Thursday, 18 September 2008

මගේ පරිපූර්ණ ප්‍රේමය - now online

මගේ පරිපූර්ණ ප්‍රේමය - now online

අප තුලම අප නසා
උනුන්ගෙන් පුරවා
ලබන සෙල්ලම් වින්දනය
අප අපට අහිමි කරවන බව දැන

පෙර විඳි ඒ විසල්
ලොවට පිදූ ප්‍රේමයත්
දියව ගොස් අප තුලම
ගුලිව හැකිලෙන අරුම දැන

මහා සිතුවිලි දරන්
අ‍ප ගෙතූ කව් පියලි
එකම එක් අබැටකට
අර අදින බවද දැන

පුංචි කව්ලුවක් තුල
දොඩමලුව විකාරව
මකුළුවන් අන් කවුළු
දැල් බඳින බවත් දැන

විමසුවා ඇය මගෙන්
දෑස් හැර බලන්නට
නැවත ලෝකය දෙසම
ගිණි දැලින් අළුව යන

මා සිතූ සියල් දෑ
ඈ ම කී නියාවෙන්
ප්‍රමෝදව ඈ මතින්
මා ද ඈ සිතින් සිඹ

තෙපලුවා රහසින්ම
ඇත්තමයි...
නුඹ මගේ
පරිපූර්ණ ප්‍රේමයයි!





11 comments:

  1. වාසනාව ඇගේ නෙතයි
    මාලිගාව ඇගේ වතයි
    වේදනාව ඇගේ සිතයි
    ආදරයේ කොඩුකාරයෝ

    ඇය සුවදකි ප්රභාත‍යේ
    තුසර බිදකි පුරා හදේ
    ගිනි අවුලකි අගාධයේ
    ආදරයේ කොඩුකාරයෝ

    අඳුරේ රන් තරුව ඇයයි
    රන් තරුවට අඳුර ඇයයි
    මදහස සෝ සුසුම ඇයයි
    ආදරයේ කොඩුකාරයෝ

    මොන තරම් සුපුරුදු උනත් ආදරේට අපි හැමදාම කොඩුකාරයි...............

    ReplyDelete
  2. මම පැය ගානක් කියන දේ ඔයා විනාඩියකින් කවියක් කරනවනේ අප්පා...!

    @ජයා- මම ‍ඉස්සර ඉදන්නම ආස සිංදුවක් ස්තූතියි පද වලට

    ReplyDelete
  3. ආදරයේ කෝඩුකාරයෝ..... ඔව්.....

    ReplyDelete
  4. @ J - හ්ම් හ්ම්.. ඒක හැමදාම අළුත්... සින්දුවෙ වචන ටිකට නම් බොහොම ස්තූතියි...

    @ M - කාටද ආඩම්බර ;)

    @ aj - හික් හික්...

    ReplyDelete
  5. සෑහෙන ලොකු කතාවක් කවියෙන් නියමෙට කියල තියනවා..යන්තම් මකුලු දැල් බැදීගෙන ආපු බ්ලොග් කවුලුවෙ නම් මකුලු කඩල තියනව නේද?

    නියමයි හරේ!

    ReplyDelete
  6. @ බෝ - හික් හික්.. මන්දා අනේ... ඔන්න ඔහොමයි ජීවිතේ... ;)

    ReplyDelete
  7. ඔන්න බලපන් එකෙත් හැටි...ෂිකේ උඹල මේව රහසෙම කරල අවසාන මොහොතෙ අපි හුස්මක් කටක් ගන්න බැරිව ඉන්නකොටනෙ බං දැනගත්තේ...එළ එළ මල්ලි one way ticket තමා ඉතින්...දැන් ඉතින් දිගටම යන එකයි තියෙන්නෙ...යකෝ මේ පුංචි ලංකාවෙම ඉදගෙනත් ‍computer එකකින් love කරන එක හරිද මං කියන්නේ...මොකද කියන්නේ කෙල්ලගෙ පැත්තෙන්ම job එකක් හොයා ගත්තොත්...hikz hikz...

    ReplyDelete
  8. @ සෑම් - කොරන්ට දෙයක් නෑ අප්පා... කොහොමහරි ඔන්න වැජේ හලි. බලමු මොකක්ද වෙන්නෙ කියලා... හික් හික්...

    ReplyDelete
  9. ho hooooooooo....

    dan kavith liyanwanee aahh
    hodai hodai..
    api nam ithin nidasahe innawa dan..hik hik

    ReplyDelete
  10. @ Ravi- ai malli oya hithuwada api den hira wela kiyala.. hik hik oyata weradila....api den oyalata wada nidahas nedda haresh?

    ReplyDelete
  11. @ රවි නම් පොර - ඇට්ටඩ... බලමුකෝ මෙයා ආයෙ නහයෙන් අඬන්නෙ නැද්ද කියලා.. අනේ අපි නම් නෑ ඕවට එතකොට.

    @ පිස්සු මලී - ඇත්ත ඇත්ත සොඳුර.. අර බෝ කියනවා වගේ වැළඳගැනීම් සහ අත්හැරීම් එක්ක ආයෙත් ජීවිතය වගේමයි..

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!