Friday, 6 February 2009

එකම කතාවක්

මං දන්නව මගේ ආදරේ මම කියන්න ඕන මේ විධියට නෙවෙයි කියල. ඒත් මං දුප්පත්. මට තියෙන ටික තමයි මේ. මීට වඩා දෙයක් මම දන්නෙ නෑ. මං දන්නෙ නෑ තව දුරටත් ඒකට ලස්සන එකතු කරන්න. මං දන්නෙ නෑ තවදුරටත් ඒක සුමට කරන්න. මං දන්නෙ නෑ ආදරය දිහා ආදරෙන් බලන්න. මං දන්නෙ නෑ තව දුරටත් ආදරේ කරන්න. මට දැණෙන ටික වත් කියාගන්න මට දැණුමක් නෑ.

මං මෝඩයෙක්!

මං ඉගෙනගත්තෙ නෑ.මට ඉගැන්නුවෙත් නෑ. මට ජීවිතේ ගැනත්, ආදරේ ගැනත්, මරණය ගැනත් කියන්න තියෙන්නෙ මං දන්න ටිකක් විතරයි. ඉතිරිවා මං කොහෙන් ඉගෙන ගන්නද? මට ඒවා කියල දුන්නෙ නෑ. මං තරහයි ඒ ක්‍රමය එක්ක. මට ඒක පේන්න බෑ. මට කියල දුන්නෙ උදේම නැගිටල දත් මැදල මූණ හෝදල ඉස්කෝලෙ යන්න. රෑට නිදියන්න. මට මගේ ආදරේ හොයාගන්න ආදරේ කරන්න ඉගෙනගන්න වුණා තනියම. පාරවල් දිගේ ඔයාගෙ අතින් අල්ලන් ඇවිදින අතරෙ මං හීන දැකපු ආදරය ඒකය කියල හිතන්න මං මටම බලකලා. මං ඒ වෙනුවෙන් මාව නැති කරගත්ත. දැන් මට මාවවත් නෑ.

මං දන්නෙ නෑ මගේ ආවේග කියන්න. ඒව මාව විනාශ කරල දානව. මාව පුච්චල දානව අළු වෙනකල්. ඒත් මංවත් මගේ වේදනාවවත් නැති වෙන්නෙ නෑ. මං දැවෙමින් ආයෙත් පණ ගහල නැගිටිනව. මං දන්නෙ නෑ මට දැණෙන වේදනාවෙ තරම හිතාගන්න. මට දැණෙන තරහ, මගෙ දුක මං දරාගෙනයි ඉන්නෙ. හරියට ලොකු යකඩ කිණිහිරක් මගේ පපුව උඩ තියාගෙන ඉන්නව වගේ. ඒක රත් වෙලා මගේ පපුව ගිණි ගන්නවා.

එන්න බිත්තර බදින්න.

මං හිතුව මං මැරෙන්න යනව කියල. ෂික්! ඒකවත් වෙන්නෙ නෑ. මං මහ බූරුවෙක්. මං දන්නව ඔයා ගැන සිතිවිල්ල මට වෙඩි තියනව කියල. ඒකෙන් ගැලවෙන්න මම දඟලනව. මම ඔයාට වෛර කරන්න පටන්ගන්නව. මට පේන්න බෑ ඔයාව. උදේ නැගිටිනකොට ඔයාගෙ ලස්සන ඇස් ය කියල මම හිතාගෙන හිටපු ඇස් වල කබ පිරිල තියෙනව. ඔයාගෙ නහය ලස්සනයි කිව්වට ඒක එහෙම නෑ. මට පේන්න බෑ ඒක. කවුද කියන්නෙ ඔයාගෙ දෙතොල් ලස්සනයි කියල මං වගේ මෝඩයෙක් මිස. දැන් මං ඒක දන්නවා. මට හිතාගන්න බැරි තරම් ගඳ ගහන දේවල් ඔයා තොලගානව. ඔයා ඇවිදින විධිය මට පේන්න බෑ. මට මතක් වෙනව පඹයෙක්. ඔයා පඹයෙක්. ගඳ ගහන මස් ගොඩක්. ඔයාට රවටගන්න පුළුවන් ඕන නෝට්ටුවක් එක්ක ඔයා බුදියනව. ඔය මුදල් එක්ක විවාහ වෙලා. ඒද දැන හෝ නොදැන තාමත් ඔයා එහෙමමයි. ඔයාට ඒක කොයි තරම් ගැලපෙනවද කියල ඔයා දන්නෙ නෑ.

