Thursday, 12 February 2009

තාත්තයි මමයි SALE ගියා

අපේ තාත්ත සෑහෙන්න වැඩ කරනව. මේ වියපත් වයසෙදි පවා එයා නිකං ඉන්න කෙනෙක් නෙවෙයි. ගෙදර තියෙන සුළු සුළු වැඩවල ඉඳන් නොයෙක් වැඩ එයාට තියෙනව. එයා කරන වැඩ එක්ක බලද්දි මම එයින් දහයෙන් එකක්වත් කරන්නෙ නෑ. එක්කො පරිගණකය ඉදිරියෙ. නැත්නම් පොතක් බදාගෙන. මම ඒ ගැන කල්පනා කලාමයි හිතුණෙ ඒක බොහොමයක් දෙමව්පියන් සම්බන්ධයෙන් සාමාන්‍ය ඇත්තක් බව. අපේ අම්මල තාත්තල දැන් පවා කරන වැඩත් එක්ක අපට හැරෙන්නවත් බෑ.

හවස තාත්තයි මමයි ගියා බදුළු මහ රෝහලට තාත්තගෙ මිත්‍රයෙක් හම්බ වෙන්න. රෝහල් භූමිය තුල තියෙනවා ජනප්‍රිය ගෘහ විදුලි උපකරණ සමාගමක ජංගම අලෙවිසැලක්. අද මම ඒක දැකපු තුන්වෙනි දවස. මම දන්නෙ නෑ ඒක නිසා රෝහලට අමතර ආදායමක් ලැබෙනවද කියල. කොහොම හරි සනීප වෙලා ගෙදර යන ගමන් බ්ලෙන්ඩර් එකක්, ටෝස්ටරයක් වගේ දෙයක් ගෙදර අරන් යන්න කැමති රෝගීන් ඇති කියල මට හිතුණා.

7 comments:

  1. අර අලෙවිසැල හුඟක් වෙලාවට රෝහල් සේවකයන් හඳහා තියෙන එකක් වෙන්න ඇති. පඩි දවස් වලට එනවා... රෝහල් වලට විතරක් නෙමෙයි වෙන රජයේ ආයතන වලටත් එනවා. "පහසු ගෙවීමට"

    ReplyDelete
  2. ඉහික් ඉතිං ඔබතුමා මොනාද අර ගත්තේ?

    ReplyDelete
  3. සමහර විට ටෝස්ටර් වල අලෙවිය වැඩි කරගන්න රෝහලේ රෝගීන්ට රසවත් පාන් ටෝස්ට් දීමේ ප්‍රචාරණ වැඩ පිළිවෙලකුත් ඇති හරේ දන්නෙ නැති උනාට. එතකොට ඒ ටෝස්ට් රහ වැටිල ගෙදර යද්දි ටෝස්ටරයක් අරන් යනව ඇති.

    හරේගෙ තාත්ත ගැන කියුවම මට මතක් උනේ අපේ ලොකු අම්මලව. අසනීපයකට බෙහෙත් ගන්න ඇවිත් අපේ ලොකු අම්මා කෙනෙක් මේ මෑතක් වෙනකම් අපේ ගෙදර නැවතිලා හිටියා. මේ ඉන්නවා..මේ නෑ. බලද්දි එක්කො මිදුල අතුගානවා..නැත්නම් වල් පැල උගුල්ලනවා.එයාලට නිකම් විවේකෙන් ඉන්නවා කියන්නෙ සෑහෙන අමාරු කාරියක්.

    ReplyDelete
  4. වයසක අය එක්ක අපිට හැරෙන්නවත් බැහැ. අපේ පැත්තේ තාමත් ඇඟ වෙහෙසන වැඩ කරන්නේ අවුරුදු 60 ට වැඩි අය විතරමයි. කොල්ලො එක්කො කොහේ හරි තැනකට වෙලා කියවන එක විතරයි කරන්නේ

    මන් හිතන්නේ දොස්තර කිව්වොත් ටෝස්ට් පාන් කන්න, සුප් බොන්න වගේ දේවල් ඒව හදන්න උපකරන්ත් තියෙන්න එපායැ. ලෙඩා එක්ක යනගමන් ටවුමේ ඕවා ගන්න රස්තියදු උනෑකියෑ. ඒක නිසා ඕකත් සමජ සේවයක්

    ReplyDelete
  5. දෙමව්පියො සහ අපි ඇඟ මහන්සිකරවීම ගැන කියලා තියෙන කතාවනම් හරියටම හරි!

    ආ... බදුල්ලෙ මහරෝහලේ හාලිඇල පැත්තට වෙන්න පාරේ තියෙන තාප්පෙක ඉස්සරනම් ගහලා තිබුණා සිගරට්ටුවක් ඇඳලා බොන්න‍ බොන්න කොටවෙනවා කියලා චිත්‍රයක්. ආ‍යෙත් ගියොත් බලන්න ඒක තවම තියෙනවද කියලා. ‍

    ReplyDelete
  6. මමත් දෙන්නද උදාහරණයක්... අපි කන කඩේ. ඉන්නේ ඔක්කම වයස 65 ට වැඩි අය...ගානට වැඩේ කරගෙන යනවා හැබැයි ටිකක් පරක්කුයි තමා.. අපරාදේ කියන්න අපි වගේ තව 20 විතර දිනපතා එන කට්ටියක් ඉන්නව හරිම සුහදශීලියි එවගේම රසවින්දනය.. පරණ කතා ගොන්නක් එයාලා ලඟ තියෙනවා...

    ReplyDelete
  7. @ ච - මේක හැමදාම තියෙනවා. තාම තියෙන්නෙ ලොරිය පැත්තකින් ඇදපු කූඩාරමක. ඉදිරියෙදි පොඩ් පාටිෂන් කෑල්ලක් හදාගනියි :D

    @ ලී - මම නම් තාම ඕව ගැන උනන්දුවක් නෑ. තාත්ත නම් දෙක තුනක ගාන බලල ඇස් උඩ තියන් හිටිය.

    @ න - වෙන්න ඇති. ලෙඩ්ඩුන්ට නිකං ඉන්න වෙලාවට කියවන්න product catalogs දෙනවලු :P

    @ ම - සමාජ සේවයක්ද කියලත් අහනව. අර අහිංසක රෝගී මිනිස්සු රස්තියාදු නොකර සියලු දේ එකම තැනකින් කරගන්න ක්‍රමයක් හැදීමේ මුල්ම පියවරද කොහෙද? අනික ඔය බඩුමුට්ටු වලට කියෙන කෑදරකම කියන ලෙඩේටත් බෙහෙත් ලැබෙනවනේ.

    @ මමගි - මම ඇත්තටම එක වතාවක්ද කොහෙද දැකල තියෙනවා මචෝ ඔය චිත්‍රය. ළඟදි දැක්කෙ නෑ.

    @ ආ - ඇත්ත. බොහොමයක් වැඩිහිටියො ගාව ජීවි කාලෙක අත්දැකීම එක්ක පරණ රස කතා ගොඩක් තියෙනව. එයාලට කවුරුවත් ඇහුම්කන් දෙන්නෙ නෑ.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!