Tuesday, 17 February 2009

දැල් දැමීම

පුංචි කාලෙ ඉඳන් කියවල විතරක් තිබුණ සංසිද්ධියක් සතියකට විතර කලින් මම අත්වින්ද සජීවීව. බටහිර වෙරල තීරයේ පුංචි නගරයකට ගිය සවාරියකදි මුහුදෙ දැල් දාල මාළු අල්ලන විධිය මම දැක්ක. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ බොහොමයක් දෙනාට. ඒ නිසා මම ඒකෙ තාක්ෂණික දේවල් ගැන කියන්න යන්නෙ නෑ.

මොනව වුණත් එතන හිටපු කෙනෙක්ගෙන් මම දැනගත්තු කරුණු කීපයක් ඒ සිද්ධියත් එක්ක ගලපන්න හිතුවා.

වෙලාව දවල් 1ට කිට්ටුයි. අපි කීප දෙනෙක් වෙරලෙ එහෙ මෙහෙ ඇවිදිමින් හිටිය ටිකක් ඈත දැල අදිමින් ඉන්න අය දිහා බලාගෙන. එතනට නොයා ඉන්න බැරි වුණා මට. ඒ වෙලාවෙ දැල සෑහෙන්න තරමක් ගොඩට ඇදලයි තිබුණෙ. එතන ගැහැණු පිරිමි සෙරම 20කට වඩා හිටිය. දැලේ ලූපයේ කෙලවර මුහුදෙ මීටර 50කට වඩා ඈතින් තිබුණෙ. ඒ වුණාට බොහොම ඉක්මනින් දැල ගොඩට ආවා.

මම හිතපු තරම් මාළු හිටියෙ නෑ. ඒ වුණාට සට සට ගාමින් පණ ගැහෙන මාළු රොත්තක් ඒ දැලේ රැඳිල හිටිය. ඒ අතරෙ බොහොමයක් රිදී පාට අඟල් 6 කට වඩා දිග මාළු. අඩියකට වඩා දිග අය කීප දෙනෙකුත් දැල්ලො කීපදෙනෙකුත් හිටියා. කලබල වුණාම බඩ පිම්බෙන වර්ගයේ පුංචි මාළු හිටිය. මට මතක් වුණේ
Finding Nemo චිත්‍රපටිය. ඒකෙත් ඉන්නවා ඒ වගේ එක්කෙනෙක්.

කොහොම හරි මාළු ටික එතන හිටපු 20-30ක් මිනිස්සු බලන් ඉද්දි විනාඩියකට වඩා දඟලල මිය ගියා. ඒ අර මිනිස්සු 20-30 දෙනත් එයාලගෙ පවල් වල අයත් ජීවත් කරවන්න. මට මොහොතකට හිතුණා මම ලබන කාලකණ්නි සතුට ගැන. ඒත් ඒක එහෙම තමයි. ඒක තමයි ස්වභාවධර්මය. අපි ඒක වෙනස් කලාට තවමත් අපි ස්වභාවධර්මයට යටයි.

මේ මාළු දැල දිනකට කීප වතාවක් එලනවා කියල එතන හිටපු ධීවර මහත්මයෙක් කිව්ව. ඒ වගේම පවුල් 10-15ක් මේ දැල නිසා ජීවත් වෙනවලු. පසුව දැනගන්න ලැබුණා මේ දැල අයිති මනුස්සයෙක් ඉන්න බව. දැල්ලො ටික එයා අරන්. ඉතිරි මාළු ටිකම රුපියල් 2000කට විකිණිලා. එහෙම විකිණුනේ නැති පුංචි මාළු වෙරලෙම ඉතිරි වෙන්න ඇති.

ඒක එතනින් ඉවරයි. මම ලබපු අත්දැකීම එපමණයි. ඊට පස්සෙ මම කැරකෙන්න ගත්තා. කලින් දා සමහර විට අර දැලෙන්ම ගොඩට ආපු පුංචි මාළු තෙලින් කර වෙල අපේ දිව පිනවන්න ගත්තා රසම රස සුදු ළූණු බයිට් එකක් එක්ක. හතරැස් බෝතලයක් රැස් විහිදුවමින් ඉවර වුණා.

