Friday, 20 March 2009

එන්න, කොන්ද පණ නැති ශ්‍රී ලාංකිකයෙක් වෙන්න.

මේ සටහන මතවාදී යුධ බිමේ යුධ වදින රණ විරුවකු‍ගේ තවත් ඒක පාර්ශවීය මානුෂීය මෙහෙයුමකි. එකම වෙනස මින් ජයගත ‍නොහැකි වීමයි.

අනේ මන්ද මට රූපවාහිනී වල තියෙන මල විකාර ගැනම ලියන්න හිතෙන්නෙ ඇයි කියල. ඒකට හේතුව ගොඩක් දරුණු එකක්. ඒක මොකක්ද කියල පසුව කියන්නම්.

අද රූපවාහිනිය බලල මම මට හැමදාමත් හිතෙන ඒත් කවදාවත් කියන්න නොහිතුණ දෙයක් ගැන කියන්න කල්පනා කලා. පවුලේ අනිත් අයගේ හිත සුව පිණිස එයාල බලන නාලිකා බලන්න වෙන තවත් කාලකණ්නියෙක් තමයි මමත්. මට නොදැනුවත්වම මම රූපවාහිනිය අසල රැ‍ඳෙන හැම වෙලාවෙම ඒකෙ යන මල විකාර මගේ ඔළුවට වැටෙනව.

මේ රූපවාහිනී නාලිකා වල පෙන්වන රබර් නාට්‍ය ගැන විතරක් දැනට කතා කලාම ඇති කියල මට හිතුණ. දැන් ලංකාවෙ හැම නාලිකාවකම වගේ රබර් නාට්‍ය යනව. ‍මේව අතරෙ හොඳ ඒව නෑ කියනව නෙවෙයි. ඒ වුණාට මිනිස්සුන්ව ඉන්න තැනින් ඉහලට ගෙනියන ආකාරයේ නිර්මාණ නම් නැති තරම්. මේ කතා මේ තරම් දිගට ඇදෙන්නෙ මේ වගේ.

tvteledrama road

මේකෙ රතුපාටින් පේන ඉර දිගේ කතාව සරලව කියන්න පුළුවන් වුණාට මේ පෙන්නන ඒවයෙ මිනිස්සුන්ගෙ මන්ද බුද්ධික වැඩ නිසා කතාව කියවෙන්නෙ කළු පාට ඉර දිගේ වටේම අරන් ගිහින්.

සරලව වෙන්න පුළුවන් දේවල් මිනිස්සුන්ගෙම ගොං කම් නිසා දිගට ඇදීම මත තමයි මේ කතා මේ තරම් දිගට ඇදෙන්නේ. මේ නාට්‍ය වල මිනිස්සු එකෙකුට එකෙක් විශ්වාස නෑ. සුදු මිනිස්සු නොහිතන මොහොතක කළු වෙනව. කෙලින් තීරණ ගන්න බැරි ගතිය නිසා සරලව වෙන්න තියෙන දේ දිගට ඇදිල රබර් වෙලා නාට්‍ය කාරයව පෝසත් කරනව.

මේ දිහා මිනිස්සු බලන්නෙත් තමන්ට වෙන ගානට හායි හූයි කියාගෙන. අපේ ගෙදර අයටත් වැඩේ තේරුණාට බලන්න වෙන එකක් නෑ. රූපවාහිනිය ක්‍රියා විරහිත කරලත් ඉන්න බෑ. මම ගෙදර අයට කිව්ව මේව බලල සත්තුන්ටත් අන්න වෙනව කියල. තීරණයක් ගන්න බැරිව ලත වෙන කොන්ද පණ නැති පී වර්ගයේ අය වෙනව කියල.

මේ ගැන කාලෙක ඉඳන් කතාවක් යන්තම් තිබුණත් තාම මේ මානසිත අවපාතකරණය බරපතල සමාජ ගැටළුවක් විධියට තේරුම් අරන් නෑ කවුරුවත්. මම කලිනුත් නොයෙක් තැන්වල කියල තියෙනව වගේ අපට ප්‍රභාකරන්ට වඩා සතුරෙක් ඉන්නව. ඒ සතුරා කොයි තරම් කපටිද කියනවනම් එයා අපේ සතුරෙක් කියලවත් කට්ටියට තේරෙන්නෙ නෑ. එයා අපිට විෂ කවන්නෙ සීනි තවරල. සීනි බෝල කන්න මිනිස්සු හරි කැමතියිනේ.

