Tuesday, 21 April 2009

උත්කර්ෂය

උපන් දා සිට දුටු
නෙත් සිත් පිනවූ සියළු දෑ
සම කර
මවාගන්නට තැනූ
වර්ණවත් සිතුවම
අවර්ණයි

නන් වූ කලා රචකයින්ගේ
කවි කතා නාටක කියවා
විඳින්නට තැතනූ
සිතිවිල්ල
අසම්පූර්ණයි

එක් ඇසිල්ලක
වර්ණවත්ව
එම සිතිවිල්ලෙන්
සංතෘප්ත වූ විට
සැබැවින්ම දැණෙන
නිසල තෘප්තිය හමුවේ


Ech on 21st of April 2009

2 comments:

  1. කවියෙන් කියවෙන ‍උත්කර්ෂය ගැන මට හිතාගන්න වෙයි නේද? :)

    ReplyDelete
  2. ඔව්... මේක ඒක දන්න උදවියට පමණයි!

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!