Tuesday, 7 October 2008

අලි පුකෙන් හිඳි කාලය ඉගෙනීම

කියන්න ඕන කරන බොහොමයක් දේවල් අතර ටිකක් පැටලිලා ඉන්න මොහොතක හිතට ආපු දේ සටහන් කරන්න ඕන කියල හිතුණ ක්ෂණයෙන්.

මම මත් වෙලා. මගේම හිත තුල මං මාව මත් කරගෙන. ඒකට ආස වෙන්නත් අරන්. මගේ සාමාන්‍ය ජීවිතය අවුල් නොකරන තාක් මං ඒකට ආස වෙයි. ඊට පස්සෙත් සමහර විට. ;)

මං ඊයෙ හෙවත් 2008.10.06 වෙනිදා ලියපු කවියක් එක වරම පෙන්නනවට වඩා ඒ ගැන සටහනක් මුලින් දෙන්න ඕන කියල මට හිතුණ. සාමාන්‍යයෙන් ඒක කරන්නෙ නෑ මම. මුලින් විස්තර කථනය කරන එක. නමුත් පුංචි අත්හදා බැලීමකටත් එක්ක කරල බලන්න ඕන කියල හිතුණා.

සාමාන්‍යයෙන් එදිනෙදා ජීවියෙදි අපිට නොයෙකුත් විධියෙ අය හමු වෙනවනේ. මේ හැමෝම අපි අර කණ්ඩායම් ‍අනුව හෝ වෙනක් ක්‍රමයක් අනුව හෝ නොවී හෝ තේරුම් ගන්නව. එයා ගොඩක් නරක වැරදි කරන හෝ මොනයම් ම විධියකින් හෝ අපේ විධියට නොගැලපෙන කෙනෙක් වුණොත් අපි එයාව මග අරිනව නේද?

මට හිතෙන්නෙ අපට ලෝකෙ ඉන්න හැමෝගෙන්ම ඉගෙනගන්න යමක් තියෙනව කියල. 99%ක් ම දෙනෙක්ගෙන් අපට ඒ දේ ගන්න බැරි වුණාට අපේ ජීවිතේ වෙනස් කරන්න සමත් බොහෝ දේ බාහිර අය හරහා අපට හමු වෙනව. ඒ ඔස්සේ තමයි කොහොමත් අපි ඉගෙන ගන්නේ. මුලින් අපේ දෙමාපියන්ගෙන්, නෑදෑයන්ගෙන්, ගුරුවරුන්ගෙන් ආදී වශයෙන්. ඒවගේ ‍ඉගෙනීම් හැබැයි අනිවාර්යයයි. ඒ ඔස්සේ හෝ වෙනත් ක්‍රමයක් ඔස්සේ අපි සාමාන්‍ය පුරවැසියෙක් විධියට හිතන්න ගත්තම තමයි ඉගෙනීම අමතක වෙන්නේ.

යම් සාමාජික තත්ත්වයක් තුල අපට තියෙන පිලිගැනීම නිසා හෝ වෙනත් යමක් නිසා යම් යම් දේවල් ගැන අපිට හිතෙනවා මම තමයි පොර කියලා. අනිත් අයට එහෙම නොවෙනවද කියල මම දන්නෙ නෑ. මම නම් මම ම හිතාගෙන ඉන්න ඇතැම් දේවල් සම්බන්ධව තාම හිතන්නෙ පොරක් විධියට. අනිත් අයත් එහෙම්ම ම තමයි මම දන්න තරමින්. මට බොහොම පොරවල් හම්බ වෙලත් තියෙනව තමන් පොර කියල හිතාගෙන ඉන්න. මොනව වුණත් මේ පොරවල් සහ නොපො‍රවල් සියළු දෙනා සතුව අපට ගන්න පුළුවන් සාගරයක් තරම් දේවල් ඇති නේද?

ඒ දේ දැනගන්න අපිට එයාලව සෑහෙන්න තදින් ඇසුරු කරන්න වෙනව. නැත්නම් නිරීක්ෂණය කරන්න වෙනව. ඒකට ඉඩක් නැති තරම් අපි ජීවත් වෙන රටාව අනුව. කොහොම නමුත් මේ විධියට අපිට දේවල් බෙදාගන්න ඉඩක් ලැබෙන්නෙ හරිම සුළුවෙන්.

මම මේ කවිය ලියන්න හිතුවෙ ඔය සියළුම කාරණා ගැන හිතල. නමුත් ‍ඒකට හේතුව ඇරඹුණේ තනි තැනකින්...


අලි පුකෙන් හිඳි කාලය


මා සිතා උන්නේ
මා සප්ත මහා සාගරයත්
නිල් අහසත් කියායි

මට වැටහුණා
නුඹව දැනගත් කල

සප්ත මහා සාගරයේ
මා එක් ජල බිඳක් බව
නිල් අහසේ
එක් වලාකුලක් සේම...


© හරේෂ් එරංග ද සිල්වා
2008-10-06


7 comments:

  1. me kaviya nikan ara issac mahattaya kiwwa wage katawak ne ban..

    sira explanation eka........

    matath oya wage kaalayak tibba......... :D

    habai itin a nisa tamai adatath mehema inne...... nattan itin allagannawath naa.......... yakada kooru ganan kara kara inna wenneeee.........

    ReplyDelete
  2. උඩින් තියන වාක්‍ය පේළියට වඩා කවියට මම ආසයි...!මොකද උඩින් රළු වචන වලින් කියලා තියන දේම කවියෙදි සියුම්ව ‍කියන නිසා....මොනවා උනත් කථාව ඇත්ත..!

    ReplyDelete
  3. හරේ මොන තරම් ඇත්තද, මම මේ කවියටත් වචන වලටත් කැමතියි. බොහෝ අය කරන්නේ, අනුන් තමන්ට වඩා ලොකු වීම ගැන හීනමානයක් ඇති කරගන්න එක කියලා මට හිතෙනවා. ඊට වඩා හොඳයි ප්‍රඥාවෙන් විම්සලා බලලා, එකිනෙකාගේ සාපේක්ෂ බව හඳුනාගැනීම

    ReplyDelete
  4. කාලයක් මන් හිතාගෙන හිටියා මට තරම් කාටවත් බොන්න බැහැ කියල. අනේ හොඳ බේබද්දේක් සෙට් උනාම තමා දැනගත්තේ මන් බොනව නෙමෙයි බොන්න හිත්නවා විතරයි තාම කියල. මන් තාම කාලක් ගහන කාලකන්ණියෙක්. තාම මට බැරිඋනානේ බාගයක් ගහන භාග්‍යවන්තයෙක් වෙන්න

    ReplyDelete
  5. කට්ටියටම විස්කෝතු. හරිම කම්මැලියි අප්පා ටයිප් කරන්න... මුලින්ම කිව්වෙ ඒකයි.

    ReplyDelete
  6. කවුරුත් දන්නේ නැද්ද අපි කියවන් එවා සිංහලෙන් ටයිප් වෙන මෘදුකාංගයක් ගැන. මටත් තියෙන ලොකුම ගැටළුව හිතේනම් ගොඩක් දේවල් තියෙනවා ටයිප් කරන්න තමා කම්මලි

    ReplyDelete
  7. අපිට වඩා තදයෙක් ව හම්බුනාම තමයි අපේ තත්වෙ වැටහෙන්නෙ. හික්! හික්!

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!