සමහර විට උතුරේ මානුෂික මෙහෙයුමට පස්සෙ ලොක්කන්ට තේරුණොත් තව යුද්ධ කරන්න තියෙනව සමාජය දියුණු කරන්න. දැනට යන්තම් පවතින ඒ යුද්ධයක මමත් යුධ සෙබලෙක් ;) තවත් සෙබලු යුධ වදිනව. සමහර විට එයාල දන්නෙත් නෑ එයාල යුද්ධයක් කරනව කියල. කොහොමත් මේ ‍නොපැහැදිලි සතුරාගෙන් මිනිස්සුන්ව මුදාගන්න පුළුවන් හැම තැනම එයාල සටන් කරනව. බොහෝ විට මට නම් ඒක නිසා හෙම්බත් වෙන එකට වඩා දෙයක් වෙන්නෙ නෑ. නමුත් සෙබලෙක් මිය යන තුරු යුද්ධය නවත්වන්නෙ නෑ.

ඒ නිසා මමත් මේ කිසිම තේරුමක් නැති සටහන දානව.

මේක කියවල වැඩක් නැති නිසා මම මෙතනින් ගත්තු මේක අහන්න. ඒකත් වැඩක් නැත්තං ඉතිං.....




Pitastharaya Kasun Kalhara-The Romantic Opera(New Album)

අවශ්‍ය කෙනෙක් වෙනුවෙන් - මේ සින්දුව උපුල් ශාන්ත සන්නස්ගල මහත්මය ලියපු එකක්. සංගීතය සහ ගායනය කසුන් කල්හාර.

ඒ වගේ තව සින්දුවක් අහන්න මෙතනට යන්න.

14 comments:

  1. මට මෙහෙම හිතෙනවා.. මම පිස්සෙක් නිසාද දන්නෙත් නෑ.. අපිට ජීවිතේට මොකක් හරි 'කික්' එකක් ඕනේ.. නැත්නම් අපිට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ නෑ... අපි ඔය 'කික්' එක ගන්න, මොකක් හරි තැනක් හොයනවා.. මුලු දවසක්ම මහන්සි වෙලා, ඊටත් ඒකාකාරී වුනු ජීවිත වලට , 'මහා සිරා' කතා දිරවන්නේ නෑ.. එතකොට ඔලුව ආපහු මඤඤං වෙනවා.. ඔය යන සිම්පල් කතාවක් බැලුවම හිතන්න දේකුත් නෑ...පොඩි කික් එකකුත් ලැබෙනවා...ඉතිං හැමෝම ඕවා බලනවා..ඒකට කාටවත් දොසක් කියන්න බෑ..

    අපිනම් 'ෆිල්ම්' එකක් හරි, තව ඔය කම්පියුටරේ මොනවා හරි, ගහ ගහ හරි ත්‍රිලක් ගන්නවා..අනිත් මිනිස්සු අහිංසක වින්දනයක් ලබන්නේ ඔය වගේ දේකිනුයි.. ඉතිං ඕවා බලලා හරි , මිනිස්සු සතුටු වෙනවා නම්, මම ඔය වැඩේට විරුද්ධ නෑ..

    ReplyDelete
  2. මමත් මේක ගොඩක කල් ඉදලා කල්පනා කරනව.දැන් මම දේශීය නාලිකා කියල බලන්නේ රූපවාහිනී/ITN ප්‍රවෘත්ති විතරයි,
    ගොඩක් වෙලාවට Discovery,NatGeo,Fox H&E තමා බලන්නේ,ඊට අමතරව CNN,බොලද නාට්‍ය බලලා ඉල්ලන් මානසික ලෙඩ හදාගන්න ඕනෙ නෑනේ

    ReplyDelete
  3. ඔය පවුලේ අනිත් අත කියලා කියන්නේ ගෙදර ගෑනු උදවිය නේ. ඔය කියන ටෙලිනාට්ය වල ඉන්නේ ගෑනු උදවිය නෙමෙයි එළදෙන්නු. කාන්තාවන්ට ගෞරව කල කැකි බව නැති කරගන්නේ ඔය එළදෙන්නු තමයි.

    මොල ගෙඩියක් ඇතිව ඒ මොලගෙඩිත ඉහලින් තියෙන්න කෙලින් කොන්දක් තියන නියම ගෑනු ඉන්නවානම් කාන්තාවන්ට ගරු කරන්න පුලුවන්. එහෙම නැතිව එලදෙන්නුන්ව හුරතල් කරන්න කොටලුවෝ තමයි ලංකාවට මදි.

