Sunday, 26 April 2009

යානි සමග සංගීතයෙන් මත් වෙන්න

මේ කියන්න යන්නෙ තවත් ග්‍රීකයෙක් ගැන. ඔහු යානි හෙවත් යානි ක්‍රිසොමැලිස් (Yanni Chryssomallis) මොහු ගැන මෙච්චර කාලයක් මම නොලිව්වෙ ඇයිද මන්දා. කොහොම නමුත් ඔහු නූතනයේ මාව සංගීතයෙන් මත් කරවපු තවත් ලෝක පූජිත සංගීතඥයෙක්. කියන්නෙ නම් ඔහු සංගීතය තනිවම ඉගෙනගත්තා කියලයි.

යානිගේ එක් සංගීත ප්‍රසංගයක වීඩියෝ පිටපතක් යා ටීවී එකේ තිස්ස අයියා මාර්ගයෙන් අපට ලැබුණා වසර කීපයකට කලින්. මාසයක් විතර අපට එපා වෙනකල් ඒ පැය එක හමාරක පමණ ප්‍රසංගය පසුබ්මේ වාදනය වෙද්දි අපි වැඩ කලේ.

පසුව අපට ඔහුගේ ගීත, වීඩියෝ DVD පෙලක්ම ලැබුණා. ඒ වගේම ලංකාවෙ වගේම ලෝකයේත් බොහොමයක් වෙළඳ දැන්වීම් සහ රූපවාහිනී වැඩසටහන් වල පසුබිම් සංගීතයන් ඔහුගේ නිර්මාණ බව අපට දැණුනා. පුරා පැයගානක් සංගීතයෙන් මත් වෙලා ඉන්න ඔහු නිසා අපට පුළුවන් වුණා. ඔහු විශිෂ්ඨයෙක් වෙනව වගේම ඔහුට සහය වෙන සංගීත භාණ්ඩ වාදකයන් වුණත් විශිෂ්ඨයන්. ඒ ව‍ගේම ඔහුගේ ප්‍රසංග අදටත් ලෝකයේ විවිධ තැන් වල පැවැත්වෙනවා වසරකට වරක් හෝ දෙවරක්.

මම වැඩිය කියන්නෙ නෑ. ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්නේ.


Yanni - The Storm


Yanni - Reflections of passion - Royal Albert Hall, London

මේ විකිපීඩියාවෙන්

මේ ඔහුගෙ වෙබ් පිටුව

ඔයාලත් මත් වෙන්න.

11 comments:

  1. අහා... යානි ගේ සංගීතය ගැන කියන්න වචන නැහැ !
    උසස්පෙල කරන කාලයේ යානිගේ සංගීතය මුලින්ම කණ වැටුණ මම මම අන්තර්ජාල සම්බන්ධතාවය ලැබුණු විගස මුලින්ම කලේ ඔහුගේ audio albums ටිකත් concert video ටිකත් බාගත්ත එක.
    සිත සන්සුන් කරන්න යානි ගේ සංගීතය තරම් වෙන දෙයක් නැහැ මට නම්.

    පොඩි නිවැරදි කිරීමක්. යානි කියන්නේ ඔහු පියානෝ වාදනය තනිවම ඉගෙනගත් බවයි. ඔහු අමෙරිකානු විශ්වවිද්‍යාලයක සංගීත උපාධිධාරියෙක්.

    ReplyDelete
  2. නියමයි...

    යානි සමඟ ඉන්න කට්ටියක් නොම්මර එකේ වැඩකාරයො ටිකක් තමයි.
    විශේ‍ෂයෙන් Acropolis සහ Tribute වීඩියො වල හිටපු වයලින් ගහපුකෙනා සහ Tribute එකේ බටනලා ගහපු කෙනා මතක් කරන්න පුළුවන්.

    ඇල්බම් වලින් නම් ඉතින් Devotion තමයි :D

    ReplyDelete
  3. යානිගේ කණ්ඩායමේ ලංකාවේ පොරකුත් ඉන්නවා. මම එක ප්‍රසංගයක වීඩියෝ පටයක දැක්කා. බේස් ගිටාර් වාදකයෙක්

    ReplyDelete
  4. ඒ වයලීන් වාදනය කරන කාන්තාව කැරන් බ්‍රිග්ස්. බටනලා වාදනය කරන්නේ පෙඩ්රෝ යුස්ටාෂේ.
    මේ වගේම දක්ෂ වාදකයෙක් තමා ඔහුගේ ඩ්‍රම්ස් වාදකයා, චාර්ලි ඇඩම්ස්. ඔහුගේ වාදන දැකගන්න පුලුවන් "Live at Acropolis", "Live at Royal Albert Hall" හා "Live ! The Music Event" කොන්සර්ට් වල.

    ReplyDelete
  5. @අරවින්ද
    ඒ බේස් ගිටාර් වාදනය කරන්නේ හුසේන් ජිෆ්රි, "Live ! The Concert Event" ප්‍රසංගයේ. (ජිෆ්රි සම්බන්ධ වී ඇත්තේ මේ ප්‍රසංගයට පමණයි.) උපතින් ලාංකිකයෙක් වන ජිෆ්රි විදෙස්ගතව ජීවත් වන්නෙක්.

    ReplyDelete
  6. ඉන්ද්‍රනාම අයියා යානි ගේ ප්‍රබල රසිකයෙක් වගේ :D

    ReplyDelete
  7. යානිගේ සංගිතය මම ඉස්සර රසවින්දාට ගොඩාක් කල් යනකල් රස විදින්න බැරි වුණා එක්ක. ස්තුතියි මතක් කලාට.

    ReplyDelete
  8. අම්මෝ ඉස්සර ඉදන් තවමත් මං හරි ආසාවෙන් අහනවා. ළගදි ආපු වොයිසස් ඇල්ම් එක හොදයි, ගොඩක් වෙනස්.

    ReplyDelete
  9. යානි ගැනනම් කියලා වැඩක් නැහැ. මන් ගාවත් Mp3 CD එකක් තිබ්බා.
    නියමයි.

    ReplyDelete
  10. මම නම් වැඩිය අහලා නැහැ.. ‍ටිකක් දන්නවා..දන්න ටික උපරිමයි.. යානි ප්‍රවීන්ගේ නම් ලගම නෑයෙක් වගේ පෙන්නේ නම්.. තව ඉස්සරහට මම මීට වඩා දැන ගත්තහම කථා කරන්නම්කෝ...

    ReplyDelete
  11. හැමෝටම ස්තූතියි වචනයක් හරි කියල ගියාට.

    ප්‍රවීන් නම් යානි පිස්සෙක් වගේ තමයි. හරිම සතුටුයි ඒ සංගීතය රසවිඳින්න පුළුවන් වීම ගැන. අර වැරැද්ද පෙන්නුවටත් ස්තූතියි. මම ඒක හරියටම දැනගෙන හිටපු එකක් නෙවෙයි.

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!