මං දන්නව ඔයා හැරෙනකොට, ඔයාගෙ දහදිය වදිනකොට ඔයා රත් වෙලා කියල. මට මැවෙනව ඔයා ජීවිතේට බය වෙනව. ඔයා විනාශ කරගත්ත ජීවිතේට. හැමදාම ඔයා සතු හැමදේම පවතින්නෙ නෑ. ඔයා දන්නෙ නෑ ඒක. ඔයා මහ ආඩම්බරකාරියක්. මගෙන් ඔයා සතුවුණ කිසිදෙයක් තව දුරටත් ඔයාගෙ නෙවෙයි. මට දැනෙනව ඔයා සතුටු වෙනව. ඔයාගෙ ඇස් සතුටින් දිලිසෙනව. ඔයා බලාපොරොත්තු වෙන මරණය ඔයා ගාවට එනව. ඔයාට අවසානයෙ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒක විතරයි.

ඒක විතරයි ඔයාට සුදුසු.

ඊට කලින් මට නෝට්ටුවක් හොයාගන්න පුළුවන් වුණොත් මම එන්නම්.

8 comments:

  1. මේක වසරකට විතර කලින් මගේ මිතුරෙක් එක්ක එකතු වෙලා ලියපු ගීතයක රැප් කොටස නිර්මාණය කරගැනීම උ‍දෙසා ලියවුණු කටු සටහනක්. සින්දුව නම් හැදුණෙ නෑ. ඒ වුණාට ම‍ට මේ සටහන පරණ ලිපිගොණුවක් ඇතුලෙ තිබිල හම්බ වුණා.

    ReplyDelete
  2. හප්පා..
    කියවපු එක දැනුනා.

    ReplyDelete
  3. ඇයි බං මේ තියෙන්නෙ සිංදුවක්
    ඡේදෙක මුල වාඛ්‍ය දෙක තාලෙට කියල අනික් එවා සිංහල , දෙමල, ඉංග්‍රීසි වලින් කලවමේ වේගෙන් කිවුවම වැඩේ ගොඩ.

    ReplyDelete
  4. අනේ මන්දා බං ආදරේ පුදුමයි.... හිතාගන්න බැරි දෙකේ දෙකේ එවුන් ආදරේ ඉස්සරහ පොඩි එවුන් වගේ හැසිරෙනවා.. ආදරේ ඉස්සරහ මැරයින්ට මැරකම් අමතකයි.... එක අතකට මාර ආතල් තව වෙලාවට ජීවිතේ එපාකරවනවා... රැපක් උනත් නියමයි බොක්ක කූල් වෙන්න වදිනවා....

    ReplyDelete
  5. අම්මෝ.හිර උනා වගේ....මට ඒත් අපේ බෝගෙ කැරපොත්ත මතක් උනා ...පරණ ලියවිල්ලක් උනාට දිරල නොතිබුනු එක ලොකු දෙයක්...

    හරේ කොන්ඩෙ කැපුවළු නේද?? දැන් නියම රාජ්‍ය සේවකයෙක් වගේ ඇති නේ...

    ReplyDelete
  6. hey nice layout machan!.if u put it 2 a rap , it'l b amazin'!

    ReplyDelete
  7. අම්මියෝ.. අනේ මන්දා ඔව්වා..!

    ReplyDelete
  8. කට්ටියටම ස්තූතියි කියෙව්වට. මේකෙ මුල් කොටසක් විතරක් වෙනත් ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා තවත් අරළු බුළු නෙල්ලි කොටස් එකතු වෙලා වෙනත් ගීතයකට යොදාගත්තා. මේක යට ගියා.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!