Thursday, 2 October 2008

වැනීම සහ මරණය

මම ඉන්නෙ වැනෙමින්... අද දවසෙ කාර්යාලයේ වුණ සිද්ධියක් නිසා මම සිත් තැවුලෙන්. කාලයක් අපිව දරුවො වගේ බලාගත්ත අපේ බොස්ව එලවීමේ ඉහල කලමණාකාරීත්වයේ කුමණ්ත්‍රණයක අළුයට තිබුණ ගිණි පුපුරු අද මතු වුණා. ඒ ගැන කියන්න කලින් මම අපේ බොස් ගැන කියන්නම්.

අපේ බොස් පොඩි ළමයෙක්. එයා පරිපාලනය ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ. ඒ වුණාට කවුරුත් තම තමන් තමන්ගෙ වැඩේ හරියට කරනව නම් නිසි විධියට වැඩ ටික සිද්ධ වෙනවා ය කියන අරමුණින් එයා අපිට සෑහෙන නිදහසක් දුන්නා. ආයතනයේ වසර පහක කාලය තුල මුලදි ඕක හරියට ක්‍රියාත්මක වුණා. මොකද ආයතනය ඇරඹුමේදිම ඒකට එකතු වුණ සේවක පිරිස තුල හරිම එකමුතුවක් සහ අන්‍යෝන්‍ය වටහාගැනීමක් තිබුණ නිසා. නමුත් කල් යද්දි ක්‍රමයෙන් ඒක වෙනස් වුණා. හිටපු අය යද්දි අළුතෙන් එකතු වුණ අයට ආයතනය පාරාදීසයක් වුණා. ඒ නිසාම එයාල ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන අරගත්තා. ප්‍රතිපලය වුණේ අපිට ක්‍රමයක් පැමිණීම. ක්‍රමය කියන්නෙ වෙනත් ලොක්කෙක් පැමිණිම පරණ කෙනා ඉද්දිම.

අළුත් ලොක්කා රජයේ සහ වෙනත් ඉහල ආයතන කීපයක පරිපාලන තනතුරු දරපු පාලකයෙක්. හැබැයි එයා පාලනය කරල තියෙන්නෙ දරදඬු ආයතන. අපේ ආයතනය අර්ධ ලෙස නිර්මාණාත්මක එකක් වීම නිසාම එයාට අපිව හදාරන්න වුණා මුල ඉඳන්ම. ඒක නම් එයා හරියට කලා. ඊට පස්සෙ එයා පරිගණක පද්ධතිය තුල අපේ වැඩ ක්‍රමවත් කලා. අපට කරන හැම වැඩක්ම සටහන් කරන්න වුණා සහ ඒක හොඳක් වුණා කීප අතකින්.

නමුත් දැන් තත්ත්වෙ වෙනස්. දැන් මේ ලොක්කො දෙන්නා ඉන්නෙ බල අරගලයක... ඒකෙදි නම් දෙන්නා කිසිම ලොකු බවක් පෙන්නන්නෙ නෑ. අපේ භාෂාව තුල නම් ඇරගන්නවා කියල තමයි කියන්න වෙන්නේ.

මේ කතා වැඩක් නෑ... දැන් අපේ පරණ ලොක්කට ඉහලම කලමණාකාරීත්වයෙන් යන්න කියන තරමට තත්ත්වය දරුණු වෙලා. එහෙම වුණොත් මාත් එක්කම ආයතනයේ කීප දෙනෙක්ම ආයතනය තුල රැඳී ඉන්න අදහස අත හරියි...

දැන් මට රස්සාවල් හොයන්න වෙනව. අයෙත් ඉරිදට Sunday Observer ගන්න වෙනව. ජීවත් වෙන්න එපැයි වෙනත් අය වෙනුවෙන්.

බලමු මොකද වෙන්නෙ කියලා.

මම ගියොත්! මගේ මාර්ගගත ජීවිතයත් ඉවරයි. මට කාලෙකට මැරෙන්න පුළුවන්! අයෙ කවද හරි කොහෙන් හරි සම්බන්ධ වෙනකල්.

නමුත් මම හිතනවා එහෙම නොවෙයි කියලා.