ජීවිතේ එහෙමයි. මිනිස්සු දැල් දානවා. ඒ සල්ලි වලින් කාල බීල පවුල් නඩත්තු කරනවා. ගොඩ එන මාළු තෙල් නාගෙන ආයෙත් වෙරළට ගිහින් දැල් දානව බලන්න යන මිනිස්සුන්ගෙ බඩවල් වලට යනවා.

8 comments:

  1. අපෙ පෙරෙතකමට වන්දි ගෙවන්න ඔනි අහිංසක සත්තු

    ReplyDelete
  2. මම දන්න තරමින් වෙරළේ මාළු ඉතුරු වෙන්නේ නැහැ.. මම නම් ප්‍රතිපත්තියක් වශයෙන් දැල් ගොඩට එනවා බලන්න යන්නේ නැහැ.. මොකද උන් සේරම වතුරෙන් ගොඩට ඇවිත් ජිවත් වෙන්න දගලනවා බලන් ඉන්න අමාරු දර්ශණයක්!

    ReplyDelete
  3. ඕක ස්භාවධර්මෙම තමා නේද..අනික ඕක අද ඊයෙ වෙච්ච දෙයක් නෙවෙයිනෙ...අතීතෙ ඉදලම වෙනව...මටනම් හරේ මතක් උනේ මාටින් වික්ක්රමසිංහ මහත්තයගෙ මඩොල් දූව කථාවෙ අර මුහුදු ගියපු කොටස...මම හරි ආසයි ගාලු පැත්තෙ හවසට තියෙන පරිසරයට...මම එන්න කලින් දවස් දෙක තුනක් තනියෙන් ඔය පැත්තකට ගිහින් දවස් දෙක තුනක් ඉදල එන්නම් කියල හිටියට ඒ අවස්ථාව ලැබුනෙ නෑ...නමුත් හරේ අත්විදල තියෙන්නෙ හොද අත්දැකීමක්...සුදුළුනු බයිට් වලට හරෙත් කැමතිද...මම මාර ආස කෑමක්..මතක් වෙද්දි කෙල උනනව...

    ReplyDelete
  4. මිනිස්සු දැල් දානවා. ඒ සල්ලි වලින් කාල බීල පවුල් නඩත්තු කරනවා. ගොඩ එන මාළු තෙල් නාගෙන ආයෙත් වෙරළට ගිහින් දැල් දානව බලන්න යන මිනිස්සුන්ගෙ බඩවල් වලට යනවා.
    "ඉතින් හරේ.... ඕක වෙනස් කරන්න පුළුවන්ද බං... මමයි උඹයි හැම එකාම මෙතන පව් කියලා දාලා කඩේට ගිහින් ආයි මලුවෙක් බැදලා දාගෙන බත් එකක කයි... ඕක තමා බන් අපිට මිනිස්සු කියන්නේ...."

    ReplyDelete
  5. අගන්තුකයා- ඔව් පව් කිව්වාට මමත් ඔයටිකරනවා අනේ මගේ වැදි බණ .. හික්..

    ReplyDelete
  6. @ දිසා & මලී - ඇත්තටම තමන්ගෙ පණ බේරගන්න දුක් විඳින සතෙක් දිහා බලල මම සතුටු වුණේ නෑ. මම ඒක යථාවත් එක්ක කල්පනා කලා.
    @ සෑම් - සුදු ළූනු බයිට් හැදුව කෙනා දන්නවනේ. ;)
    මම තාම මේ ප්‍රාණය කියන දේ ගස් වැල් සහ සත්තුන්ට වෙන වෙනම අර්ථගැන්විල තියෙන විධිය ගැන හිතනවා. ඒකෙද් දැනට නම් මට මුළු ස්වභාවධර්මයම මමත් ඇතුලත් හුදු එක් සමස්ථයක් විතරයි. ඒක ඇතුලෙ අපි නොයෙක් සීමා එක්ක ඉන්නව නේද.

    @ ආගන්තුකයා & දිසා - ඔව් ඔව්... එහෙම තමයි සමහරු කරන්නේ. මම නම් පාපයන් ගනන් ගන්නෙ නෑ. හැමෝම සොබාදහමත් එක්ක අ‍න්‍යෝන්‍ය සහජීවනයක් වගේ එකක් තමයි පවත්වගන්නේ.

    ReplyDelete
  7. අනේ මචන් බයි නැතුව බොන්නේ කොහොමද පව්තියා මොකක් උනත්.

    ReplyDelete
  8. @ ම - අනිවා..

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!