    ReplyDelete
  4. ඔය හේතුව නිසාම මමත් දැන් රූපවාහිනියෙ බලන්නෙ පුවත් සහ වෙනත් තෝරා ගත් වැඩසටහන් කීපයක් විත‍්රයි. මුල් කාලෙ ටෙලි නාට්ය වල සහ මේ කාලෙ වෙලි නාට්ය වල ලොකු වෙනසක් තියෙනව. මේ දවස් ටිකෙ රූපවාහිනියෙ විකාශය වුණු කන්දෙ ගෙදර වගෙ නාට්යක් බැලුවාම වුණත් ඒ වෙනස හොදින් පේනව. මොකක් හ‍රි අඩුයි කියල දැනෙනව මිසක , ඒ අඩුව මොකක්ද කියල කියන්න නම් මටත් තෙරෙන්නෙ නැහැ.
    ආනන්ද අබේනායක මහත්තයත් කියල තියෙනව මේ දවස් වල ක‍රන් යන නිර්මාණයෙන් පස්සෙ නැවතත් නිර්මාණ කරන්නෙ නැහැ කියල.
    :(

    ReplyDelete
  5. @ පිස්සා, සතුටු වුණාට කමක් නැති වුණත් ඒ තුලින් ඊට වඩා විනාශකාරි නම් ඒ ගැන සතුටු විම සාධාරණ නැහැ නේද?

    මාත් එකඟයි සහෝදරයා, අපේ රටේ මිනිස්සුගේ මානසිකත්වය කලා රසවින්දනය මේ තරම් මොට වෙල තියෙන්නේ ඇයි කියලා මටත් තෙරෙන්නේ නැහැ. කාන්තාවක් කියන්නේ මොට ජාතියක් කියලා කාන්තාවගේ දුක කතා කරන ස්වරූපයෙන්මනේ පෙනවන්නේ. අනේ මන්දා ඉතිං අපේ අය හැම මගුලක්ටම අත්පුඩි ගහන්නේ.

    මාත් එනවා මචං ඔයත් එක්ක සටන් බිමට. ඔහොම යං!

    ReplyDelete
  6. රූපවාහිනිය බලලා ලේ පුච්ච ගන්න එකට වඩා නොබලා ඉන්න එක හොඳයි. ඕකට අමතරව හුඟක් නාඩගම් යනවා රූපවාහිනී නාලිකා වල. ඒත් මේවට සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ ඒ නාලිකා නෙමෙයි. ඒවා බලන අය. බැලිල්ලක් නැත්තන් පෙන්නන්නේ නෑනේ. අපේ අය ඔය ටෙලි නාට්‍ය පෙන්නන්න පටන් ගත්ත දවස් වල ඒවා නොබලා හිටියානම් ඒවා දිගටම පෙන්නන්නේ නෑනේ. වැඩේ තියෙන්නේ අපි ඒවා දිගටම බලපු එකනේ.

    ReplyDelete
  7. සටන් බිමට බැහැලා වැඩක් නෑ බින්කු, මතය වෙනස් කරන්න සූදානම් නැති මිනිස්සු එක්ක.

    ReplyDelete
  8. @ චමිල
    මාත් පිළි ගන්නවා අයියේ, ඒත් එකෙක්ගේ හරි වෙනස් වුණොත් එහෙම?

    ReplyDelete
  9. @ පිස්සා - ඇත්ත.. මහන්සි වෙලා ඉන්න මිනිස්සුන්ට හර බර මහා අමාරු ගැටපද හරියන්නේ නැහැ. නමුත් ඒ වගේම මනස විකෘත්ති කරන ඊ‍ර්ශ්‍යාව තරහව ඔළු ඇතුලට ඔබන දේවල් දීලා හරියන්නේත් නෑ නේද?

