man hariiima asai...harima sundarai...
    (kawda bole ara oyata kavi ewwa kavikari?? (eka ahannamai hithenne he he)

    ReplyDelete
  10. පුරස්නයක්.....

    මලී..... ෂුවර්ද?

    ReplyDelete
  11. ඔන්න මමත් දැනුයි දන්නෙ :P

    ReplyDelete
  12. kavi deka kiyawapuwama dennage adarethiyena sundarathwaya watahenawa....e sundarathwaya thawath wadi wenawa victotge sinduwen.... ithin oya dennage sundara adarayata mage hadawathinma unsum suba pathum..

    ReplyDelete
  13. dan ethakota malkavi saha haresh naadayo wennada yanne? ;)

    ReplyDelete
  14. මංගලම් ජය මංගලම්... වේවා සිරි සුභ මංගලම් කියල තමයි ඉතිං කියන්න තියෙන්නෙ...

    තව එකෙක්ට එහෙනම් හරි ගියා ආහ් :P

    කොන්ඩය ගැන පසුව කථා කොරමුකො ඈහ්

    බොන එකටත් කන කොකා හඩයිද දන්නේ නැහැ හාහා මැදැයි කොලා

    ReplyDelete
  15. අම්මේ මේක බෝංචි වැලක් වගේ.. හික් හික්..

    ඔන්න පිළිවෙලින්...

    @ M - බොහොම ස්තූතියි මලී. මේ සසර කියන්නෙ මේ අපි ඉන්න මල මගුලනේ නේද? ඒකෙ ඉන්න තාක් තමයි මේ මගුල් සේරම. හික් හික්...

    @ ජේ - සින්දුවෙ තේරුම නම් මම දන්නෙත් නෑ අයියේ. ඒත් ඒකෙ සංගීතය සහ වික්ටර්ගෙ හඬ භාවිතය උපරිම ලෙස ප්‍රේමණීයයි. ඒක මට වහාම හොයාගන්න ලැබුණා. නැත්නම් වෙන සින්දුවක් එන්නත් තිබුණා ඇත්තටම.. හික් හික්..

    ඔයාගෙ සුභ පැතුමට බොහොම ස්තූතියි. අර රොන් ගන්න සීන්එක කාලයක් පවත්වගන්න ක්‍රමයක් මේ දිනවල සාකච්ඡා මට්ටමින් පවතිනවා.. හික් හික්

    @ d k - බොහොම ස්තූතියි ලොකු අයියේ. කියලම වැඩක් නෑ. ඔයා තමයි එකම පුරස්නෙ විධියට හිටියේ හික් හික්... ඔයාගෙ පැතුම ශක්තියක්...

    ReplyDelete
  16. @ t k - බොහොම ස්තූතියි... ඔයා දන්නෙම නැද්ද එහෙනම්.. චික් මේ කෙල්ලො බබ්බු වෙන්න යන්නෙ ඇයි අප්පා... හික් හික්...

    @ a j - ෂුවර් ෂුවර්...

    @ බෝ - උඹ බබා

    @ ශිවා - හැමදාම රස්ණෙට තියෙයි ම‍චෝ ඒ සුභපැතුමේ උණුසුම.

    @ ඩෑම්ස් - බලමු නරක් වෙලා තියෙයිද කියලා... හික් හික්....

    @ xp - එහෙම වෙන්නෙ නෑ. ඒව පූර්ව අවදියෙදිම ඉවර කරලයි තියෙන්නේ. ඕන නම් අපේ පාටි වලට තව කෙනෙක් එකතු වෙයි... හික් හික්...

    ReplyDelete
  17. @haresh
    Ammooooo dan man dannooooooo...:D oya dennage anagathaya kiriyen paniyen ethirewa!!! sundara wewa!!! (habai koombi kawa kiyanna epa hik hik)

    ReplyDelete
  18. @ ‍ටී.‍කේ. - හික් හික් තෑන්ක්ස්....
    කූඹි ආවොත් විකල්ප ‍‍හොයාගමු...

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!