Tuesday, 3 March 2009

නදීක ජයවර්ධන එක්ක සිහිනයක්

පහුගිය පෙබරවාරි 23 වෙනිද නදීක ජයවර්ධන එයාගෙ පළවෙනි ගීත ඇල්බමය එලි දැක්වුව. අනිවාර්යයෙන්ම යන්න ඕනකම තිබුණත් මට යන්න ලැබුණෙ නෑ. ඒ වුණාට ඇල්බම් එක මට ලැබුණ.

හරිම අපූරු ගීත එකතුවක් කියල මට හිතුණ. හැබැයි සමහර ගීත බටහිර ගීත වල සංගීත කොටස් යන්තමින් අනුකරණය කරල තියෙනව. ඒ නිසා සංගීතයේ genuine භාවයට 100%ක් ලකුණු දෙන්න බෑ. නමුත් ගීත ටික විඳින්න ඒක බාධාවක් නෙවෙයි.

මේ ඇල්බමය සම්පූර්ණයෙන්ම බටහිර සංගීත රටා අනුසාරයෙන් තමයි හැදිල තියෙන්නේ. ඒ වුණාට කන් අඩි පුපුරණ සංගීතයකට වඩා ගිටාරයත් එක්ක මුසු වුණ ලයාන්විත බවක් හැම ගීතයකම තියෙනවා. සංගීතයට ලැදි ඕන කෙනෙක්ට ආයාසයකින් තොරව අහන් ඉන්න පුළුවන්.

මේක නදීකගෙ ජනප්‍රියම ගීතය. තව ඕන අය ඔබනළයේ හොයල බලන්න.





Kiyanna Kiyanna - Nadeeka Jayawardena

6 comments:

  1. හරිම අපූරුයි. මටත් ඕක බලන්න යන්න ඕන වෙලා තිබුණ. ඒත් යන්න බැරි වුණා.

    මේකත් බලන්න.
    http://www.nadeeka.lk/

    ReplyDelete
  2. අනේ ඇත්තම කියනවා නම් මට මේ ඇල්බම් එක ඒ තරම්ම දැණුනේ නෑ.. ‍මම ආස විදියේ එකකට තිබුනේ "කියන්න කියන්න" ගීතය විතරයි.

    ReplyDelete
  3. මේ සිංදුව වෙළඳ දැන්වීමක තිබ්බා නේද

    ReplyDelete
  4. @ ශා - හ්ම්... සයිට් එක තවම සම්පූර්ණ නැතත්. biography එක නම් වැඩ.

    @ ලී - එහෙනම් ඉතිං කරන්න දෙයක් නෑ. කියව කියව ඉමු :D

    @ ම - ඔවු ඔවු... ඒක නිසා තමයි නදීකව අඳුනගත්තෙ බොහොමයක් දෙනා.

    ReplyDelete
  5. "perawadanak nathi" sinduwa thama matanam nagalama giyee :) eke music- KK

    ReplyDelete
  6. පෙරවදනක් සින්දුව මරු.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!