Thursday, 9 April 2009

මීඩියා කොහා

මීඩියා කොහා

හැමදාම මේ කාලෙ
මීඩියා පරිපාලනයට බදු දුන්න
අපේ ජීවිත වලට ඉහලින්
මීඩියා කොහා කෑ ගහනවා

අතරින් පතර
පැතිරුණ ගසක අතුපතර
ඇත්ත කොහා
පෙම්වතිය එක්ක පෙම් කෙලිද්දී
ඇන්ටනා ගස් අතර
මීඩියා කොහා
සල්ලි එක්ක පෙම් කෙලිනවා

කොහාගේ සද්දයට නැගිට
සංස්කෘතියේ මගුල සිහි වී
ඔන්න දැන් අපි කඩිමුඩියේ
අවුරුද්දේ සැමරුම වෙන්න
ලෑස්ති වෙනවා....

මීඩියා කොහා එක්ක
අවුරුද්දත් ඔන්න ආයෙමත් ඇවිත්
අපව සමරා යන්න
බලං ඉන්නවා...


ecH on 2009-04-09

6 comments:

  1. ඇත්තටම දැන් කොහා කෑගහන්නේ නෑ නේද? ගිය අවුරුද්දේ නම් අගෝස්තුවේ විතර අපේ ගමේ කොහා කෑගැහුවා මට මතකයි.

    ReplyDelete
  2. හක් හක්. කියන්න ඕනෙ ටික අපූරුවට කියල තියෙනව මොනා වුනත්. ;)
    අපේ පැත්තෙ නම් දැන් කොහා කැ ගහනව මුලු අවුරුද්ද පුරාම.
    කොහාට පිස්සුද නැත්නම් අපිට පිස්සුද මන්ද.

    ReplyDelete
  3. අම්මපා! සහතික ඇත්ත!

    ReplyDelete
  4. @ ෆා - කොහාට දැන් කාලයක් නෑ. විපරිත වෙලා.

    @ ගවේ - දැන් සේරටම පිස්සු

    @ මලී - සහතිකේට තෑන්ක්ස්.

    ReplyDelete
  5. ඇත්ත බං මට කොහෝ සද්දේ නම් ඇහිලා තියෙන්නේ එහෙමත් වෙලාවක තමා ඔඅ කියන තරම්ම කෑ ගහන්නේ නැහැ මචෝ!

    ReplyDelete
  6. මොනා කරන්නද මේක තමා පට්ටපල් ඇත්ත. මටනම් ඔරිජිනල් කොහා කෑ ගහන එකක් අහපු කාලයක් මතක නෑ

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!