Thursday, 26 March 2009

Lage Raho Munna Bhai බාගෙන බැලීම

Lage Raho Munna Bhai කියන්නෙ මම බලපු හොඳම හින්දි චිත්‍රපටි අතරිනුත් හොඳම එකක්. මේක ආවෙ 2006දි. මේකට කලින් Munna Bhai MBBS කියල එකකුත් ආව. ඒකත් මරු. ඒකටත් කලින් කමල් හසන් ඉන්න ඒකෙ දෙමළ පිටපත ඇවිත් තිබුණ. ඒකත් මරේ මරු.

මම Munna Bhai MBBS ගැන කියන්නෙ නෑ. ඒත් Lage Raho Munna Bhai ගැන නම් කියන්නම ඕන කියල හිතුණ. මේක මම මුලින් බැලුවෙ 2007දි විතර. ඒ දවස් වල ඒක තුන්පාරක් විතර බැලුවා එක එක යාළුවො එක්ක. චිත්තර පටි බාන්න අවස්ථාව ලැබීමත් එක්ක ආයෙත් මේක බැලීමේ උවමනාව ඇතිවුණා. පිළිවෙලින් බලන්න ඕන නිසා මුලින් Munna Bhai MBBS බැලුවා. ඒක torrent එකක තිබිලා දවස් එකහමාරක් තිස්සෙ මම බෑවා.

ඒ වුණාට Lage Raho Munna Bhai බාන්න torrent නෑ. තිබුණ එකත් දවස් දෙකක් විතර බෑවිලා 60% විතර නතර වෙලා තියෙනවා දැකලා මගේ හිත දුක් වෙන්න ගත්තා. හොයන්න පුළුවන් හැම තැනම හෙව්වත් හම්බ වුණේ නෑ torrents. තිබුණ ඒවයෙත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කලේ නැති නිසා ඊට පස්සෙ direct links හොයන්න ගත්තා.

Direct links තිබුණෙත් Rapid Share ඒවයි. ඒ ගැන හැමෝම දන්නව ඇතිනේ. මම නම් ආසම නැති වෙලයි හිටියෙ RS වලට. නමුත් Lage Raho Munna Bhai බාන්න වෙන විකල්පයක් තිබුණෙත් නැති නිසා මම වෙන ක්‍රමයක් බැලුවා. පස්සෙ ගුගල් දෙයියන්ගෙ උදව්වෙන් මෙන්න මේ මෘදුකාංගය හොයාගත්තා. මේකෙ නම Rapidshare Auto Downloader. හරිම ප්‍රයෝජනවත් උපාංගයක් වෙනව මට ඉදිරියෙදි. ඔයාලටත් වැදගත් වෙයි. අපට අවශ්‍ය ගොනු වල RS ලිපින මේකට ඇතුල් කලාම මේකෙන් පිළිවෙලින් එක එක බානව. waiting time එකේදි මෙයා වරින් වර request යවල waiting time එක ඉවර වුණ ගමන් ඊළඟ ගොනුව බාන්න ගන්නව. දාගෙන බලන්න. සමහර විට torrents වල seeds නැති චිත්‍රපටි බාද්දි RS links තිබුණොත් මේක වැදගත් වෙයි.

ලගේ රහෝ මුන්නා භායි එකේ කතාව තිර රචනය සංස්කරණය සහ රඟපෑම් ඉතාම ඉහලයි. සංජේ දත්ගෙ රඟපෑමටත් වඩා මම එයාගෙ සගයා සර්කිට්ගෙ රඟපෑමට ආසයි. දෙන්න පොඩි එවුන් වගේ විහිළු කතා කියද්දි පණ යනකන් හිනා වෙන්න පුළුවන්.

මෙතනින් බලන්න ලගේ රහෝ මුන්නා භායි එකේ විස්තර.

මෙන්න මෙතන හොඳ avi පිටපතක් තියෙනව.

මෙතන තියෙන්නෙ mkv පිටපතක්. හැබැයි ඒකෙ ඉංග්‍රීසි උපසිරැසි embedded.

මෙන්න සින්දුවක්.




Pal Pal Har Pal - Lage Raho Munna Bhai

7 comments:

  1. ෂහ් මේක නියම කොමිය. මුන්නාභායි මහත්මාගාන්ධිගේ මාර්ගයේ යන්න පටන් ගන්නවත් එක්ක වන සිදුවීම් පෙළක් නේ. මමත් කැමතිම් චිත්‍රපටයක්.

    ReplyDelete
  2. සින්දුවේ මුලින්ම කියනවානේ පල් ‍පල් කියලා අක්ක කෙනෙක්. අයියත් කියනවා දෙල් දෙල් කියලා. එයත් හරි ආසයි හින්දි ෆිල්ම් බලන්න. දෙන්න ඕන download කරලා.

    ReplyDelete
  3. මහත්මා ගාන්ධිගේ සම්බන්ධයක් කියලා තියෙන හින්දා අනිවා බලන්න ඕනේ, ඉතිං Munna Bhai MBBS එකත් බලන්නද? මං ඉස්සර හින්දි ෆිල්ම් බැලුවට දැන් බලන්නේ නැති තරම් එකම වගේ කථා බහුල හින්දා.

    ස්තුතියි විස්තර වලටත් Rapidshare Auto Downloader එකටත්.

    ReplyDelete
  4. අකමැත්තෙන් වුනත් මාත් බලන්න ඉන්නේ..

    ReplyDelete
  5. මේක බැලිය යුතු චිත්‍රපටියක් කියල මට නිර්දේශ කරන්න පුළුවන්. සමහර විට මගේ රසය හෙණම සාටර් වෙන්න ඇති.

    ReplyDelete
  6. now there are some torrents of Lage raho munna bhai here

    ReplyDelete
  7. වෙලාවක් හම්බ උනාම බලන්නංකෝ.ඉස්තූතියි ඔත්තුවට.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!