    මං හිතන්නේ පහුගිය අවුරුදු 6-7දී අපේ රටේ ටෙලි නාට්‍ය හා රූපවාහිනී වැඩසටහන් වල තත්වය ඉතාමත් නරක ප්‍රපාතෙකට වැටෙමින් තියනවා. පරණ රූපවාහිනී නාට්‍ය වල සරළ වින්දනයක් සමග හොද රසස්වාදයක් මිනිස්සුන්ට ලබාදුන්නා. මතක නම් "බෝඩිම" කන්දේ ගෙදර, ඇල්ල ලග වලව්ව... ආදී ‍නිර්මාණ ‍මේ දවස් වල රූපවාහිනියේ නැවත විකාශය කරනවා. ඒ නාට්‍ය දැන් වගේ ඇදි ඇදි නොගියට අදටත් අපිට සතුටින් රස විදින්න පුළුවන්.
    ඒවා බලද්දි තමයි හිතෙන්නේ දැන් තියෙන්නේ මොන පුන්නක්කුද කියලා..
    අනේ මන්දා පුද්ගලික නාලිකා වලට බැණ බැණ දැන් දැන් රාජ්‍ය නාලිකාවලිනුත් ඒ සෙල්ලමම පටන් අරන් තියන එක හරිම කණගාටු දායකයි.!
    මේකෙන් ‍නිර්මාණ ශක්තිය හීන වෙනවා විතරක් නෙවෙයි හොද නිර්මාණ රස විදිමේ හැකියාව හා මිනිසුන්ගේ නිදහස් ජීවන රටාවට බරපතල විදියේ ඇබ්බැහි වීම් ඇති වෙන්න පුළුවන්..
    ඒත් ඉතිං අනේ මන්දා අපි යුද්ධ කරලා මේවා නතර කරන්න පුළුවන්ද කියලා.. පුළුවන් නම් මාත් එනවා ඔයා එක්ක එක පෙළට හිටගන්න.!

    ReplyDelete
  10. දැන්නම් ඇත්තටම හොද නාට්‍යටයක් එක්නෙ බොහොම කළාතුරකින්...අබා පබා පිනි බිනදු කදුළු බින්දු අනං මනං mega නාටක මහලොකුවට විශව සාහිත්‍ය නිර්මාන වගේ අන්තර්ජාලයටත් දානවනේ අම්මප...මට මතකයි මෑත කාලෙකදි ආපු හොද ටෙලි නාට්‍ය දෙකක්..එකක් අසනි වැසි අනික සද ගල තැන්න..ඔයාල නම් බැළුවද දන්නෙ නැහ නමුත් මම නම් ඒ දෙකම හරි ආසාවෙන් බැළුව...ඒව හැබයි කොටස් 30 කින් 40න් ඉවරයි..1000 යි 2000යි වෙන්නෙ නෑ...දැන් තියෙන්නෙ හරේ අර දෙන්න පුළුවන් සරලව රෑපෙකින් පෙන්නුව වගේ විකාර නාට්‍ය කලාවක්..ඕව පටන් ගත්තෙ ශන්ති වගේ ඉන්දියාවෙ කසඩ ලංකාවට ගෙනල්ල...දුක තමා ඉතින් ...හතිවැටුනට කමන්නෙ නැහැ සටන් කරන්න..අර රගති බසන්ති කියන hindi movie එකේ අවසානෙට කියන ටික පොඩ්ඩක් බැලුවොත් ඒක කොච්චර වටිනවද කියල හරේට තෙරෙයි..

    ReplyDelete
  11. Rang De Basanti තමා නම ..තේරුම Genarations Awaken මගේ හිතේ..

    ReplyDelete
  12. රඟදේ බසන්ති මම ආසම හින්දි චිත්‍රපටියක්. සාමාන්‍යයෙන් මම හින්ද් බලන්නේ නෑ. ඒත මේ චිත්‍රපටියේ පුදුම ජීවයක් තියෙනවා. ඒ ජීවය එක දිඟට රැඳිලා තියෙනවා චිත්‍රපටිය බලලා ඉවර වුනාට පස්සෙත්.

    "වසන්තය මා වර්ණවත් කරන්න"

    ReplyDelete
  13. කන්දේ ගෙදර ඇත්ත්ටම සරල ලෙස ගලායන ටෙලියක් වුනට ඒකෙන් සෑහෙන ලොකු ඒකාලයේ තදින්ම ව්‍යාප්තවුනු තේමාවක් සාකච්ඡා කරනවා... ඇත්තටම දැ නාට්‍ය වලින් සමාජ ප්‍රශ්ණයක් සාකච්ඡා කරනවා... මට නම් කොහොමවත් රූපවාහිනි නැති නිසා මුකුත් බලන්න වෙන්නේ නෑ... ඉතින්.. මම අන්තිමට බලපු හොඳ කතාව... ගල් පිලිමය හා බොල් පිලිමය... කලියුගයත් හොඳයි... නමුත් වික්‍රමසිංහයන් සකච්ඡා කරපු කන්දේ ගෙදරිනුත් කතාකරන ඒ ගැටලුව පෙන්වීමෙහි ලා දුර්වලතාවක් තියෙනව වගේ...

    ReplyDelete
  14. කට්ටියටම ස්තූතියි... මම රංදෙ බසන්ති බැලුවා. මම හිතන්නෙ ෆිල්ම් එකකින් පමණක් විඳිය හැකි හැඟීමක්.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!