6 comments:

  1. මටනම් හොඳට අත්දැකීම තියෙනව රැකියාවල් හැර යාම ගැන. ඒක නිසා මන් කියන්නෙ ඒ ගැන බය වෙන්නෙ එපා ලංකාවේ ඕනේ තරම් ජොබ් තියෙන්ව . ඔයාට වෙන ඔයිට වඩා හැම අතින්ම හොඳ එකක් හම්බ වෙයි. නිදහසේ වැඩ කරන්න දෙන එක අපේ රටට එච්චර ගැලපෙන්නෙ නැහැ. අපේ මිනිස්සු එතකොට එයලගෙ වැඩ කරගන්න මිසක් රැකියාවෙ කටයුතු කරන්නෙ නැහැ. බලා ගන්න සුපවයිසර් කෙනෙක් ඉන්නම ඕඅනෙ අපේ අයට වැඩ කරන්න

    ReplyDelete
  2. oya wage deewal koheth wenawa..... lookaya hithana tharam sundara nahane...baya wenna epa oyaata hoda job ekak labei...ee wagema oyage parana boss tath

    ReplyDelete
  3. පරණ ලොක්කා ගියොත් අස් වෙන එකෙන් , මට නම් තේරෙන්නේ නෑ හරේශ් ඔබ නිවැරදි තීරණයක්ද ගන්න යන්නේ කියලා. ඒත් එක එක්කෙනාගේ දැනීම් තීරණ ගැනීම් සාපේක්ශයිනේ. ඔය රස්සාවෙම ඉන්න ගමන් අළුත් එකක් හොයන්න බලන්න. ඔබ ජීවත් වෙන්නේ ඔබ අවට තව ඔබට බැඳී ඇති පිරිසකුත් සමගයි. එනිසා ජීවිතේට බලපාන තීරණ වලදී තනියම තීරණයක් ගන්න එපා. හොඳට හිතලා බලන්න

    ReplyDelete
  4. @ කට්ටියටම - බොහොම ස්තූතියි. රස්සාවක් නම් හොයාගන්න වෙනව කොහොමත් දැන්. කිලයක ඉඳන් මට හිතිල තියෙන්නේ. ඒත් දැනට මෙතන අවුලක් නැති හින්දා ඒක ගණන් ගත්තෙ නෑ. නමුත් දැන් හොයන්න වෙනව.

    ReplyDelete
  5. මගේ අයතනයෙත් තියෙන්නේ පළවෙනි අවස්ථාවේ කියවෙන විදිහේ පාළනයක් තමන් තමන් කරන වැ‍ඩේ හරියට කරන්න..අපි අපේ ඉහල අයගෙන් උපදෙස් ගන්නේ විශේෂම අවස්ථාවකදි විතරයි..ඒ නිසා නිදහස අතින් අපේ ආයතනයත් ඉහලම මට්ටමක තියෙනවා අනිත් පැතිවලින් කොහොම උනත්...
    අළුත් අය ආයතන‍යේ රටාවට හරියට හුරු ‍පුහුණු නොකරපු එකයි ඔයාලගේ වැරැද්ද..
    කොහොම උනත් මටත් කියන්න තියෙන්නේ බෝ අක්කා කිව්ව ටිකම තමයි..බොස් ගියා කියලා ඔයා යන්න උවමනා නෑහැ..ඒත් රාඡකාරි කරන්න තමන් කැමති විදියේ වටපිටාවක් නැත්නම් වෙන තැනකට යන එක හොදයි එත් හොදම තැනත් හොයාගන්න කම් දැනට ඉන්න තැන අත්හරින්න එපා‍!

    ReplyDelete
  6. mata nam upset ehema kiyaddi..monawa unath mata nam wada karana thanak dala yanna tikak withara amarui..wisheshayen eka bokken kalanam saha eka nisa jeewitheta labichcha dewal thiyenam...mona unath ithin kapili ketili thama owaye thiyena chaterma dewal...oka meheth podu deyak...mehenam thiyena thiyariya ape wade hariyata karamath apita arinna kawru hari enawa nam uta nathi wennama arala dana eka...naththam mehey jeewath wenna baha...pilimalun pitu dakeemey nadi game ekak thiyenne..habai eka karanna puluwan thaman niwaradhi nam witharai....mona unath harey ayathanayak kiyanne henama nadiyata inna oney thanak...kochchara unath kapati wenna wenawa naththam pawathmak naha...habai a ithin ape wada kotasa hariyata karala...

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!